
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ කාර් රථයක් නතර කරගෙන ඊයේ ( 5)මධ්‍යම රාත්‍රී 12 .00 පමණඑම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින්පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම නිසා ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.
වෙරි මරගාතේ පොලිස් කොස්තාපල්වරයා ට පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කාර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ රාජකාරි කරන මෙම පොලිස් කොස්තාපල්වරයා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සමඟබීමතින් රිය පදවනරියදුරන් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව සිට ආපසුපොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමතින් වාහනයක් පැදවීම සහ නවත්වා තිබෙන වාහනයක් තුළ මත්පැන් බීම කියන දෙක අතර ලොකු වෙනසක් තියනවනේ...!
රථ වාහන පොලිසියේ රාජකාරිය විය යුත්තේ රථ වාහන තදබද හා අවම කිරීම හා මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන්ට නීතිමය පියවර ගැනීම මිස කෙසේ හෝ දඩයක් ගැසීම සදහා වැරදි හොයන එක නෙවෙයි. බීමතින් වාහන පැදවීම අවම කිරීමට පුළුවන්නම් ලංකාවේ තිබෙන බාර් සහ රෙස්ටුරන්ට් එකකට පොලිස් නිලධාරි කෙනෙකු බැගින් බත් කරපල්ලා. උඹලාට අරක්කු විකුණන්නත් ඕන. බීලා යන අයව අල්ලලා දඩයක් ගහන්නත් ඔ්නෑ...
මේ රටේ නම් බීමතින් ඉන්න කෙනෙක් වාහනේ රැගෙන යාමත් වරදක්... මොකද බීපු එකා ගමනේදී මොන ජංජාලයක් කරයිද කියලා ෂුවර් නැති නිසා.