කොත්මලේ ඡලාශයේ වේල්ලේ ඇති වි ඇති ඉරි තැලීම් හා පිපුරුම් තත්වයෙන් කොත්මලේ ජලාශයට කිසි අවදානමක් නැති බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.
මහවැලි අධිකාරියට අයත් කොත්මලේ වික්ටෝරියා ජලාශයද පොල්ගොල්ල ජල හැරවුමද (15) දා නිරික්ෂණය කර එහි වත්මන් තත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසිය.
කොත්මලේ ඡලාශ වේල්ලේ ඉරි තැලීම් හා පිපුරුම් තත්වයන් නිසා සමහරුන් බිය පළ කලද වසර ගණනාවක් තිස්සේ මහවැලි අධිකාරිය කළ පරික්ෂණ මගින් ජලාශයේ වේල්ල ශක්තිමත් හා ආරක්ෂිත බව මහවැලි අධිකාරියේ නිලධාරින් තහවුරු කර ඇති බවත් කිසිවකු අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් අමාත්‍යවරයා එහිදි පැවැසිය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොත්මලේ ජලාශයට අවදානමක් නෑ‘
අබේරත්න Monday, 15 February 2016 09:51 PM
ඉරි තැලීම් සහ පැලීම් තිබේ නම් අවධානයෙන් ඉන්න. විශේෂඥ උපදෙස් ගන්න. යමක් සිදුවූ පසු ඒ ගැන අනුන්ට දොස් පවරලා වැඩක් නැහැ. (බ)
කරු ජයසුන්දර Monday, 15 February 2016 10:13 PM
කොත්මලේ ජලාශය ඉදිකරන අවදියේ එය හොද බැම්මක් විය නොහැකි බව එවක සිටි භූ විද්‍යා මහාචාර්ය විතානගේ මහතා කියා තිබුන බැවූ අපට මතක්වේ. (බ)
ශ්‍රීමාල් Monday, 15 February 2016 11:58 PM
වගකීමක් ඇතුව කළ ප්‍රකාශයක්නේ. බයවෙන්න දෙයක් නැතුව ඇති. (නි)
නන්දලාල් - ප්‍රංශය Tuesday, 16 February 2016 01:42 AM
ඉදිරියට එන්න තිබෙන විශාල අනතුරක් වළක්වා ගැනීමට මෙය අවස්ථාවක් කරගැනීම රජයේ පරම වගකීමයි. ජලාශයක වේල්ලක් කැඩීගියොත් ඉන් පිටවෙන අතිමහත් ජලකඳ නැවත්වීමට හැකි ජගතෙක් මේ මිහිපිට නැත. එමෙන්ම පිපිරී ගිය හෝ ඉරිතැලීම් ඇතිවුණ වේල්ලක තත්වය දිනෙන් දින වැඩිවෙනවා මිස ඉබේම යථා තත්වයට පත්වන්නේත් නැත. කොහොම වුණත් කොත්මලේ ජලාශයට කිසි අවදානමක් නැති බවට කියන දේ ඒ විදියටම භාරගැනීම හෝ නොගැනීම මහජනයාට බාරදී රජය නිහඬ වුණොත් එය රටවැසියාට කරන බලවත් මානුෂික අපරාධයක් වෙන්නත් පුළුවන් බව රජය තරයේ සිහියේ තබාගත යුතු වෙනවා. (නි)
කරු ජයසුන්දර Tuesday, 16 February 2016 01:38 AM
සමහරවිට මහාචාර්ය විතානගේ මහතා කිවූ දෙය ඉංජිනියර්ලා ගේ වරදක් කියා හිතන්න පුළුවනි. එය එසේ නොව භූ තලයේ සිදුවන් ඉහල පහල යාම මෙම ස්ථානයේ වැඩිපුර ඇතිවිය හැකි නිසාය ඔහු එසේ කීවේ.(කෞ)
දහම් Tuesday, 16 February 2016 02:16 AM
ආණ්ඩුව වහාම දැඩි අවධානය යොමු කළයුතු කරුණක්. දේශපාලන වශයෙන් සිතා ජනතාව මුලා නොකළ යුතුයි. අනතුරක් වුණොත් වැනසෙන්නේ හැමෝම. (නි)
සරණපාල Monday, 15 February 2016 05:34 PM
කව්ද අනේ මේ සන් ග්ලාසස් එක දාල ඉන්න චන්ඩි මහත්තමය? (බ)
කුමාරසිංහ Monday, 15 February 2016 06:04 PM
ඇති යාන්තම්.... (නි)
යොහාන් Monday, 15 February 2016 07:45 PM
එහෙනම් කමක් නැහැ (නි)