ජනප්‍රිය ගායිකා කැතී පෙරී සහ ජනප්‍රිය නළු ඕර්ලැන්ඩෝ බ්ලූම් එකට සිටීම පිළිබඳව බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ වූවාද යන්න පිළිබඳව ඔවුන් කිසිවත් සඳහන් කර නොමැත. මෑතකදී පැවැති කැලිෆෝනියා සංගීත උලෙළට ඕර්ලැන්ඩෝ සහ කැතී දෙපළ දායක වූ අතර, ඔවුන් දෙදෙනා එකට සිටි එම මොහොත රසිකයෙකු විසින් ඡායාරූප ගත කර, අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඉන්පසු කැතී එය තම පෞද්ගලික ටිව්ටර් ගිණුමට එක් කරනු ලැබ තිබෙනවා.
පසුගිය ජනවාරි මාසයේදී පැවැති 2016 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළටද කැතී සහ ඕර්ලැන්ඩෝ මේ අයුරින්ම සහභාගි වූ බව බොහෝ දෙනා දන්නා කරුණක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd