මහනුවර, කටුගස්තොට, නිත්තවෙල මංසන්ධියේ දී මාර්ගය අසල තිබූ කාණුවකට වැටී 2015 වසරේ ඔක්තෝබර් 15 වැනිදා මිය ගිය පාසල් සිසුවියගේ මව්පියෝ අද (13) මහනුවර මහ නගර සභාවෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළහ.
මාර්ගය අයිනේ ජලය ගලා යන කාණුව නිසි ලෙස ආවරණය කර නොතිබූ බව කියමින් ඔවුහු චෝදනා ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සදහා නීතියේ ප්‍රතිපාදන ඕනෑ තරම් තියනවා නමුත් ජනතාව මේවා දන්නේ නැහැ නැතිනම් දැනගන කාලය නස්ති කරගන්න කැමති නැහැ එතන ගැටලුව තියෙන්නේ (ම)
මේක හොද ආරම්භයක්. අනික තමයි ජලසම්පාදනෙන් සහ ටෙලිකොම් එකෙන් හොදට තියන කාපට් පාරවල් හොදටම හදල ඉවර වෙනකන් ඉදල කපලා සවුත්තු විදියට වහල දාන එක. එකට එයාල මාර්ග සංවර්ධන අධිකාරියට සල්ලි දුන්නාට මහජනතාවට වෙන අපහසුවයි මුදල් නාස්තියයි අවම කරගන්න පාරවල් හදන කාලෙදිම ප්ලෑන් නොකරන එකට නඩු දාන්න ඕන. (ම)
රුපියල් මිලියන 200 කෙසේ වෙතත් නඩු මගට බැහැපු එක නම් කළ යුතු දෙයක්.(ම)
හොද උගත් ඔලුව පාවිච්චි කර වැඩ කරන දෙමාපියෝ දෙදෙනෙක් මෙහෙම තමයි වැඩ කරන්න ඕනේ ..? මහජනය හැමදාම මහමග මැරෙනවා කවුරුවත් ගණන් ගන්නේ නැහැ ..? මගේ ...හිස නමා ආචාරය නඩුව දිනාගන්න ලැබේවා ! අහිමි වූ තම දරුවාගේ ආත්මයට සෙතක් කිරීමට ඉඩ ලැබේවා..!! (බ)
විය යුත්තේ එයයි...නැත්නම් හැමදාම නගර සභා නිදාගෙන (බ)
මහමගදී මහජනයාගේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක්. එය මේ රටේ පාලකයන්ගේ ඔලු ගෙඩි තුළට යැවීමට මේ නඩුව ජය ගැනීම ඉතාම වැදගත්. (ම)
හොඳ ප්‍රතිචාරයක්. මේ ක්‍රියා මාර්ගය හැමෝම කරන්න පටන් ගන්න ඕන. (ම)