එංගලන්තයේදී ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලිය රටටත් කණ්ඩායමටත් ඉතා වැදගත් වන බැවින් කණ්ඩායමේ විශාල වෙනසක් කිරීමේ අදහසක් නැතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (26) රාත‍්‍රියේ මාධ්‍ය අමතමින් ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසීය.
‘මාලිංග, කුලසේකර, තිසර සහ මා වේග පන්දු යවන්නන් ලෙස පසුගිය කාලේ හොදින් ක‍්‍රීඩා කළා. මෙම තරගාවලිය අපේ රටටත්, කණ්ඩායමටත් ඉතාමත් වැදගත්.. ඒ නිසා කණ්ඩායමේ විශාල වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් අපේ සංචිතයේ 15 දෙනාම ඕනෑම අවස්ථාවක තරගයකට ක‍්‍රීඩා කිරීමේ හැකියාව ඇති ක‍්‍රීඩකයන් වීම නිසා ප‍්‍රශ්නයක් නෑ’’
අයි. පී. එල්. තරගාවලියෙන් පසුව මෙම තරගාවලියට සහභාගි වීම පිළිබඳව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.
‘‘අයි. පී. එල්. තරගාවලියයි, ශූරයන්ගේ කුසලාන තරගාවලියයි අතර විශාල වෙනසක් තියෙනවා. ඉන්දියාවේ හිටියත්, ශ්‍රී ලංකාවේ හිටියත් අපි ශූරයන්ගේ කුසලාන ඉලක්ක කරමින් පුහුණුවීම් කළා. ඒ නිසා කණ්ඩායමක් හැටියට අපි හොඳ සූදානමකින් ඉන්නවා’’
‘‘ලෝක ක‍්‍රිකට් පිටියේ හොඳම කණ්ඩායම් අට මෙහිදී තරග කරන්නේ, අපේ වේග පන්දු යවන්නන් සාමාන්‍යයෙන් වේගයෙන් පන්දු යවන්නෙ නෑ. අපි අපේ විදියට ක‍්‍රීඩා කළොත් තරගයෙන් තරගය ඉදිරියට යන්න පුළුවන්’’ යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ මාස දෙකකට ආසන්න කාලයකින් පසුව සහභාගි වන මෙම තරගාවලිය හොඳ අභියෝගයක් බවත් ඒ සඳහා ශක්තිමත් කණ්ඩායමක් සහභාගි වන බවත්ය.
‘‘අපේ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් රැසක් මීට පෙරත් එංගලන්තයේ ක‍්‍රීඩා කරපු අය, ඒ නිසා අභියෝගය සාර්ථක කරගනිමින් ජයග‍්‍රහණය දක්වා යන්න හැකියාව තියෙනවා’’ යැයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර පළමු වටයේ තරගවලින් පසු කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති.
ශ්‍රී ලංකා පිල මේ මස 30 වැනිදා පාකිස්තානයට එරෙහිව පළමු පුහුණු තරගයට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය මේ මස 9 වැනිදා නවසීලන්තයට එරෙහිව කාඩිෆ්හිදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය ජූනි මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
(ඡයාරූප: ශාන්ත රත්නායක)
1. මැතිව්ස් මාධ්‍යයට අදහස් දක්වමින්..
2. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ආගමික වතාවත්වලට සහභාගි වෙමින්..
3. දිනේෂ් චන්දිමාල්ට පිරිත් නූලක් ගැටගසමින්..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්.(නදී)
සුභ පැතුම්! (නි)
නිහාල්, කුමාර, අශෝක, දිල්කි, ඉන්දික, ගයාන්, චන්දන ,මහේන්ද්‍ර, අනුර, ඔයාලට යමක් තේරෙන විදියට හිතන නියම ශ්‍රී ලාංකිකයෝ.අපේ සමහර මිනිස්සු හිතන්නේ හරි අමුතු විදිහට. (නි)
ක්රිකට් ගැන දන්නේ නැති අය කියලා තියෙන කුහක කතා දැක්කම හිතෙනවා මේ අය සිංහල බෞද්ධයෝද කියලා. අපි අප්පුඩි ගැහුවට විසිල් ගැහුවට ලකුනු සීයක් ගහන්නවත් කඩුලු පහක් ගන්නවත් බැහැ. ක්‍රිකට් ක්‍රිඞකයින් තනියෙන් පුදුම කැප කිරීමක් කරලයි ජාතික තලයට එන්නෙ. ඒ නිසා මට නම් තරඟ දිනුවත් පැරදුනත් මගේ රටේ ක්‍රිකට් ක්‍රිඩකයෝ සැබෑ දක්ෂයෝ. (නි)
අපෝ මෙයාගේ කයිවාරුව ඉන්දියාවෙදි අපි දැක්කනේ.(නදී)
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව අපේ රටේ අයට වටින්නේ නැති වුනාට ලෝකේ අනිත් රටවල අයට වටිනවා. අපේ රටේ ලිං මැඩියෝ දන්න කෙහෙල්මලක් නැහැ. කෝටි ගනන් මිනිස්සු ඉන්න රටවල් පරදවලා ලෝකේ නම තියන්න පුලුවන් කොල්ලෝ ටිකක් ඉන්න පුංචි රටක් මේත.(නදී)
මාලිංග යනු සිංහයෙකි. පාඩුවේ ඉන්න සතා අවුස්සා ගත්තහම තරමක් ගෝරනාඩු කරනවා. නමුත් සිංහයා සිංහයාමයි (නි)
දකුණු අප්‍රිකාවට හරි ,පාකිස්ථානයට හරි කුසලානයට හොද අවස්ථාවක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිත තියෙන්නේ එන අවුරුදේ අයි.පී.එල් ගහන එක ගැන නේ. (නි)
එංගලන්තයේ ක්‍රිකට් ගහන්න යනකොට අපේ අය අඩුම තරමින් මාසයක් දෙකක් වත් හොදින් එම දේශගුණ තත්ත්වයට පුරුදුවිය යුතුයි. අපේ අය එහෙම කලාද ?(නදී)
පලවෙනි වටෙන්ම නොකැපී අවොත් ඇති,,,,
සුබ පැතුම්.
ජය වේවා!. අනිවාර්යයෙන් කප් එක ගමු කොල්ලනේ.(නදී)
මිනිසුන්ගේ අඩු පාඩු වැරදි කාලගත් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝම අපේ ටීම් එකට ජය පතමු.(නදී)
සල්ලි වලට බංකුවේ වේළුනු අය,රට වෙනුවෙන් කරන හරිය බලන්න බැරියැ.(නදී)
සුබ පතන්න.(නදී)
එපා ...එපා ... කරන්න එපා
ඒ දේනම් හොද දෙයක්
සුබ පැතුම්. මෙවර අනිවාර්යයෙන්ම කුසලානය ගේනවා.(නදී)
බංකුවල ඉදල කමිමැලි නැද්ද දන්නේ නැහැ.(නදී)
රටකට ගිය කලක්. කුහක කමින් සිත් පිරිලා. ශ්‍රී ලංකා නම ලෝකෙට ගෙනිච්ච ක්‍රිකට් කණ්ඩායම රටින් යනකොට සුබ පතන්න තරම් මිනිස්සුන්ගේ හිත පිරිසිදු නැහැ. කෝටි ගණන් සල්ලි විනාශ වෙන දේවල් කොච්චර රටේ වෙනවද? ඒවා ගැන වචනයක් කියන්නේ නැහැ. අයි.පී.එල් ලංකාවේ කොල්ලෝ ගිහින් ජයලලිතාට හොද පාඩමක් උගන්වලා ආවේ. තරග කිහිපයක් වෙනස් කලා, චෙන්නායි ගහන්නේ නැතිව. ඒ අපේ කොල්ලෝ නිසා. මාලිංග චෙන්නායි අවසාන තරගේ හොදම විකෙට් 2 අරන් පෙන්නුවා අපිව කාටවත් නවත්තන්න බැරි වග.(නදී)
අපේ අභිමානය ක්‍රිකට් ටීම් එක. සමහර විදේශිකයන් අපේ රටේ නම දන්නෙත් ක්‍රිකට් නිසා.මැච් බලන අපි දන්නවා මාලිංග ගේ වටිනාකම. (නි)
බලමු කට්ටිය ක්‍රිකට් ගහන හැටි. තව සල්ලි ඕනෙද දන්නේ නැහැ. (නදී)
ඔය කුණු බිත්තර කට්ටිය ලස්සනට නූල් බදින්නේ දැන්... (නි)
රට කියලා එකක් තිබුණද මෙයාලට? 15 දෙනාට එක කණ්ඩායමක් විදියට යන්නවත් බැහැ. රටකට ගිය කලක්. (නි)
ලංකාවේ ක්‍රිකට් මගේ හදවතින් ඉවත් වෙලා ඉවරයි (නි)
වැඩි වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. මොකද අයි.පී.එල්. නෙමෙයිනේ (නි)
හෝ හෝ හෝ කට්ටිය කලබල වෙන්න එපා. මේ අපේ ජාතික කන්ඩායමනේ. මොනවා උනත් අපි එයාලට සුබ පතමු. නමුත් මට අරයවනම් තාම පෙන්නන්න බැහැ.(නදී)
අරුණ, සිංහයා මාලිංගලාගේ ගෙදර ආවද? නැත්නම් කැලේට ගියාද?. මොකද්ද හරි.(නදී)
අපේ රටට ජය ගෙනඑන්න
ඉස්සරනම් අපේ අයට දැනුනේ ක්‍රිකට් රස. ඒත් දැන් නම් දැනෙන්නේ සල්ලි රස නේද? (නි)
ජය ලලිතගේ යාලුවනම් මෙතන නැහැ. එයා එහෙන්ම එංගලන්තේ යනවද නැත්නම් මෙහේ ඇවිත් යනවද?(නදී)
අයි.පී.එල්.නොව රටේ නම රැකගන්න (නි)
පුනේ වොරියන්ස් පිලට කළා වගේ නම් අපේ ටීම් එකට කරන්න එපා (නි)
අයි.පී.එල්. ගහන්න ගිය අපේ ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් කළේ පසුගිය මාසය පුරාම බැංකු වල වාඩි වී සිටිමයි. ඔවුන් ශ්‍රී ලාංකික කණ්ඩායමක් වශයෙන් පසුගිය මාසේ 1 1/2 පුහුණු වීම වල යෙදුනේ නැහැ. එංගලන්තය, දකුණු අප්‍රිකාව එහෙම නෙමෙයි. දැන් එංගලන්තේ ගිහින් දක්ෂතා දක්වන්න එකපාරටම අමාරු වේවි. මාසයක්වත් යාවි එකට ක්‍රීඩා කරලා, පුහුණු වීම් කරලා සුපුරුදු රිද්මයට එන්න. එතකොට මේ අයි.පී.එල්. නිසා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට මාස 3 විතර නැති වෙලා. ඒකයි මේ පාඨකයන් කේන්තියෙන් ප්‍රතිචාර ලියන්නේ. නැතුව ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි (නි)
ලෝකයේ සෑම ක්‍රිඩාවකම සෑම ක්‍රීඩකයෙක් වාගේම රට වෙනුවෙනුත් තමන්ට මුදල් උපයා ගැනීමට ක්‍රීඩා සමාජ සහ මුදලට පවත්වන තරග වලටද සහභාගි වෙනවා. ඉතින් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්දියාවේ මුදලට තරග කිරීම කතා කළයුතු මහා ලොකු දෙයක් නොවේ. ඔවුන් එම තරගාවලියේදී බොහෝ තරගකාරිත්වය තුල සමහරවිට ක්‍රීඩා නොකර සිටියත් බොහෝ ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග පුහුණු වීමත් ඔවුන් උපයන මුදලත් රටට වටිනවා. මේ ගැන බොහෝ ඊර්ෂ්‍යාවෙන් කතා කිරීම මෝඩ දෙයක්. ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෝ පිට රටවල ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කිරීම නිසා මුළුරටම ඔවුන්ගෙන් යැපෙන රටවල් ලෝකයේ තියෙනවා. (නි)
අයි පි එල් එකේ අපේ ක්‍රීඩකයෝ දක්ෂතා අතර නොහිටියත් කණ්ඩායමක් වශයෙන් කිසිදා පසුබහින්නේ නැ කියලා අපි දන්නවා. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කලේ මාලිංගගේ කඩුලු 2 නිසා තමයි කියන එක කව්රුත් පිලිගත යුතුයි.(නදී)
මෙහෙට තාම සීතයි. හොඳට අව්ව පායන්නේ නෑ. වේග පන්දු යවන්නන්ට ඉතාම වාසියි. බැංකු වල ඉඳලා ඇවිත් මෙහෙ ලකුණ ගහන්න ලේසි නෑ. නොගහ ලංකාවට යන්නත් බෑනේ දැන්. අනේ මන්දා.(නදී)
සුභපතනවා
අපේ අය අනිවාර්යයෙන් චැම්පියන්ස් කප් එක උස්සනවා. ජය වේවා. සුබ පතහල්ලා ලිං මැඩියෝ වෙන්නේ නැතුව. අය.පී.එල් එකෙන් ලංකාවේ කොල්ලෝ නැතුව ෆෛනල් ගහන්ඩ බෑ කියල තමයි චෙන්නායි තරග ටික චෙන්නායි වලින් අයින් කරේ. ඒක අපිට ආඩම්බරයක් නෙවේද?(නදී)
යොහාන් කතා කරන්න ඉගනගත්තොත් හොඳයි.ඔය වගේ කතා කළොත් ඔයාට කුණු බිත්තර වදිනකන් දන්නේ නැතිවෙයි. (නි)
ඒක හොදයි
පලවෙනි පාරට කප් එක එහෙනම් අපේ ඕං ඈ........ (නි)
ක්රිකට් ගැන දන්නේ නැති අය දාලා තියෙන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. අපේ රටේ මිනිස්සු දන්නේ බොරුවට උඩ පනින්න විතරක් නිසා ක්‍රිකටර්ස්ලා ඒවා ගැන හිතන්න ඕනෑ නැහැ.ක්‍රීඩකයන්ට බනින අයට ක්‍රීඩකයෝ අපේ රට වෙනුවෙන් කරලා තියෙන දේවල් මතක නැහැ.ක්‍රීඩකයන්ට බනින අය තමන් ගැනම ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
මමත් ලංකා කණ්ඩායම නියෝජනය කළ අයෙක්. එපා වෙලාම රටින් පිට වුණා. ලංකාවේ ඉන්නවා දක්ෂ අය. නමුත් හැමදම එකම නම් ටික තමා. දැන්නම් අලුත් මුහුණු තියනවා. සතුටින් කියන්න ඕනෑ අවසාන මොහොතේ ලොකු හෙට්ටිගේ තෝරගැනීම සතුටක්. නම් වලින් කියන්න පුළුවන් තව දක්ෂ අය ඕනෑ තරම් ඉන්නවා, කණ්ඩායමට ජය! (නි)
බංකු වල වාඩි වෙලා ඉඳල කොච්චර සල්ලි හෙව්වත් කමක් නැහැ. ඒත් ලංකාවේ තරඟ වලදී හොඳට සෙල්ලම් කරපු අය පලාතෙවත් නැහැ. මෙතන තරඟ 3යි තියෙන්නේ. ඒ ටිකවත් ඒ අයට සෙල්ලම් කරන්න දුන්නා නම් තමා හොඳ. (නි)
යොහාන්, දිනේෂ් චන්දිමාල් කොහොමද කුණු බිත්තර කට්ටිය වෙන්නේ? නිකම් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. (නි)
ශ්‍රී ලාංකිකයෝ එය එපා කිව්වමත් ගිය එක වැරදියි. රටේම අභිමානය කෑවා. අපිට ඕන දැන් මෙයාලා නැතිව වෙන කට්ටයක්. එතකොට අපි ආයෙත් ක්‍රිකට් වලට ආශිර්වාද කරනවා.(නදී)