රටේ කම්කරු ජනතාවත් තමුන් සම්බන්ධවෙලා ඉන්න දේශපාලන පක්ෂවල හිතවතුනුත් නොයෙක් ස්ථානවලට රැස්වෙල මෙවර කම්කරු දිනය සැමරුවා. කොතැන මැයි දිනය සැමරුවත් ඉතා සාර්ථකව සැමරුවා. එයින් පෙනී යන්නේ මේ මැයි දිනයේ තිබෙන වැදගත්කම හැමකෙනාම තේරුම් අරන් තිබෙන බව යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.
අද (10) නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව කී ඇමැතිවරයා ශ්‍රීලනිපය මැයි දිනය දෙපළක සැමරූ බවත් එසේ සැමරීමෙන් පසු නිදහස් පාක්ෂිකයන් කාගේත් යම් යම් අදහස් තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව අපේ ඔළුවලට හිස්වලට ඇතුළුවී තිබෙන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරු දිනය සාර්ථක වෙන්න ඔබතුමන්ලා කළේ මොනවද? (නි)
කම්කරු දිනය කම්කරුවන්ගේ බදු මුදලෙන් යැපෙන අය තම තමන්ගේ දේශපාලන පක්ෂ වල ශක්තිය පෙන්නන්න යොදා ගැනීම විහිළුවක් (නි)
මැයි දිනය මැයිදින රැළියක් ලෙස පැවැත්වුයේ ජවිපෙ පමණයි. අනෙක් ඒවා දේශපාලන රැලි. (නි)
මොනවද මේ කියන්නේ? මින් පෙනෙන්නෙ ශ්‍රීලනිපයේ බංකොලොත්භාවයයි. (නි)
ඔලුව හිස්බවනම් පේනවා. (බ)
මැයි දිනය සාර්ථක වෙන්නේ කම්කරුවන්ගේ සහන ලැබුනදාටයි. මේ දේශපාලන පක්ෂ මොනවද කරන්නේ? කම්කරුවන්ගේ ප්‍රශ්න කිසි කෙනෙක් කතාකළාද? කිසිම කම්කරුවෙකුට අදහස් ප්‍රකාශ කරන්න ඉඩ ලැබුනාද? (නි)