IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘කොතැන සැමරුවත් මැයි දිනය සාර්ථකයි‘

රටේ කම්කරු ජනතාවත් තමුන් සම්බන්ධවෙලා ඉන්න දේශපාලන පක්ෂවල හිතවතුනුත් නොයෙක් ස්ථානවලට රැස්වෙල මෙවර කම්කරු දිනය සැමරුවා. කොතැන මැයි දිනය සැමරුවත් ඉතා සාර්ථකව සැමරුවා. එයින් පෙනී යන්නේ මේ මැයි දිනයේ තිබෙන වැදගත්කම හැමකෙනාම තේරුම් අරන් තිබෙන බව යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

අද (10) නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව කී ඇමැතිවරයා ශ්‍රීලනිපය මැයි දිනය දෙපළක සැමරූ බවත් එසේ සැමරීමෙන් පසු නිදහස් පාක්ෂිකයන් කාගේත් යම් යම් අදහස් තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව අපේ ඔළුවලට හිස්වලට ඇතුළුවී තිබෙන බවද කීවේය.

 

IMG_0679



අදහස් (0)

‘කොතැන සැමරුවත් මැයි දිනය සාර්ථකයි‘

පී. ඉලංගරත්න Tuesday, 10 May 2016 11:46 PM

කම්කරු දිනය සාර්ථක වෙන්න ඔබතුමන්ලා කළේ මොනවද? (නි)

:       0       0

ප්‍රබෝද Wednesday, 11 May 2016 12:01 AM

කම්කරු දිනය කම්කරුවන්ගේ බදු මුදලෙන් යැපෙන අය තම තමන්ගේ දේශපාලන පක්ෂ වල ශක්තිය පෙන්නන්න යොදා ගැනීම විහිළුවක් (නි)

:       0       0

ගම්පොළගෙදර Wednesday, 11 May 2016 02:52 AM

මැයි දිනය මැයිදින රැළියක් ලෙස පැවැත්වුයේ ජවිපෙ පමණයි. අනෙක් ඒවා දේශපාලන රැලි. (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 11 May 2016 02:56 AM

මොනවද මේ කියන්නේ? මින් පෙනෙන්නෙ ශ්‍රීලනිපයේ බංකොලොත්භාවයයි. (නි)

:       0       0

අනිල් Tuesday, 10 May 2016 03:46 PM

ඔලුව හිස්බවනම් පේනවා. (බ)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 10 May 2016 08:16 PM

මැයි දිනය සාර්ථක වෙන්නේ කම්කරුවන්ගේ සහන ලැබුනදාටයි. මේ දේශපාලන පක්ෂ මොනවද කරන්නේ? කම්කරුවන්ගේ ප්‍රශ්න කිසි කෙනෙක් කතාකළාද? කිසිම කම්කරුවෙකුට අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලැබුනාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site