කොටදෙණියාවේ සේයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඩීඑන්ඒ වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ආගන්තුක ද්‍රව්‍ය සමග සැසඳෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා අද ප්‍රකාශ කළේය.
බොරැල්ලේ ජින්ටෙක් ආයතනය මෙම පරීක්ෂණය සිදු කළේ රහස් පොලිසිය මගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කලින් ඉඳලම මොහුව සැකකළා (නි)
වින්සන්ට්,ඔබ අගය කරන්නෙ මුලින්ම කිසිම වගවිභාගයක් නැතුව පියාව වැරදිකාරයා කළ එකද? (නි)
ඔන්න දැන් ඒ පාපතරයා හෙළිවෙලා. දැන්වත් රටට පෙනෙන්න ඉතාම ඉක්මන් තීන්දුවක් (මරණ දණ්ඩනය) දියයුතුයි (නි)
දැන් මෙයාට මොකක්ද දෙන දඬුවම? (නි)
එහෙනම් දෙන්නම වරද පිළිගත්තා කියලා කලින් කියලා තියෙන්නේ ඇයි? හරියට කල්පනා කරලා වැඩකළොත් ඔක්කොම විස්තර ලස්සනට එළියට එයි (නි)
මගේ දුවගේ වයසමයි. දින 5යි වෙනස.මට තාමත් මේ දුක දරාගන්න බැහැ. ඒ පියා කොහොම දරාගන්නවද කියලා හිතාගන්න බැහැ. මගේ දුවට සමාන රුවක් ඒ දුවටත් තියෙන්නේ. දින දෙකක් කන්නත් බැරිවුණා. නිදාගත්තේ දරුවාව බේරිලා ගෙදර එන්න කියලා පතලා.ඒත් මරලා කියලා දැක්කහම ඇඬුනා. නිවන් සුව! (නි)
සැකය පසුපස යන්නේ නැතුව හඳුනාගත් අපරාධකරුවෙක් නැත. මෙම දැරියගේ පියා ගැන සැකකිරීම ඔහුගේ අතීතය සමඟ බලනවිට සාධාරණය. අපරාධකරු හඳුනා ගන්නා මේ මොහොත වෙනතෙක් පවතින තත්ත්වය අනාවරණය කළ ජනමාධ්‍යයේ වගකීම අපි අගය කරමු. මෙම සිදුවීමේදී වැදගත්ම කරුණ වන්නේ ආයුධ පෙන්වීමකට සැකකරුවන් රැගෙන නොයාමයි. ඒ ගැන වර්තමාන ශ්‍රී ලංකා පොලිසිය අගය කළයුතුය. (නි)
ඩුබායි වල ඉන්න කෙනෙක් ඒ ළමයාගේ තාත්තා මේක කරනවා දැක්ක වගේ මෙතන අදහස් දැම්ම . දැන් මොකද කියන්නේ ? (බ)
එහෙනම් ඒ ප්‍රශ්නයත් ඉවරයි... (නි)
පිවිතුරු යහපාල හා සිල්වි සමඟ මාද එකඟයි. (නි)
මෙකත් විස්වාස කරන්න අමාරුයි. (ර)
ඔය දේවල් ගණන් ගන්න එපා සිල්වි (නි)
විශ්වාස කරම්දෝ නොකරම්දෝයි කියා සිතුනි මට. (ර)
මේ අහිංසක දරුවාට මේ අපරාධය කළ කෙනාව අල්ලාගන්න ලංකාවේ ඉන්න අනාවැකි කියන කාටවත්ම බැරිවුණානේ? (නි)
මේ වගේ සැසඳීම් ගැන අපිට කතාකරන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද කියලා හරිහැටි තීරණය කරගන්න බැරුවයි මම මේ පඹගාලක පැටළිලා ඉන්නේ (නි)
බොරු චණ්ඩින්ගෙන් කොණ්ඩයාගෙ පවුලේ අය ආරක්ෂා කරගැනීම ගැනත් මේ වෙලාවේ සිතන්න ඕනෑ (නි)
විශ්වාස කරන්න වෙනවා. (ර)
එහෙනම් දැන්වත් නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම් ලබාදෙන්න (බ)
අපරාධකරුවකුගේ හෘදය ස්පන්දනය ඔහුගේම බොල් අධ්‍යාත්මයේ ගැටී එය සුනුවිසුණු කර වියරුවෙන් හඬා වැටෙයි. නිරයේ ගිනිදැල් නොව ඔහුගේම හදවතෙන් මතු වූ ගින්නෙන් මුළු සිරුරම දවයි. සේයා දියණියගේ ජීවිතය උදුරා ගත් පාපතරයා පමාවී හෝ කොටුවීම මඳ අස්වැසිල්ලක් ගෙනෙයි.ජින්ටෙක් ආයතනයේ පරීක්ෂණ ප්‍රථිපල සහතිකයි.. (අ)
තාත්තගේ නිදොස් කම රටටත් මේ ඕපාදුප තීරු වල තාත්ත වරදකරු වෙනකම් බලා සිටි කුණු රස පතන අයටත් නිසියාකාරව පැහැදිලිවිම සිතට සතුටක්..ඒ මාත් මේ වයසේ දියණියකගේ තාත්ත කෙනෙක් වීම නිසයි.මම මගේ දරුවට ආදරය කරන තරම කාටවත් වටහල දෙන්න මට බැහැ..ඒක විස්තර කරන්න මට වචන නැහැ.. මේ වගේ දුකක් ඒ තාත්ත කොහොම විඳ දරා ගත්තද කියල මට හිතා ගන්නත් බැහැ. ඒ දරු දුකත් එක්ක එල්ල වුනු මේ තිරිසන් චෝදනාව..මිට පස්සෙවත් ජනමාධ්‍ය මේ වගේ සිදුවීම් වලදී ලිඳ ලඟ සංගම නොවී වගකීමක් ඇතුව කටයුතු කරන්න පාඩමක් මෙයින් ඉගෙන ගත්තනම් ලොකු දෙයක්. (ස)
නියම අපරාදකාරයා පේනතෙක් මානයක ඉඳලාත් ජනතාවගේ විශ්වාසය පලුදු වුන විදිහට සිදුවුණ දේවල් ගැන බලද්දී නම් සැක කරන එක සාදාරනයි. දැන්වත් නියම තිරිසනාව කොටුකර ගත්ත එක නම් ලොකු දෙයක්. (ස)
එහෙනම් ඔහුද අපරාධකරු... (නි)
ඉඳලා ඉඳලා යහපාල මොළේ තියෙන කතාවක් කිවුවා. (නි)
හැමදාම බැනුම් අහන පිවිතුරු යහපාලගේ මේ කතාවනම් අගය කල යුතුමයි. (ම)
කාම අපරාධ වැඩිවෙන හැටියට ජින්ටෙක් ආයතනයේ ශාඛා රටපුරා පිහිටුවන්න වෙයි වගේ... (ර)
කොණ්ඩයා මොකද දන්නෙ නැහැ කලින් වැරැද්ද පිළිගත්තේ? (නි)
පිවිතුරු යහපාල, ඔබ අර සිසුවා වැරදිකාරයා කරනකම් නේද හිටියේ? මට මතකයි එක වෙලාවක කියනවා පොලීසිය මේ සිසුවාත් අඩංගුවට ගත්තෙ නිකම්ම වෙන්න බැහැ නේද කියලා අදහස් දානවා. (නි)
ඔන්න දැන් ඒ පොලොව නුහුලන අපරාදය කරපු කෙනා අහුවෙලා තියෙනවා. දැන් තියෙන්නේ මුළු රටටම පේන්න උපරිම දඬුවම දෙන්න. තවත් මේ වගේ අය රට හැම තැනම ඉන්නවා. ඒ අයටත් එක්ක පේන්න. ඊට පස්සේ වත් බලමු අපේ පුංචි පැටවුන්නට සැනසිල්ලේ ඉන්න පුලුවන්ද කියලා. මරණ දඬුවම දිය යුතුමය. ජනාධිපතිතුමනි මුළු රටම ඔබතුමන්ගේ තීරණය එන තෙක් බලා සිටී. (ර)