කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතන සිද්ධියෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා වෙනුවෙන් තමන් ඇතුළු නීතීඥ පිරිසක් මානව හිමිකම් යන බව නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා කියයි.
තමා බන්ධනාගාරයට ගොස් ඔහු හමු වූ බවත්, රහස් පොලිසියෙන් ඔහුට පහර දී ඇතැයි ඔහු කී බවත්, ඔහු මීට පෙර කළැයි කියමින් රහස් පොලිසිය මාධ්‍යයට දුන් ප්‍රකාශ ගැන පොලිසිය වග කිව යුතු බවත් ප්‍රේමරත්න මහතා පවසයි.
එම අපරාධය කළ බවට ඔහුගේ කටඋත්තරය ලියාගෙන ඇත්තේ ඔහුට පහර දී බවත්, ඔහු වරදකරුවකු වීමටත් පෙර ඔහු කළැයි කී පාපොච්චාරණය පුවත්පත්වලට දී කොණ්ඩයාගේ චරිතය ඝාතනය කර ඇතැයි ද නීතීඥවරයා කියයි.
ඔහු දවස් 24ක් රිමාන්ඩ් බාරයේ සිටියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස් වූ පාසල් සිසුවා හා එක්දරු පියා ද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා ජීවත්වෙන ප්‍රදේශයේ යහපත් මිනිසකු ලෙස හඳුනා නොගැනීම නිසා මෙම ගැටලුවට මුහුණපෑවා නොවේද? (නි)
මිනිස්සුන්ට මුලින්ම තමන්ගේ මනුස්සකම මතක් කරලා දෙන්න ඕනි. බුදුන් වැඩිය රට උනාට අද කිරිසප්පයෙක් අඳුරන් නැති සමාජයක් මේක. එල්ලුන් ගහ ක්‍රියාත්මක උනා නම් ගොඩක් අපරාධ වලට නැවතුමක් තියේවි (රේ)
අද කොණ්ඩයාට වුණ මේ දේ හෙට අපිට වෙන්න පුලුවන් (නි)
මිනිස්සුන්ට ජනප්‍රිය වෙන්න හොද මාර්ගයක් තමා මානව අයිතිවාසිකම් කියන්නේ. (ර)
ඝාතනය උන දැරිය වෙනුවෙන් මානව හිමිකම් යන්නේ කව්ද? (රේ)
ප්‍රථිකාර හා පුනුරුත්තාපනය ලබාදීම වෙනුවට පෙර වැරදි උලුප්පා පෙන්වීම සමාජයේ ඇති ගෝත්‍රික ගතියක්. (ර)
ධර්ම කෙනෙක් යහපත් පුද්ගල්යෙකු වීම හෝ නොවීම පොලීසියට ඔහුට පහරදෙන්නට, බොරු නඩු දමන්නට දෙන ලයිසන් එකක් නොවේ. (අ)
කොන්ඩෙ වවන හැමෝම කොන්ඩයෝද?අංග විකල අයටත් නම් පට බදින මේ සමාජයේ සමහරුන්ගේ විශාල අවමන් ආපසු ලැබෙනවා අපි නිතර දකිනවා (අ)
ලංකාවේ පොලිසියට මේ දවස් වල වැඩ වැඩි. එ්ක හන්ද හැමදේම බලෙන් පටවනව (රේ්)
ඉස්සර උදුල් ප්‍රේමරත්න අපි හැමෝගෙම මානව හිමිකම් කඩකළා විශ්ව විද්‍යාලේ කොල්ලෝ කෙල්ලෝ ටික හැමදාම පාරට ගෙනෙල්ල. මිනිහ කි දෙනෙක්ට ගුටි අරන් දුන්නද පොලිසියෙන් (බ)
කොණ්ඩයාට සාධාරණයක් ඉටුවේවා! (නි)
සාක්ෂරතාවය යනු කියවන්නට සහ ලියන්නට පුළුවන්වීම පමණක් නොවන බව මේ දේවල් වලින් ගම්‍ය වේ. එයට දියුණු මනුෂ්‍යන්ට තිබිය යුතු තව බොහෝ දේ ඇතුළත් වියයුතුය. (නි)
කොණ්ඩයා තම සහෝදරයා සේයා දැරිය ඝාතනය කළ බව දැනගෙන සත්‍ය වසන්කරන්න හැදුවාට වෙනම නඩුවක් දාන්න ඕනෑ (නි)
හැමෝගෙම මානව හිමිකම් රැකෙනවා,අර අහිංසක දැරිවිගේ මානව හිමිකම් හැර. කොණ්ඩයගේ පෙර වැරදි තියෙන බව පොලිස් වාර්තා වල තිබුනා. මේ මානව හිමිකම් සමාජ පිළිල වලට වන අසාධාරණකම් ගැන මිස ඔවුන්ගෙන් වින්දිතයාට වුණ අසාධාරණයකට පෙනී සිටිනවා දැක තිබෙනවාද? (නි)
අපරාධය සහ දඬුවම! (නි)
උදුල් ප්‍රේමරත්න කියන්නේ හිටපු බංකොලොත් ශිෂ්‍ය නායකයෙක්. නීතීඥ වරයෙක් හැටියට මෙයා උත්සහ කරන්නේ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙන්න.එහෙම නැතුව නොමිලේ කාගේවත් මානව හිමිකම් රකින්න නෙවේ. (බ)
කොන්ඩයාගේ පෙර වැරදි මානව හිමිකම් කඩ කිරීමට පොලිසියට දුන් වැරදීමක් නොවේ. සේයා වැනි දරුවන් ආරක්ස කිරීම මුළු සමාජයේම දැඩි වගකීමක්. නමුත් පොලිසියේ සමහර මෙවන් හැසිරීම් මගින් ගම්‍ය වන්නේ අපි තවමත් නොදියුණු මිලේච්ච යුගයක වාසය කරන ලෙසයි. (ම)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දැන් මානව හිමිකම් කෝකටත් තෛලය වගේ වෙලා (නි)
ප්‍රථමයෙන් කරන්න තිබුන දේ අන්තිමට කරලා. අන්තිමට කරන්න ඕනෑ දේ ප්‍රථමයෙන් කරලා. මුලින්ම කරන්න තිබුනේ ජාන පරික්ෂාව. මේවට නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපේ පොලිසියේ තියෙන අධිමානය දුරු කරන්න බැරිවෙයි. (නි)
අපි ඉස්සර පොලිසියේ ඇතැම් නොහොබිනා හැසිරීම් වලට ආණ්ඩුවට බැණ බැණ හිටියා. නමුත් දැනුත් තත්වය එයමයි. මම හිතන්නේ මෙය ශ්‍රී ලාංකික පොදු ආකල්පමය ගැටළුවක් බවයි. (නි)
නීතිඥයො බයයි මේ රටේ අපරාධ නැතිවෙනවට. ඔවුන්ට මිනිසුන්ගෙ ඊරිමාංශ හූරාගෙන කන්න විදියක් නැතිවෙනවනේ. අර අහිංසක දරුවාට කලින් මේ මනුස්සයා තවත් ළමයි උස්සාගෙන යන්න හැදුවා සහ එදා කොණ්ඩයගෙ අම්මා කිවුව දේවල් අනුව මොහු ගැහැණු අය ඉන්න ගෙවල් වලට එබිකම් කරනවා කියලා කිවුවා. ඒවත් බොරුද? (නි)
ඇත්තටම මේ සිද්ධවෙන දේවල් මෙහෙම වෙද්දී මේ මනුස්සයාට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
.මේ පුද්ගලයාගේ චරිතය අර කලින් පුගලයෝ දෙන්නටම වැඩිය ඝාතනය උන බව කොයි කවුරුත් දනී. දැන් ඔහු නිදහස් පුද්ගලයෙක් උනත් සමාජය ඔහු දෙස වපර ඇසින් බැලීම වැලැක්විය නොහැකිය.මෙවන් හේතුන් නිසා මෙවැනි පුද්ගලයෝ සමාජයෙන් කොන් වෙන්න වෙන්න දරුණු අපරාධවලට පෙළඹෙනවා කියලයි මගේ අදහස. (රේ)
අවිචාරවත් සමාජමය තරඟය තමයි බොහෝවිට මේ දේවල් වලට හේතුව .... (නි)
මුළු ලංකාවම දැන් අච්චාරුවක් වෙලා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
අම්මාවරුන්ද දරුවන් ආරක්ෂා කරගන්න දැනගන්න ඕනෑ. පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගන්නේ නම් ඔහුගේ රහස්‍යභාවය ආරක්ෂා කළයුතුයි. (නි)
කොණ්ඩයාත් ගියා... පාසල් සිසුවාත් ගියා.... එක්දරු පියාත් ගියා.... ඊළඟට? (නි)