IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කණිෂ්ඨ මේස පන්දු පිලට පදක්කම් 12 ක්

සාර්ථක තරග සංචාරයක් නිමා කළ ශ්‍රී ලංකා කණිෂ්ඨ මේසපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේදී රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගැනීමට සමත් විය.

සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා කනිෂ්ඨ මේස පන්දු කණ්ඩායමට කී‍්‍රඩකයෝ 7 දෙනෙක්, කී‍්‍රඩිකාවෝ 7 දෙනෙක් සහ නිලධාරීහු 4 දෙනෙක් ඇතුළත් වූහ. කණ්ඩායම් ඉසව්වේදී අවුරුදු 18 න් පහළ සහ අවුරුදු 15 න් පහළ යන වයස් කාණ්ඩ දෙකේම බාලක සහ බාලිකා අනුශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩයේ යුගල ඉසව්වේදීද, බාලක සහ බාලිකා අනුශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හැකිවිය. කෙසේ වෙතත් අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා කේවල තරගාවලියේදීත්, අවුරුදු 15 පහළ වයස් කාණ්ඩයේ කේවල (බාලක/බාලිකා) තරග වලදීත් ශ්‍රී ලංකාවට හිමිවූයේ ලෝකඩ පදක්කම්ය. එම ඉසව් තුනේදීම ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 බැගින් හිමිවිය.
ශ්‍රී ලංකාව අනුශූරතාවයන් දිනාගත් සෑම අවස්ථවකදීම පරාජය වී තිබුණේ මේස පන්දු කී‍්‍රඩාවෙන් ආසියානු කලාපයේ හොඳ දස්කම් දක්වන ඉන්දියාව හමුවේදීය.

15 න් පහළ බාලක කණ්ඩායම නියෝජනය කළ උදය රණසිංහ හැරුණු විට ඉන්දියානු කී‍්‍රඩකයෙකුට එරෙහිව එක් තරග වටයක් හෝ ජයගැනීමට අන් කිසිදු කී‍්‍රඩකයෙකු හෝ කී‍්‍රඩිකාවක අසමත්විය. උදය, ඉන්දීය කී‍්‍රඩකයෙකු හමුවේ තරග වට 2-1 ක් ලෙස එක් තරගයකින් ජය ලැබීය.

ඉන්දියාවට අමතරව පාකිස්තානය, නේපාලය සහ භූතානය යන රටවල් මෙම තරගාවලියට සහභාගීවිය.

 

තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම් පදක්කම් දිනාගත් ආකාරය

18න් පහළ (බාලක) කණ්ඩායම - රිදී පදක්කම් 1
18න් පහළ (බාලක) යුගල - රිදී පදක්කම් 1
18න් පහළ (බාලික) කණ්ඩායම - රිදී පදක්කම් 1
18න් පහළ (බාලිකා) යුගල - රිදී පදක්කම් 1
18න් පහළ (බාලිකා) කේවල - ලෝකඩ පදක්කම් 2 යි
15න් පහළ ආධුනික (බාලක) කණ්ඩායම - රිදී පදක්කම් 1
15න් පහළ ආධුනික (බාලක) කේවල - ලෝකඩ පදක්කම් 2 යි
15න් පහළ ආධුනික (බාලකා) කණ්ඩායම - රිදී පදක්කම් 1
15න් පහළ ආධුනික (බාලිකා) කේවල - ලෝකඩ පදක්කම් 2 යි

 

මෙම තරගාවලියට සහභාගි වූ ඒ ඒ වයස් කාණ්ඩයන්හි ශ්‍රී ලංකා කණ්ඩායම් වලට ඇතුළත් වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

18 න් පහළ බාලක කණ්ඩායම -
තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ විදුහල), නුවන්ත නිරෝෂන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල), චින්තක ඒකනායක (මහනුවර විද්‍යාර්ථ විදුහල)

18 න් පහළ බාලිකා කණ්ඩායම -
උමායා තාරකී (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), බුද්ධීපනී රාජගුරු (කුරුණෑගල මලියදේව විදුහල), රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල), චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල)

15 න් පහළ බාලක කණ්ඩායම -
 උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල), ප‍්‍රසාද් ද සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල), සුපුන් වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)

15 න් පහළ බාලිකා කණ්ඩායම -
 පවනි සිරිසේන (කුරුණෑගල මලියදේව විදුහල), ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා බාලිකා පාසල), රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා බාලිකා පාසල)

නිලධාරීන් -
ඞී. එම්. ජී. කුමාර (පුහුණුකරු), නුවන් සම්පත් (පුහුණුකරු), තුසිත කපුගීකියනගේ (කළමණාකරු), තර්ෂා රණසිංහ (කාන්තාවන් භාර නිලධාරී)

 

(ශානුක අරවින්ද)



අදහස් (0)

කණිෂ්ඨ මේස පන්දු පිලට පදක්කම් 12 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site