සේවක අර්ථසාධක අරමුදලෙන් ලැබුණු රුපියල් පන් ලක්ෂයෙන් ඉඩමක් ගැනීමට දේව බැල්ම ලබා ගැනීමට පූජාවක් කරද්දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඇගේ සල්ලි මල්ල පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.
බණ්ඩාරගම කිඳෙල්පිටියේ මෙම කාන්තාවට පත්තිනි මෑණියන්ගේ බැල්ම ඇතැයි කියති.
පූජව සඳහා ඇය යා යුතු ස්ථානය කියා ඇත්තේ පාමංකඩ කපුවකු බව ද, රුපියල් දස දහසක් වියදම් වූ බව ද ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මුදල් රැගෙන ගෙදරින් පිට විය යුතු වේලාව ද කපුවා විසින් ඇයට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කතුන් ඉතින් 'යං' කියනකන් නේ බලාගෙන ඉන්නේ කාත් එක්ක හරි කොහේ හරි යන්න. (නි)
බෞද්ධාගම්කාරයො වෙලත් අබෞද්ධ දේවල් විශ්වාස කරන හැටි. (නි)
මෙහෙමත් මෝඩ ගෑනු.(ස)
දෙයියෝ නියමෙට බැල්ම දාලා තියනවා. "නුඹ නාඩන්, නුඹ නාඩන්, නුඹට ඕවා හොඳ පාඩම්". (ස)
පුදුමයි! ඒත්...,ඇත්තද........?(ස)
දේවාලවල කපුවන් සහ මෑණිවරු අහිංසක ජනතාව රවට්ට මුදල් හම්බකරගෙන නියම මුදල් මංකොල්ලයක යෙදෙනවා,බල දාරීන් සහ නීතිය එදෙස උපේක්ෂාවෙන් බල සිටිනවා ,පුදුම වැඩ !(අ)
පත්තිනි මෑණියන් බේරලා දෙන්නේ නැතිවයැ ජරමරය.(ස)
නිදහස් චින්තනයක් නැති එක එකා මවන මනෝ ලෝක වල ජීවත් වෙන මිනිස්සුන්ට හොද පාඩම්.(ස)
ඉඩම ගන්ටත් කලින් දේව බැල්ම හොඳට වැඩ කරල තියනවා.(ස)
හොද වැඩේ ඔහොම වෙන්නම ඕනේ කපුවෝ පස්සේ කට්ටඩීයි පස්සේ යනවට.(ස)
මිත්‍යා මත විශ්වාසකරමින්, අනුන්ගේ උගුල්වල හසුවී සේසතම නැතිකරගත්තා. අපට බොහොම කණගාටුයි. (ස)
දුමින්ද, බලදාරීන් නෙමයි කෝ ඔය කියන දෙයියෝ එපයි දඩුවම් දෙන්න තමන්ගේ නම කැත කරන කපුවන්ට. දඩුවම් නැත්තේ , ගෙදර කවුරුත් නැති නිසාද? (අ)
කනගාටුයි
පත්තිනි මෑණීයන්ටම කීවනම් සල්ලිටික අයිත් ලැබේවිනේ.(ස)
අයිත් ඉතින් මොනවා කරන්නද තව දේවාලෙක පොල් ගහවි. ඕක තමයි අපේ මෝඩ මිනිස්සුන්ගේ තියරිය.(ස)
දෙවියොම බලත්වා. (ස)
මෝඩකමට බෙහෙත් නැතිලු.....දැන් පලයල්ලකෝ පොලිසි ගානේ, උසාවි ගානේ... (නි)
ලංකාවේ ගොඩක් අය දැන් මේ වගේ දේවල් වලින් අන්ධ වෙලා. මෝඩකම තමයි ඉතිං (නි)
මිත්‍යා විස්වාස වලින් ඈත් වෙන්න උත්සාහ කරන්න. ලොතරැයි වාසනාවත් පිටුපස දුවන්න එපා. කීයක් හරි බැංකුවක ඉතුරු කරගන්න... (නි)
21 වන සියවසේ ලංකාවේ මෝඩයෝ ඉන්නකම් රට පෙරටම.(ස)
මෝඩ කමට බෙහෙත් නැහැ, දැන් ඉතින් කැමති තීරණයක් ගන්න.(ස)
මෙතන තියෙන සියලුම ප්‍රතිචාර ඒ ගැණු එක්කෙනාව තදබල උපහාසයට ලක් කරන ඒවා. හරි පුදුමයි මේ කවුරුවත් දන්නේ නැති එක රටේ ඉහලම පුද්ගලයන්ගේ ඉඳල සාමාන්‍ය ගැමියන් දක්වා සියලුම දෙනාගෙන් විශාල ප්‍රතිශතයක් දේව බැල්ම, හදි හූනියම් ආදිය විශ්වාශ කරලා වැඩ කරන බව. (ස)
හැඳි මිටේ දිග.(ස)
ඔය සිද්දි වෙන්න මුලික හේතුව තමා අපේ බෞද්ධ මිනිසුන් අතුරෙන් ගොඩක් දෙනෙකුට චිත්ත ශක්තිය නැතිකම හා අදෘෂමාන බලවේග කියන ඒවා ඕනෑවට වඩා විශ්වාස කිරීම හා මෝඩකම (නි)
කපුවා ගැන සෙව්වොත් හොඳයි. (ස)
දැන් කවුරු හරි දෙවි කෙනෙක් මේකට විරුද්ධ වෙලා ගිනිතියා ගනීද ? (නි)
දැන්වත් තේරුම් ගන්න ඔබට වඩා යමක් කරන්න පුළුවන් දෙවියෙක් උන්නා නම් ඔය උගුලෙන් ඔබව බේරාගන්නා බව. (නි)
අනේ අනිච්චන්! හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා පැන්නලු.(ස)
කපුවගෙ මොළේ තමයි මොළේ. (ස)