IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


කොත්මලේ ගොවියෙක් ඇපල් වවයි

කොත්මලේ තිස්පනේ ගම යු.ජි. සෝමදාස මහතා රට ඇපල් ඇටවලින් සිය ගෙවත්තේ සාර්ථක ඇපල් වගා කොට ඇත මේ වගාව ව්‍යාප්ත කිරීමට  ඔහු සැරැසෙයි. වසර හතරකින් පසුව  සරු අස්වැන්නක් ලැබිය. මේ ඇපල් රට ඇපල් වාගේම රසයි. සමහර ගස් වලට දැන් අවුරුදු හයයි  පැළ තවානකුත් තියෙනවා ඇට පැළ කරන්න අලුත් තවානකුත් සොයා ගත්තා. යැයි  සෝමදාස මහතා කියයි.



අදහස් (0)

කොත්මලේ ගොවියෙක් ඇපල් වවයි

මහාචාර්ය බබාසේන Tuesday, 26 June 2012 12:41 PM

රාගල පෙයාස් වගාවත් නැවත ගොඩ ගන්න මේ ගොවි මහත්මයාටම බාරදෙන්න.

:       0       0

ප්‍රභාත් Tuesday, 26 June 2012 01:21 PM

කාලෙකට පස්සේ අපේ අයගේ දස්කම් දකින්නේ ,ඒකටත් මොකක්හරි පනතක් ගෙනේවිද දන්නේ නෑ....

:       0       0

ලසන්ත Tuesday, 26 June 2012 01:23 PM

ඔබ තුමාල වගේ ගොවියෝ තමා රජ කමටත් සුදුසුයි කියන්නේ.....

:       0       0

සුගත් Tuesday, 26 June 2012 12:46 PM

ෆොටෝෂොප් සංස්කරණයක් නෙමෙයි නේද ????????

:       0       0

සම්පත් Tuesday, 26 June 2012 12:47 PM

ලංකාවේ ඕනම දෙයක් වැවෙනවා කියලා තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ......

:       0       0

කමල් Tuesday, 26 June 2012 12:47 PM

එලනෙ සීයේ ඔහම යං ඔහම යං ...

:       0       0

‍රොහාන් Tuesday, 26 June 2012 05:55 PM

මේකත් ආණ්ඩුවට ගනීද?

:       0       0

ලක්මාල් Tuesday, 26 June 2012 01:38 PM

පොරමොලා , ලංකාවේම තමයි. අර පිටකොටුවට ගිහින් පොඩ්ඩක් හොයල බැලුවොත් පෙනෙයි .

:       0       0

රුවන් - නාවාන Tuesday, 26 June 2012 01:44 PM

"පින්වන්ත ගොවි මහතෙක්"

:       0       0

ආරියරත්න Wednesday, 27 June 2012 08:37 AM

නියම වැඩක්.....

:       0       0

ආරියරත්න Wednesday, 27 June 2012 07:58 AM

නියම වැඩක්

:       0       0

සුභාෂිනී Tuesday, 26 June 2012 01:53 PM

සෝමදාස මහත්තයෝ ඔයානම් අදුරට සාප නොකර එක පහනක් හෝ දල්වපු කෙනෙක්...ඔබගේ පහනින් පහන් සිය ගණනක් දල්වන්න ලැබේවා !!

:       0       0

කුමාර Tuesday, 26 June 2012 01:56 PM

මේ වගේ රත්තරන් මිනිස්සු රටට වටිනවා..රජය උදව් කැන්න ඕන...අගය කරන්න ඕන...

:       0       0

චින් Wednesday, 27 June 2012 08:32 AM

ලොක්කොන්ට කොමිස් දිදී ලංකාවට ඇපල් ගෙන්වන බිස්නස් කාරයන් ගෙන් ප්‍රවේසම් වන්න. දන්නෙම නැතුව ඇපල් ගහ විතරක් නෙවි සෝමදාස මහත්තයත් ඇපල් වෙලා තියෙයිද දන්නේ නැහැ.

:       0       0

චින් Wednesday, 27 June 2012 08:40 AM

අවශ්‍ය කෙනෙකුට දැන ගන්න මේ ලියන්නේ. අපි කන සමහර ඇපල් ගෙඩි වල ඇට බාගෙට පලවෙලා තියෙනවා දැකල නැද්ද. මමත් ඒවා පැල කලා . අඩි 2-3 ක් උසට පැල වැවුණ. නමුත් පහත රට තෙත් දේශගුණය නිසා මැරුණා. ඕනෑම කෙනෙකුට මෙසේ පැල කරන්න පුළුවන්. සීතල පළාතක හොඳින් වැවෙයි. හැබැයි ඇට පැල නිසා අවුරුදු ගණනාවක් සාත්තු කරන්න වෙයි ලොකුවෙලා මෝරලා ගෙඩි එනකන් . මෝරපු පිදුණ ගහක් හදා ගත්තට පස්සේ ඇට පැල හදල බද්ධ කරන්න පුළුවන්. ඉබ්බාගමුවේ සම්පත් පැල තවානෙත් ගෙඩි එක්ක ඇපල් ගස් තිබුනා. දැන් තියෙනවද දන්නේ නැහැ.

:       0       2

ප්‍රසන්න Tuesday, 26 June 2012 06:16 PM

අයියේ ඔබ ඇපල් මලක් වාගේ කන්ද උඩරටේ...

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 01:25 PM

සුදු ඇපලුත් හදමු මාමේ.....

:       0       0

ඇටකිච්චා Thursday, 28 June 2012 12:25 PM

නැති ඇපලෙට ලොකු කතා නැතිව තියන ඇපල් රැක ගන්න..

:       0       0

සිසිර Tuesday, 26 June 2012 01:26 PM

හොඳ දෙයක්....ඒත් ඕකට සහයක් ලැබෙයිද දන්නේ නෑ....මොකද ඇපල් ගෙන්නන කොමිස් එක නැති වෙනවනේ.....

:       0       0

නිශා Wednesday, 27 June 2012 09:28 AM

මට නම් මේ ගෙඩිවල නැටි පිහිටලා තියෙන විදිය ටිකක් අමුතුයි වගේ

:       0       0

චන්දන Tuesday, 26 June 2012 01:34 PM

හොද වැඩක්... ඔබට සුභ පතනවා..!!

:       0       0

පුංචා Thursday, 28 June 2012 12:36 PM

ගොඩේ.........ගොඩයි ....

:       0       0

පී එස් කෙටවල Thursday, 28 June 2012 12:49 AM

හොද වැඩක්

:       0       0

ජනක ද සිල්වා Thursday, 28 June 2012 01:42 AM

බලාගෙන ඇපල් ගෙන්වන කට්ටිය ඔය ගස් ටික මරල දාන්න පුළුවන් ...

:       0       0

ගිරිගෝරිස් Tuesday, 26 June 2012 06:29 PM

මම කිව්වා මෙයාට දැම්ම ඕව පෙන්නන්න එපා කියලා.. මදැයි කොලා.. දැං ඉතිං කොල්ලො කුරැට්ටාත් එක්ක දවස පුරා ඔට්ටු අල්ලන්න වෙයි ඇපල් ටික පරිස්සම් කරන්න..

:       0       0

දිල්ෂාන් Thursday, 28 June 2012 01:15 AM

මුළු ලංකාවටම හොද ආදර්ශයක්

:       0       0

සෙනරත් Tuesday, 26 June 2012 01:37 PM

දිනේව දිනේව ලක් පුතුන් දිනේව .තවත් වැඩියෙන් වවන්න දෛර්ය ලැබේව .

:       0       0

අසේල Tuesday, 26 June 2012 02:18 PM

මෙන්න ඒපාර ආචාර්ය වරු වැහි වැහැල...

:       0       0

කමල් Tuesday, 26 June 2012 02:20 PM

සම්පත්, සල්ලි ගහක් එහෙම වවාගන්න පුළුවන් වෙයිද ?

:       0       0

පෙත්තා Tuesday, 26 June 2012 06:35 PM

හෙලයා මහත්තයෝ බෙ‍හෙත් නෙල්ලි හැර ඔබ සදහන් කර අති අනෙකුත් සෑම එකක්ම විවිධ කාලවලදි ශ්‍රී ලංකාවට හදුන්වාදුන් ශාක වර්ග වේ...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 June 2012 01:46 PM

පොරමොලා සම්පූර්ණ නිවැරිදියි. ලක්මාල් වර්තමාන ලෝකෙත් එක්ක යාවත්කාලීන වෙලා නැහැ. ෆෝර්මලීන් දාන්නෙ මස් මාලු වගේ දේවල් වලට. ඒත් වර්තමාන වෙළදපොල ඉල්ලුම අනුව මාලු වගේ දේවලුත් කල් තියා ගන්න වෙන්නේ නෑ ඒවා විකුනනවා. ෆෝර්මලීන් දැම්මෙ ගොඩාක් ඉස්සර. ඒත් එලවලු පලතුරු වලට කවදාවත් ෆෝර්මලීන් දාන්නේ නැහැ. මොකද ෆෝර්මලීන් එක්ක ක්‍රියාකාරී වෙන්න සංගටක තියෙන්නෙ ජීවි දෙයක (මස්,මාංශා) වල විතරයි. ඇපල් වගේ දේවල් කල් තියගන්න වෙනම රසායනික ද්‍රව්‍ය තියෙනවා. ලක්මාල්ට තේරුනා ද....?

:       0       0

ෆාරු Tuesday, 26 June 2012 02:27 PM

නියමයි......

:       0       0

අනා Wednesday, 27 June 2012 09:56 AM

හරි.. දැන් ඇපල් ඇමතියකත් පත් කරගන්න පුලුවන්.

:       0       0

අකලංක ඒකනායක Tuesday, 26 June 2012 06:50 PM

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය...

:       0       0

හරින් ජේ ! Tuesday, 03 July 2012 01:58 PM

"උත්සහවන්තය ජය ගනී " මගේ සුබපැතුම් !!

:       0       0

හෙළයා Tuesday, 26 June 2012 01:54 PM

අපේ රටේ හැදෙන දෙළුම්, බෙහෙත් නෙල්ලි, දුරියන්, පැණි දොඩම්, අට්ටික්කා, සැපදිල්ලා, අලිපේර වගේ ඖෂද ගුණැති වගාවල් දියුණු කළහැකිනම් රටේ බහුතරයකට හැදී තිබෙන ලෙඩරෝග තුරන් කලහැකිය. මිනිසුන්ට එදාවේල කන්ඩ සල්ලි නැතිකොට මොන ඇපල්ද? මෙම ගොවිමහතා අපේ පර්යේෂණ කටයුතුවලට භාවිතා කල හැක. නමුත් මෙවැනි දක්ෂයින්ට ලංකාවේ තැනක් නැත. මොහු ඇමරිකාව වැනි රටක මෙවන් දෙයක් කලානම් අද මෙම ගොවිමහතාට අවශ්‍ය සියලු පහසුකම් සපුරා දී හමාරය.

:       0       0

පියුමි දර්ශිකා Tuesday, 26 June 2012 01:58 PM

හොදයි. නමුත් අවාසනාව ඔබ ඉන්නේ ලංකාවේ

:       0       0

කපිල Wednesday, 27 June 2012 10:06 AM

තෙරුවන් සරණයි

:       0       0

විදුරංග විතානගේ Tuesday, 26 June 2012 02:37 PM

සුභ පැතුම්.. සෝමදාස මහත්ත‍යෝ.. ඇපල් වැව්ව වගේ නෙමෙයි අවසර පත්‍ර ගන්න වෙයිද දන්නෙ නැහැ.. දන්නවනෙ මෙහෙව් රටේ හැටි.. බදු ගෙවන්න හරි වෙයි හොදේ.. බලාගෙන..

:       0       0

හෙළයා Tuesday, 26 June 2012 02:40 PM

ඇපල් වගේ පලතුරු WAX කිරීමට ලක්වෙනවා මෙමගින් ඇපල් ගෙඩියේ නැවුම්බව සුරකිනවා. ලංකා වෙළඳපොලේ ඇපල් සඳහා යුරියා වතුරේ මිශ්‍රකර ඉසීම මගින් සිසිල්ව තබාගැනීම සිදුකරනවා. ලංකාවේ බෙහෙත් නොගහපු ආහාරයක් සොයාගත නොහැකි තරම්ය. අද සමාජයේ ලෙඩ වැඩිවීමට හේතුවද මෙවැනි ආහාරය.

:       0       0

ලක්මාල් Tuesday, 26 June 2012 02:41 PM

ආචාර්ය මහතාවයි, පොරමොලයි .කොහෙද දන්නේ නැ ඉන්නේ.මේක ලංකාව. අවු කන්නාඩි දෙක ගලවල පොළොවේ පය ගහල ඇවිදලා බලන්න.

:       0       0

සුරේකා Thursday, 28 June 2012 07:21 AM

අපේ මිනිස්සුන්ට මොනවද බැරි.අපිට ආඩම්බරයි‍‍...

:       0       0

චානක Tuesday, 26 June 2012 02:06 PM

සුදු ඇපල් නැද්ද...

:       0       0

ෂෙරීෆ් Wednesday, 27 June 2012 10:22 AM

වවන්නෝ දිනන්නෝ......ඇපල්.....

:       0       0

ගාල්ලෙ බෝයි. Tuesday, 26 June 2012 02:45 PM

නියමයි ගොවි මහත්තයෝ....

:       1       0

කුමාර Tuesday, 26 June 2012 02:12 PM

මේ මේ ගොවි මහත්තයෝ වැඩිය සද්දේ කරන්න එපා‍‍‍.....ඕක පවරා ගනීවි..

:       0       0

මහා මොළ කාරයා Tuesday, 26 June 2012 02:13 PM

අනේ අනේ මේ අය පත්තරේවත් හරියට කියවන්නේ නැහැ නේ ඉතින් කොහෙද රටේ ප්‍රශ්න විසදන්නේ. අවරුදු හතරිකින් ඇපල් කෙසේවෙතත් කොත්මලේ ජලාශේ වතුර තියෙන්නේ තව දින 5 කටලු.

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 08:06 PM

ඒ පාර අපේ ගොවියෝ මඤ්ඤොක්ක පදුර සැපදිල්ලා ගහ ගලෝලා ඇපල් වවයිද දන්නෙ නැහැ...

:       0       0

අශෝක Tuesday, 26 June 2012 02:21 PM

හා හා මේව පිටරට සුද්දෙක් එහෙම ඔබතුමාව දැක්කොත් ඉවරයි. ඔබට ජය !!!

:       0       0

මහේෂ් Wednesday, 27 June 2012 10:48 AM

හොද අත්හදාබැලීමක්

:       0       0

මධූ Tuesday, 26 June 2012 03:01 PM

හොඳ පුවතක්..ඔබ තුමාට ජය වේවා !!

:       0       0

කිරිමාටින් Wednesday, 27 June 2012 10:23 AM

ඔයාල දන්නවද "ඇඩිශන් බන්‍ග්ලෝ " එක. ඒ හරියේ ඇපල් වත්තක් තියෙනවා.එතන ඒ ඇපල් විකුණනවා....

:       0       0

වරුණ Wednesday, 27 June 2012 05:43 PM

එල, එල, එල.....

:       0       0

සම්පත් Friday, 29 June 2012 08:24 PM

මෙන්න මිනිස්සු.නියමයි

:       0       0

සෑම් Tuesday, 26 June 2012 02:30 PM

නුවන්, ඔයා ඇපල් වල ගුණ නොදැනීම ගැන මම දුක් වෙනවා.. කරැණාකර ‍සොයා බලන්න..

:       0       0

චතුල වෙරෝනා Tuesday, 26 June 2012 03:14 PM

ඈමති කමක් දෙන්න වටිනවා මාමට අලුතින් දෙයක් හිතුවට.

:       0       0

අසේල Wednesday, 27 June 2012 11:22 AM

මේ ගොවි මහත්තයාගේ ලිපිනය හෝ දුරකතන අංකය ලබා දෙන්න බැරිද අපිට?

:       0       0

චානුක Wednesday, 27 June 2012 06:07 PM

" පින් වන්තයෙක් "

:       0       0

මෙරිල් Tuesday, 26 June 2012 03:19 PM

අගය කල යුතු දක්ෂ ගොවි මහතෙක්....

:       0       0

රොෂාන් Thursday, 28 June 2012 09:53 AM

ඔබ නියම වැඩකාරයෙක්.මෙය තවත් දියුණු කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා!

:       0       0

කේ.කේ. Tuesday, 26 June 2012 03:23 PM

වාසනාවන් ගොවිතුමෝ.....

:       0       0

නලියා. Tuesday, 26 June 2012 08:23 PM

සීයා වැඩකාරයා....

:       0       0

එම්බාම් ගුණේ Tuesday, 26 June 2012 08:27 PM

මට ලක්මාල් අහුවුණොතින් ෆෝමලින් නොදා එම්බාම් කරනවා

:       0       0

මාතරයා Wednesday, 27 June 2012 11:37 AM

අනේ මෝඩ ලක්මාලයෝ, ඇපල් වලට කවුද ෆෝමලින් දාන්නේ

:       0       0

සාලිය Friday, 29 June 2012 09:18 PM

ඔබට ජය හා දීර්ඝායුෂ

:       0       0

හීන් මැණිකා Tuesday, 26 June 2012 02:56 PM

ඇපල් ගෙඩියක් කීය ගානෙද දෙන්නෙ මල්ලියා???

:       0       0

බලගල- දික්වැල්ල Tuesday, 26 June 2012 08:43 PM

ඔබගේ උත්සාහය අගය කරමි. තව තවත් සාර්ථකව දිරියෙන් ඉදිරියට යාමට සුබ පතන්නෙමි..!

:       0       0

රාවනා.... Tuesday, 26 June 2012 03:37 PM

මේක ලංකාව තමයි ලක්මාල්. ඇයි මොකද....? ලැජ්ජද....? තමන්ගෙ මවු බිමට හිනාවෙන ඇනුම්පද කියන ඔබ වගේ දේශද්‍රෝහීන්ට දඩුවම් කරන්න ඕන. ඔබ උසස් පෙල කලා ද....?ෆෝමලීන් ගහල කොහොමද අජීවි දෙයක් කල් තියා ගන්නෙ.....?තමන්ට නැති දැනුමක් ප්‍රදර්ශනය කරන්න යන්න එපා ලක්මාල්. මෙන්න දන් නැත්නම් සොයා ගන්න ෆොර්මලීන් දානවද කියල ඇපල් වලට....

:       0       0

අමරා ඉරංගනී Tuesday, 26 June 2012 09:23 PM

හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ....

:       0       0

රාවනා.... Tuesday, 26 June 2012 02:58 PM

මේක ලංකාව තමයි ලක්මාල්. ඇයි මොකද....? ලැජ්ජද....? තමන්ගෙ මවු බිමට හිනාවෙන ඇනුම්පද කියන ඔබ වගේ දේශද්‍රෝහීන්ට දඩුවම් කරන්න ඕන. ඔබ උසස් පෙල කලා ද....?ෆෝමලීන් ගහල කොහොමද අජීවි දෙයක් කල් තියා ගන්නෙ.....?තමන්ට නැති දැනුමක් ප්‍රදර්ශනය කරන්න යන්න එපා ලක්මාල්. මෙන්න google.lk දන් නැත්නම් සොයා ගන්න ෆොර්මලීන් දානවද කියල ඇපල් වලට....

:       0       0

ඇටිකිච්චී Wednesday, 27 June 2012 12:01 PM

ඇටිකිච්චෝ, මාලු ක්ල තබා ගන්නත් ෆෝමලින් ගහනවලු

:       0       0

නුවන් Tuesday, 26 June 2012 03:05 PM

කාබයිඩ් ලක්මාල් පලතුරු වලටගගග. ෆෝමලින් නෙවි.

:       0       0

රංගම Tuesday, 26 June 2012 09:02 PM

මට පොඩි බයක් තියනවා. අපේ රටේ මිනිස්සු පිටරටින් තග්න ඇපල් කෑවට අපේරටේ අපේ ගොවිමහත්තුරැ වවන ඇපල් කයිද කියලා. සමහර විට ලංකාවේ ඇපල් වෙලදපොලට ආවොත් ලාංකික සමහරක් ඇපල් කනඑකත් නවත්තයි.මේවා ලෝකල් බඩු කියලා. ලංකාවේ වැවෙන ඒවට කොහොමත් තැනක් නෑනෙ. අපේ අඹ පැපොල් අන්නාසි එක්ක ඇපල් දොඩම් විකුනන්න තිබ්බොත් උඩ කමෙන්ට් දාපු කීදෙනෙක් අපේ රටේ ඒවා කයිද. මොනව උනත් මේ ගොවිමහත්තයාගේ උත්සහයට සුබපතමි.

:       0       0

පී.එම්‍.කේ. Tuesday, 26 June 2012 03:48 PM

උත්සාහ වන්තයෙක් ජයගෙන.. මගෙන් සුභ පැතුම්..!!

:       0       0

කිරිමාටින් Thursday, 28 June 2012 03:37 PM

දයා ,සෞදි 2012-06-28 11:43:22 අර 'පියුම් දර්ශිකා ' කීව වගේ මටත් ඔබගෙන දුකයි ,බයයි . ඇයි ..? ඔබ ඉන්නේ ලංකාවේ නිසා . ඔබ බයවෙන්න එපා ...අපි මෙහෙ ඉන්නේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ...අපි මේ අපේ වෙරදී විවේචනය කලට ...අරාබි කාරයන්ගේ වැසිකිලි හෝදන්නේ නැ .....අවා මෙතන අරාබියේ ඉදන් ලංකාවේ අයගේ වැරදි හොයන්න ....!!!!

:       0       0

වසන්ත Tuesday, 26 June 2012 09:15 PM

නියම උත්සාහයක්

:       0       0

චමිලා Monday, 16 January 2017 03:32 AM

අපිට දුරකතන අංකයක් දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

සංජීව Tuesday, 26 June 2012 09:18 PM

කල්පනාවට ඔබට ලැබෙන සොච්චම් සමුර්දිය .................?

:       0       0

කිරිමාටිං Thursday, 28 June 2012 03:39 PM

මට පේන්නෙ මේ ඇටකිච්චා එක්කෝ රසායන වෛද්‍යවරයෙක්.. එහෙම නැත්නම් විශේෂාංග වෛද්‍යවරයෙක්.. නැත්නම් එම්බාම් කරන කෙනෙක්...

:       0       0

සන්ජීව Tuesday, 26 June 2012 10:02 PM

බලාගෙනයි සීයේ ඇපල් නිසා සොච්චම් ‍සමෘද්ධිය...??

:       0       0

පෙරේරා Tuesday, 26 June 2012 10:03 PM

මුලින්ම සෝමදස මහත්තයට සුභ පතනවා... යෝධ ධෛර්යය ලැබෙන්න කියල පතනාව.. ඇපල් වගේම අපට තිබිල නැතිවුණ බිබිලෙ දොඩම් පෙයාස් වගේ දේවලුත් වගා කරන්න..

:       0       0

ලංකා Tuesday, 26 June 2012 10:19 PM

ලංකාවෙ ඇපල් වැවෙන එක හොදයි මෙකද අපේ ‍රටේ විදේශ විනිමය ගොක් ඉතිරි කරගන්න පුළුවං.. අපි ගොවි මහත්තා ධෛර්යමත් කරමු.. ඒ ව‍ේගම අපේ දේශීය පළතුරැ වලටත් තැනක් දෙමු.. මොද ඒවායෙ ඖෂධිය ගුණයක් තියෙනවානෙ.. හැමදාම පිට රටින් ගෙනල්ලා කන්න දිව දික්කරන් ඉන්න එපා. එකක් ඒවට කල් තියාගන්න දාන රසායනික ද්‍රව්‍ය ශරීරයට හානි දායක ඒවා බොහොමයක් පිලිකා කාරක ඒවායේ නියම පර්යේෂණ වාර්තා එළියට දෙන්නෙ නැහැ. සල්ලිවලින් යට ගහල තියෙන්නෙ.. ලක්මාල් කියන්න ගිය දේ හරි.. ඒත් නම වෙනස්.

:       0       0

අසෝක Tuesday, 26 June 2012 04:02 PM

ඔබල නොදන්නව උනාට...

:       0       0

පුෂ්පා Tuesday, 26 June 2012 03:27 PM

නියම උත්සාහයක්...මගේ සුභ පැතුම්

:       0       0

කින් බෙනට් Tuesday, 26 June 2012 10:05 PM

එක ගහක තියෙන ඇපල් ගෙඩි 3 ක් දැකල අපේ කට්ටිය ගිහින් තියෙන දුර .......කවුද දැකල තියෙන්නේ ලංකාවේ සුදු වම්බොටු ? අපේ ගෙදරත් තියෙනවා සුදු වම්බොටු ගහක් ..

:       0       0

ෆ්ෂර් Thursday, 28 June 2012 10:21 AM

ලංකාවට හොද කාලයක් මොකටද රටින් ගේන්නෙ.. දැන් වවමුඅ රට හදමු....?

:       0       0

ලහිරු Wednesday, 27 June 2012 12:10 PM

නියමයි !!

:       0       0

මහිම Wednesday, 27 June 2012 12:11 PM

නියම වැඩක් තමයි මේක දිගටම කරගෙන යන්න....

:       0       0

මහිම Wednesday, 27 June 2012 12:12 PM

නියම වැඩක් තමයි මේක..දිගටම කරගෙන යමු...

:       0       0

පිනා මාමා Tuesday, 26 June 2012 11:02 PM

ජනාධිපති තුමනි මේ වගේ සොමදාසල කෘෂිකාර්මික අධ්‍යක්ෂක කෙනෙක් කරන්න ..

:       0       0

චූටි බබා Tuesday, 26 June 2012 11:15 PM

ජයවේවා ! මම කවදාවත් ගෙදරට රට ඇපල් ගේන්නේ නැහැ . මොකද අවයේ කල් තියාගන්න බෙහෙත් ගහල තියෙන්නේ .තව වවන්න . ගාන කීය වුනත් ගන්නවා . චිරන් ජයතු .

:       0       0

තරුෂ Wednesday, 27 June 2012 01:07 PM

මේකට අපේ අය සම්බන්ධ කර නොගන්නවානම් ඔබ තුමාට හොඳ වේවි..

:       0       0

ඇපල් අය්යා Tuesday, 26 June 2012 10:36 PM

සරු අස්වෙන්න කිව්වේ මේ ගෙඩි 3 ට වෙන්න ඇති නේද ?

:       0       0

සේනානායක Tuesday, 26 June 2012 10:43 PM

බලාගෙන මීට කලින් අර කඳපොල ගොවියට කලා වගේ .දීලිර බෝකරවී ..පොහොර දෙනවා සහනාදාර දෙනවා කියල .

:       0       0

සිරිපාල Tuesday, 26 June 2012 04:34 PM

එහෙනම් ඇපලුත් වවල පෙන්නුව නේද??? හොඳයි හොඳයි...

:       0       0

අයියෝ Wednesday, 27 June 2012 08:46 PM

අපල් ගෙඩි දෙක නම් ෆොටෝෂොප් වගේ...

:       0       0

රසික කටාර් Tuesday, 26 June 2012 04:10 PM

අගය කල යුතු දක්ෂ ගොවි මහතෙක්,ඒ මභතාව සුදු වෑන් ඵකට නොපෙනේවා

:       0       0

සම්පත් Saturday, 30 June 2012 08:46 PM

සුදු වැන් එකකින් උස්සයිද දන්නේ නැහැ ...බිස්නස් කාරයින්ට වින කරනවා කියල .

:       0       0

"මිනිස්සු " Tuesday, 26 June 2012 10:57 PM

" රත්තරන් මිනිස්සු "

:       0       0

රථාචාර්ය මාතලී Wednesday, 27 June 2012 08:30 PM

මරුනේ, මේක දියුනු කලොත් ඇපල් කතහැකි ලක් පොළොවේ වැවෙන. අපේ ලොක්කත් ලංකාවට එන්න ඕන කියයි ඇපල් කන්න!

:       0       0

සිරිල් Friday, 29 June 2012 03:47 PM

අලුත් අලුත් දේ සොයමින් රට නගන ගොවියන්.......

:       0       0

හේමන්ත Tuesday, 26 June 2012 04:19 PM

සැම් ඔබ හරි ..මේ රටේ හුඟක් ඉන්නේ පෙරේරා ... නුවන් වගේ ගෙයි ගෙම්බෝ.... ඇපල් බොහෝ ලෙඩවලට ගුණදායක බවට මම අන්තර්ජාලෙන් දැකල තියෙනෙව.... උවමනාවට වඩා දේශීයත්වය හිතට ගත්තම ඔහොම වෙනවා.... මේ ලෝකේ තියෙන ගස් කොලන් ලෝකේ හැම කෙනෙක්ටම අයිතියි ....හැම නිර්මාණයක්ම සකල ලෝක වාසීන්ටම අයිතියි ...මිනිස්සු හිතන්න ඕනේ විශ්වාන්තරව... එහෙම හිතපු යුරෝපයේ විදයාඥයෝ නිසා තමයි අද අපි ලෙඩකට බෙහෙතක් ගන්නේ ..... නුවන් වගේ අය නිසා අපේ ජාතිය වඳ වීම වේගවත් වෙනවා...නුවන් පතෝල ගැන හරියට දන්නෙත් නැහැ ..... සිංහල , දෙමල , චීන, ඉතියෝපියානු, රුසියානු, ජර්මානු, ගෝතමාලා, ටිම්බක්ටු පලතුරු එළවලු ලෝකයේ නැති බව මෝඩ ප්‍රතිචාර දාන සියල්ලෝ දැනගනිත්වා...

:       0       0

ඉන්දික බීජී Tuesday, 26 June 2012 04:59 PM

සුභ පැතුම මගෙන්

:       0       0

ශ්‍රී ලන්කන් Tuesday, 26 June 2012 11:39 PM

අනේ මිනිස්සුනේ, මේ මනුස්සය ඇපල් වැවුවේ අවුරුදු 18කට කලින්. මම මෙයාගේ ගෙදරට ගිහිල්ල ඇපල් ගහ දැකලත් තියෙනවා. මෙයාගේ රස්සාව මල් පැල තවානක් තවානක් පවත්වාගෙන යාම. ඔය කියන කිසිම යකෙක් මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්නේ නැහැ. නැත්නම් මෙලහකට අපි ඇපල් රට පටවනවා.

:       0       0

දයා ,සෞදි Thursday, 28 June 2012 11:43 AM

අර 'පියුම් දර්ශිකා ' කීව වගේ මටත් ඔබගෙන දුකයි ,බයයි . ඇයි ..? ඔබ ඉන්නේ ලංකාවේ නිසා .

:       0       0

කපිල Thursday, 28 June 2012 04:25 PM

එල, එල, එල

:       0       0

එම් ෆව්මි Thursday, 28 June 2012 11:13 AM

නියමයි සෝමදාස මහත්ත‍යෝ ඔබ නියම ‍ගොවියෙක්...

:       0       0

සුදු මාටින් Wednesday, 27 June 2012 02:35 PM

කිව්වත් වගේ මේක අනෝදා ගහක්නේ..කවුද ඇපල් එල්ලුවේ....

:       0       0

ඇටකිච්චා Tuesday, 26 June 2012 04:53 PM

සැත්කමට උපකරණ ජීවානුහරණය කිරීමත්, රුධිරය පිරිසිදු කරන උපකරණවල විෂබීජ නැසීමටත් ෆෝමලින් යොදා ගනී. Hyperhydrosis රෝගයට (වැඩිපුර දහදිය දැමීමට) ප්‍රතිකාරයක් ලෙසද ෆෝමලින් ආලේපය යොදා ගනී.. බොරැනම් හොයල බලන්නකෝ.. නොදන්න දේ නොකියා සිටීමත් පණ්ඩිතකමකි.

:       0       0

ගයාන් Tuesday, 26 June 2012 04:56 PM

සොමදාස ගොවි මහත්තයො ඔබ තුමාට ජයෙන් ජය...!! මේක දෑකපු ගමන් පුදුම සන්තොසයක් හිතට දෑනුනේ.. මම ඒවගේම තව එක දෙයක් කියන්න ඔනී. මේක දෑක්ක ගමන් කෘශිකාර්මික මහාචර්යවරු එයි පර්යෙශන කරන්න කියලා. ඉට පස්සේ සුද්දො අවිත් තව පර්යේශන කියලා වගාව වඩීකර ගන්න කියල නිකන් වෑඩි දියුනු කරපු ඈපල් පෑල නිකන් දේයී.මම මේහෙම කියන්නෙ ඔයිට ඉස්සල්ලා ලංකාවේ ඇපල වගා කරා ඇපල් සොයිසා කියල එක්කෙනෙක් ඉටපස්සෙ ඔස්ට්‍රලියාවෙ ඉදන් අපු සුද්දෙක් දීපු ඇපල් ගස් වගයක් හිටවලා එයාගෙ ඔක්කොම වගාව නෑතී උනා. එක හන්දා මොන යාකා අවිල්ල නිකන් දුන්නත් මොනවත් ගන්න එපා. මේ රත්තරන් පොලවේ වැවෙනේ නෑත්තේ මොල්ගහ විතරයී

:       0       0

රන් මැනිකා Tuesday, 03 July 2012 06:04 PM

ඈ බං මලයෝ ඕව උයන්නෙ කොහොමද?

:       0       0

ඉසුරු Wednesday, 27 June 2012 02:38 PM

නියමයිනේ...

:       0       0

ඉන්දික Tuesday, 26 June 2012 05:40 PM

මෙවන් ගොවිමහතුන් රටට සම්පතක්.. ගොවි පර්යේෂණ නිලධාරින්වත් නොකරපු දේවල් මේවා.ගමු ඉහළට රට වෙනුවෙන්.. ඔබට ජය.. රටට අපේම ඇපල්..

:       0       0

අජිත් Tuesday, 26 June 2012 12:11 PM

ලොකු ඇපල් ගෙඩි..ඕස්ට්‍රේලියාවෙවත් නෑ මේ තරම් ලොකු ගෙඩි....

:       0       0

රවීන්ද්‍ර Tuesday, 26 June 2012 05:01 PM

අනේ ‍අපේ ජේ ආර් මහත්තයගෙ කාලෙත් හැදුවනෙ කෙනෙක්.. ඒවා විනාශ කලානෙ ඕස්ට්‍රේලියාවෙන් විශේශඥ‍යෝ ඇවිත්..අනේ ‍එහෙම වෙන්න එපා...

:       0       0

දනවර්ධන Tuesday, 26 June 2012 12:51 PM

නියම වැඩක් සෝමදාස මහත්තයෝ . ඔබ තුමා මේක සාර්ථකව කලොත් , අපිට ගොඩක් පිට රටට යන සල්ලි ඉතුරු කරගන්න පුළුවන් . මීට අදාල මන්ත්‍රී වරුන්ගෙන් ඔබ තුමාට උපරිම සහයෝගය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා .

:       0       0

ආචාර්ය කසුන් පෙරේරා Tuesday, 26 June 2012 12:51 PM

අපිට පුළුවන් ඇපල් ගෙන්නන්න යන වියදම අඩු කරන්න. එක අපේ ආර්ථිකයටත් හොදයි

:       0       0

වාසල දයාරත්න Tuesday, 26 June 2012 12:54 PM

" රත්තරන් මිනිස්සු "

:       0       0

දිමුතු Tuesday, 26 June 2012 12:16 PM

හොඳ උත්සාහයක් . කෘෂි ඇමතිතුමා සහයෝගය දෙයි.....

:       0       0

Thursday, 28 June 2012 11:29 AM

මාසික ඵලධාව ගෙඩි කීයද ????

:       0       0

ඩී එස් Tuesday, 26 June 2012 01:00 PM

මෙන්න නියම සුපිරි තරුවක් . ඔබතුමාට ප්‍රණාමය.

:       0       0

අභිලාශිනී Tuesday, 26 June 2012 05:17 PM

වින ගොවි රජෙක්.. හැමෝටම ආදර්ශයක්..

:       0       0

ලක්මාල් Tuesday, 26 June 2012 01:01 PM

ඉතා හොදයි...ඉතාම හොදයි.. සල්ලි දීල ෆෝමලීන් ගහපු ඇපල් කනවට වඩා කොත්මලේ ගිහින් හරි මේවා කන එක ඇගට ගුණයි. නියමයි සෝමදාස මහත්තයෝ

:       0       0

නාපොලි කොල්ලා Tuesday, 26 June 2012 01:02 PM

පුදුම වෙන්න දෙයක් නැහැ කාලගුනෙත් උඩු යටිකුරු වේගන එන කාලේ!

:       0       0

නාපොලි කොල්ලා Tuesday, 26 June 2012 01:02 PM

පුදුම වෙන්න දෙයක් නැහැ කාලගුනෙත් උඩු යටිකුරු වේගන එන මේ කාලයේ !

:       0       0

ලක්ප්‍රිය Tuesday, 26 June 2012 01:02 PM

ඉතා ශ්‍රේෂ්ට මිනිසෙක්. මොහුට සහයෝගය දීම සම්භන්දව රජයට දැඩි වගකීමක් ඇත

:       0       0

එස්.පී.ජී Tuesday, 26 June 2012 06:01 PM

යන්තම් අති දැන් ඇපල් මලුත් බලාගන්න පුළුවං.....

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 26 June 2012 12:25 PM

ශා බොහොම අගෙයි i !! වවන්නෝ දිනන්නෝ....මගේ සුභ පැතුම් !!!!!

:       0       0

තාරක Wednesday, 27 June 2012 10:28 PM

හොදයි...

:       0       0

නුවන් Tuesday, 26 June 2012 01:05 PM

හොද උත්සායහක්... සුභපැතුම්! ඒත් දෙල් වලටත් පතෝලවලටත් නොදෙවනි ගුණත් නැති රහත් නැති ඇපල් නොවවා වෙනත් දෙයක් ගැන ඔබතුමාගේ අවධානය යොමු වුනානම්?

:       0       0

පිනා Thursday, 28 June 2012 12:25 PM

ඇපල් වගාව දියුණු රදන්න කෙසේ වෙතත් මේක ඉක්මටම නැති කරන්න බලයි.. මොකද ලංකාවෙ ඇපල් සාර්ථක උනොත් ආනයනකරැවන්ගේ ආදායම වැටෙනවානේ...

:       0       0

ෆ්රාන් Wednesday, 27 June 2012 01:36 AM

මගේ උත්තමාචාරය මහත්තයෝ‍‍....

:       0       0

මොහෝ Tuesday, 26 June 2012 12:28 PM

ගොයියෙක් නෙමෙයි නියම ගොවියෙක් ...හැමෝම මොහුට උදව් කරත්වා !!!!

:       0       0

එස්.රෙජිනෝල් Tuesday, 26 June 2012 12:29 PM

හොඳ උත්සාහයක්,රටට ආඩම්බර විය හැක් පුරවැසියෙක් , රජයේ අනුග්‍රහය මත දිරි ගන්වන්න ඕන , ඔබ තුමාගේ උත්සාහය අතිසාර්තක වේවා !!

:       0       0

ලංකා Tuesday, 26 June 2012 12:29 PM

නියම වැඩක්, අගය කරන්න ඕනි ..

:       0       0

මාලී Wednesday, 27 June 2012 03:02 AM

ඔබ ඇපල් මලක් වාගේ... ලස්සන වසන්ත කාලේ...

:       0       0

ගමගේ Wednesday, 27 June 2012 03:29 PM

නියමයි !!!!!

:       0       0

දමිත Tuesday, 26 June 2012 05:32 PM

ඇත්තටම මේ ගොවිමහත්තයා අපේ රටට ආඩම්බරයක්..

:       0       0

මෑන් Tuesday, 26 June 2012 01:13 PM

නියම වැඩක්.. දේශපාලන උදව් නම් බලාපොරාත්තු වෙන්න එපා..

:       0       0

සිල්වා Tuesday, 26 June 2012 01:13 PM

ඔබ දක්ෂ ගොවි මහතෙක්.ඇපල් වගා කරන අතරේ දේශීය පළතුරු වගාකරන්නත් අවධානය යොමු කරන්න.ජය වේවා !!

:       0       0

ඇටකිච්චා Tuesday, 03 July 2012 12:17 PM

අනේ මටත් ආචාර්ය කෙනෙක් වෙන්න ඇත්නම්..

:       0       0

උපාලි Tuesday, 26 June 2012 12:35 PM

උත්සාහය අගය කරමි....වාසනාවන්.....

:       0       0

පොරමොලා Tuesday, 26 June 2012 12:36 PM

ලක්මාල්... ඇපල් වලට ෆොර්මලීන් දාන්නෙ මොන රටේ ද කියල පොඩ්ඩක් කිව්ව නම්......

:       0       0

හොද පුතා Tuesday, 26 June 2012 05:41 PM

ඔබ තුමාගේ අව්‍යාජ ගැමි පෙනුම මේ විස්තරය වගේම ලස්සනයි. අහන්නත් දකින්නත් ආසයි. ඔබ තුමාට ජය. ඔන්න බලධාරින්ට වැඩක් කරනවා නම් අත දෙන්න හොඳ අවස්තාවක්

:       0       0

ෂෆිර් Tuesday, 26 June 2012 06:20 PM

නියමයි.. ගොවිමහත්තයෝ... නියමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 93 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2230 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 691 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site