කොත්මලේ ඡලාශයේ වේල්ලේ ඇති වි ඇති ඉරි තැලීම් හා පිපුරුම් තත්වයෙන් කොත්මලේ ජලාශයට කිසි අවදානමක් නැති බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.
මහවැලි අධිකාරියට අයත් කොත්මලේ වික්ටෝරියා ජලාශයද පොල්ගොල්ල ජල හැරවුමද (15) දා නිරික්ෂණය කර එහි වත්මන් තත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසිය.
කොත්මලේ ඡලාශ වේල්ලේ ඉරි තැලීම් හා පිපුරුම් තත්වයන් නිසා සමහරුන් බිය පළ කලද වසර ගණනාවක් තිස්සේ මහවැලි අධිකාරිය කළ පරික්ෂණ මගින් ජලාශයේ වේල්ල ශක්තිමත් හා ආරක්ෂිත බව මහවැලි අධිකාරියේ නිලධාරින් තහවුරු කර ඇති බවත් කිසිවකු අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් අමාත්‍යවරයා එහිදි පැවැසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරි තැලීම් සහ පැලීම් තිබේ නම් අවධානයෙන් ඉන්න. විශේෂඥ උපදෙස් ගන්න. යමක් සිදුවූ පසු ඒ ගැන අනුන්ට දොස් පවරලා වැඩක් නැහැ. (බ)
කොත්මලේ ජලාශය ඉදිකරන අවදියේ එය හොද බැම්මක් විය නොහැකි බව එවක සිටි භූ විද්‍යා මහාචාර්ය විතානගේ මහතා කියා තිබුන බැවූ අපට මතක්වේ. (බ)
වගකීමක් ඇතුව කළ ප්‍රකාශයක්නේ. බයවෙන්න දෙයක් නැතුව ඇති. (නි)
ඉදිරියට එන්න තිබෙන විශාල අනතුරක් වළක්වා ගැනීමට මෙය අවස්ථාවක් කරගැනීම රජයේ පරම වගකීමයි. ජලාශයක වේල්ලක් කැඩීගියොත් ඉන් පිටවෙන අතිමහත් ජලකඳ නැවත්වීමට හැකි ජගතෙක් මේ මිහිපිට නැත. එමෙන්ම පිපිරී ගිය හෝ ඉරිතැලීම් ඇතිවුණ වේල්ලක තත්වය දිනෙන් දින වැඩිවෙනවා මිස ඉබේම යථා තත්වයට පත්වන්නේත් නැත. කොහොම වුණත් කොත්මලේ ජලාශයට කිසි අවදානමක් නැති බවට කියන දේ ඒ විදියටම භාරගැනීම හෝ නොගැනීම මහජනයාට බාරදී රජය නිහඬ වුණොත් එය රටවැසියාට කරන බලවත් මානුෂික අපරාධයක් වෙන්නත් පුළුවන් බව රජය තරයේ සිහියේ තබාගත යුතු වෙනවා. (නි)
සමහරවිට මහාචාර්ය විතානගේ මහතා කිවූ දෙය ඉංජිනියර්ලා ගේ වරදක් කියා හිතන්න පුළුවනි. එය එසේ නොව භූ තලයේ සිදුවන් ඉහල පහල යාම මෙම ස්ථානයේ වැඩිපුර ඇතිවිය හැකි නිසාය ඔහු එසේ කීවේ.(කෞ)
ආණ්ඩුව වහාම දැඩි අවධානය යොමු කළයුතු කරුණක්. දේශපාලන වශයෙන් සිතා ජනතාව මුලා නොකළ යුතුයි. අනතුරක් වුණොත් වැනසෙන්නේ හැමෝම. (නි)
කව්ද අනේ මේ සන් ග්ලාසස් එක දාල ඉන්න චන්ඩි මහත්තමය? (බ)
ඇති යාන්තම්.... (නි)
එහෙනම් කමක් නැහැ (නි)