සමන් විජය බංඩාර
කාන්තාවකට හිරිහැර කළැයි සැකපිට වෛද්‍යවරු දෙදෙනෙක් කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
උපකාරක පන්ති ගිය දරුවා යළි නිවසට කැටුව යෑමට පැමිණි කාන්තාවක කෑගල්ල නගරයේ දී තම වාහනයට නංවාගෙන රැගෙන යෑමට තැත් කළැයි වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි ලැබුණු බව පොලිසිය කියයි.
එක් වෛද්‍යවරයකු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර අනිත් වෛද්‍යවරයා කෑගල්ල මහෙස්ත්‍රාත් යුරේකා විමලවීර මහත්මිය විසින් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා .... තාම සයිටම් දොස්තරලා එළියට ආවේ නැහැනේ..
දැන් කට්ටිය කියයි... මේ දෙන්නත් සයිටම් එකේ දෙන්නෙක් කියලා!
මේ දෙන්නා හොඳ අචාර ධර්ම පද්ධතියක් ඇතුව දොස්තරලා බිහිවන විශ්ව විද්‍යාලයකද නැත්නම් සයිටම්ද? එහෙමත් නැත්නම් පාතාලේද? මේ අයගේ බලපත්‍රය අවලංගු කර අධ්‍යාපනයට රජය වැය කල අපේ මුදල් ලබා ගන්න.
නෝනා වෙන්ට ඇති ...එහෙම නැත්නම් වෙන්ට නෝනා....
ඔන්න දොස්තර සංගමයටයි, වෛද්‍ය සභාවටයි..., කරනවා නම් ලොකු වැඩක් තියෙනවා. තමන්ගේ ගෞරවය රැකගන්න.
සයිටම් කට්ටිය නෙවෙයි වගේ...
මේ රටේ මිනිස්සුන්ගේ විනය, හැදියාව, මනුස්සකම් වලට මොකක්ද වෙලා තියෙන්නේ? උගත්, නූගත් හැමෝම මොකක් හරි ජඩ වැඩකට පැටලෙනවා කොහොම හරි. දැනට ලංකාවේ හැම මිනිසුන් 10 දෙනෙකුටම එක්කෙනෙක් මොකක්හරි නඩුවකට පැටලිලා ඉන්නේ. ඉස්සරහට මේ යන විදියට එක මිනිහට නඩු 10 ගානේ තියෙන්නත් පුළුවන්. ඔක්කොටම හේතුව රටේ නීති පද්ධතියේ පිරිහීම සහ කඩාවැටීම. මිනිස්සු වැරදි කරන්න බය නැහැ. වැරදි කරල දඬුවමින් මිදෙන්න සල්ලියි, බලයයි තියෙනවා නම් පුළුවන්. ඉතින් පාරේ තොටේ තියා ගෙදරක ඉන්න දරුවෙකුට, මවකට, ආච්චි කෙනෙකුටවත් ආරක්ෂාවක් නැහැ. ගෙදරට මහ දවාලේ ඇවිත් මරලා යනවා. ඉස්සරහට තත්වෙ තව භයානක වෙනවා. දේශපාලකයෝ පිස්සු නටනවා. මහජන දේපළ හොරාකාලා පෝසත් වෙනවා.
ගහැණු කෙනා බෙහෙත් බොන්න හොර කෙනෙක් වෙන්න ඇති. මගදී බලෙන් හරි එක්කන් ගිහිල්ලා බෙහෙතක් දෙන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. ..
ප්‍රමිතියේ වරදක්ද? කල්පනා කරන්නේ වෙන කොහෙන්වත්ද?
බුදුබණ අසනවා අපි නිරන්තරේ... ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ....
සයිටම් අයට කෑ ගැහුවට පේනවනේ අයියලාගේ වැඩ...
ඉහළ ප්‍රමිතියක් සහිත දෙන්නෙක්ද?
රජයේ වෛද්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත අයද? රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුද?
සයිටම් අයගේ ප්‍රමිතිය හොයන අයගේ පැටිකිරිය..... තමයි.
මේ අර විනයක් නැති රජයේ විශ්ව විද්‍යාල වලින් එන අන්තරේ කට්ටියගේ අයනේ.... ඉගෙන ගන්න කාලෙත් කරන්නේ බලහත්කාරකම්නේ අනිත් ළමයින්ට... එ්කයි බොහෝ දෙමවුපියෝ තේරිලත් ගැහැණු දරුවෝ විශ්ව විද්‍යාලවලට යවන්නේ නැත්තේ...
මේ නම් සයිටම්ම තමයි. ..
සයිටම් ඇබොලිෂ්ලු කියන ප්‍රමිතියක් ඇත්නන්... දැක්කානේ එච්.එස්.සී වලටවත් ප්‍රමිති නැති නිසා රුපියල් ලක්ෂ 130 ක් දෙන්නේ ඇයි?
යථාර්තය පුද්ගලයා දොස්තරද?, ඉන්ජිනේරුවද? නූගතාද? උගතද කියන එක නොවෙයි. සදාචාරය අගම ධර්මය, හැදියාව, හික්මීම අනුවයි මේවා වෙන්නේ... වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි. හැබැව,.. යේසුස් වහන්සේ වරක් කීවලු ගණිකාවකට මිනිස්සු ගල්වලින් ගහන්න පන්නන්න යනකොට, පළමුව මෙවැනි වරදක් නැති අය පළමු ගල ගහන්න කියලා.. සියල්ලෝම ගල් බිම දැම්මලු.. ඉතින් පෘතග්ජන ගතිය සහ රහත් නොවූ නිසාත්, මෙවැනි වැරදි කරනවා. මේ සියල්ල මොහොතක සතුට උදෙසා ... බුදුබණ අනුව මේවා තමන් වපුරන දේහි අස්වැන්න තමාටමයි.
සාධු... සාධු... සාධු...
දොස්තර සංගමය කියන විදිහට මොනවා නැති වුණත් මේ ගොල්ලන්ගේ ප්‍රමිතිය හොඳ ඇති...
උද්දච්ච මෝඩ දොස්තරලා හිතා ගෙන ඇති ඒ ගොල්ලන්ට වඩා මිනිස්සු මේ ලෝකේ නැතුව ඇති කියල
පචයක් වුණත් ගොතන්න දන්නේ නැත්තන් නොකිය ඉන්න ඕනේ. කවුද ඒ දොස්තරලා, කවුද ඒ කාන්තාව මේවා මුකුත් නැහැ. හෙදියෝ කරපු වර්ජනයත් දැම්මේ වෛද්‍යවරු කරා කියලනේ. ඉතින් මේ වගේ පච දැම්මට ඕවා විශ්වාස කරන කොන්ඩෙ බඳින චීනුත් ඇති. හැබැයි හැමෝම මේ බොරු විස්වාස කරන්නේ නැහැ.