කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැසිය සැකපිට දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි කියමින් නීතීඥ උදුල් පේමරත්න මහතා ඇතුළු නීතීඥවරු තිදෙනෙක් අද (20) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
සේනක පෙරේරා හා මංජු ශ්‍රී චන්ද්‍රසේන සෙසු නීතීඥවරුය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ පොලිස්පති එම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.
දුනේෂ් ප්‍රියෂාන්ත ඝාතනයේ වගකීම බාර ගනිමින් සවිස්තරාත්මක ප්‍රකාශයක් කළ බව රහස් පොලිසිය මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවත්, ඉන් පසු කොණ්ඩයා සම්බන්ධ නැතැයි කියමින් මුදා හැරි බවත්, එවැනි සවිස්තර ප්‍රකාශයක් අපරාධය ගැන හොඳින් දන්නා පොලිසිය හැර වෙන කෙනකුට කළ නොහැකි බවත්, ඒ ගැන පොලිසිය වග කිව යුතු බවත් ප්‍රේමරත්න මහතා කියයි.
කොණ්ඩයා රහස් පොලිසියට ගෙන ගිය මොහොතේම බිත්තියක ඔළුව හැප්පා ඇතැයි කොණ්ඩයා කී බව ද, නළලේ ඇත්තේ එම තුවාලය බව ද ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ දුරදිග නොබලා කරන කටයුතු නවතන්න මෙවැනි දේවල් කරන එක හොඳයි. (නි)
අද රන්ජන් මහත්තයා හැමෝගෙම වැරදි ගැන නොබියව කතාකරන නිසා ගොඩක් අය වැරදි කරන්න බයවෙලා තියෙනවා. රන්ජන් මහත්තයා මරණ දණ්ඩනය ගෙනෙන්න කියලා රට පුරා ගෙනගිය ප්‍රචාරය නිසා මිනිස්සු වැරදි කරන්න දෙපාරක් හිතනවා. රන්ජන් තරාතිරම නොබලා වැරදි ගෙන කතාකරනවා. ජන මතය වේදිකාවට ගෙනෙන රන්ජන් සැබෑ වීරයෙක්. විශේෂයෙන් රිසානා නාබික් වෙනුවෙන් රට අවදි කළේ රන්ජන්. මැදපෙරදිගින් අපේ අම්මලා නංගිලා ගෙනෙන විදේශ විනිමය කාබාසිනියා කිරීම ගෙන හඩ නැඟුවේ රන්ජන්. මේ වහල් සේවයට කාන්තාවන් නොයවන්න හඩ නැඟුවේ රන්ජන්. මහා පරිමාණ දුෂණ ගැන හඩ නැඟුවේ රන්ජන්.රන්ජන් නිසා එන නවක දේශපාලකයන් පවා දුෂණයට වංචාවට එරෙහිව කතාකිරීමට පෙළ ගැසී තිබෙනවා. ඔබ අපේ කාලයේ සැබෑ වීරයෙක්. (නි)
නීතීඥ මහතුනි, ඔබට බොහෝ පින්! ඒ වගේම පොලිසියේ මෙම දුර්වල ක්‍රියාකාරිත්වය පෙන්වාදී ප්‍රතිසංශෝධනයක් ඇතිකිරීමට අනුබල දෙන්න. (නි)
යහපාල, මේ ලෝකයේ රටවල් හදල තියෙන්නේ එදා වේල දේශපාලකයෝ නොවෙයි කියන එක ඔබට ලෝකය ගැන සොයා බැලුවොත් වැටහෙයි. තුවාලයක පනුවන් මරමින් තුවාලය හොඳ කරන්න බැරි බව තේරුම් ගන්න. එයට හේතුව සොයා ඊට පිළියම් කිරීම තමයි සිදු කල යුත්තේ. අපරාධ අඩු ලෝකයේ මරණ දණ්ඩනය තියෙන රටවලද නැතිනම් මරණ දණ්ඩනය නැති රට වලද බලන්න. මේ සියලු ප්‍රශ්න ආර්ථික දිවුනුව සමග තදින් බැඳී පවතී. මෙය සිදු කල යුත්තේ රන්ජන්ගේ චන්ඩි රජා ක්‍රමයට නම් නොවන බව මගේ විශ්වාසයයි. මෙයට දක්ෂ ඉදිරි පෙළ රාජ්‍ය නායකයෙකු මම නම් අපේ දේශපාලනයේ දැක නැත. ගොඨාභයගෙන් යම් තරමකට මෙය දුටිමි.
මේ අය මේකෙන් ප්‍රසිද්ද වෙන්න හදන්නේ . හම්බ වුණ වෙලාවට වල ඉහගෙන කන අය (අ)
ඒ දැරිවිට අතවර කරපු විදියත් අර සමහරු මාධ්‍ය වලට ප්‍රසිද්ධියේ කිව්වේ. (නි)
දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින එකට පින්. පොලිසිය ගොතපු බොරු කතා වලට මහජනතාව වශයෙන් අපිත් නඩු කියන්න ඕනේ. ඉතා සාහසික ම්ලේච්ච දුෂණයක් කතාවක් වගේ ගොතල ප්‍රසිද්ද කිරීමෙන් හා එය කියවීමෙන්ට් මහා ජනතාව වන අපි ඉතාමත් අපහසුතාවට පත් උනාට නඩු දන්නා ඕනේ (රේ)
නියමයි. ඔහොම යමු (නි)
මේ වගේ නඩුවලින් නීතිඥ මහතුන්ට හොඳ ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒ කාෙහොම වුණත් ඒ මනුස්සයාටත් නීතියේ පිහිට තිබිය යුතුයි. පොලීසිය දැනගන්න ඕනෑ නවීන තාක්ෂණය හා තාක්ෂණික සාක්ෂි මඟින් අපරාධකරු අල්ලාගන්න. මේ පුද්ලයා පෙර වැරදි තිබෙන කෙනෙක් නම් ඒකට නඩු දාලා නීතිය ක්‍රියාත්මක කිරීම වෙනම කාරණයක් (නි)
ඔබ මේ තනිවම හරි කරන දෙය ඉතාම අත්‍යවශ්‍ය විශිෂ්ට ජාතික කර්තව්‍යයක්. ඒ වගේම දැරිය විනාශකළ මිනිසුන්ට මේ වැඩ වලින් සැඟමට නොහැකි වන ලෙස ඒ පිළිබඳවද මේ හා සමානව වැඩ කරන්නේ නම් මේ කර්තව්‍යය සම්පුර්ණ යැයි මට හැඟෙයි. එවිට මෙවැනි දෙයක් පිළිබඳව සම්පුර්ණ පාඩමක් සමාජයට දීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. (නි)
ඔබගේ මෙම කටයුත්තට අපෙන් සුබ පැතුම්! (නි)
මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ලංකාවේ පොලීස් දෙපාර්තමේන්තුවට වයස අවු. 148 සපිරුනා කියලා මාධ්‍යවල කිව්වා. මේ අවුරුදු 148ම මේ වගේ අසාධාරණ ඔය ආයතනයෙන් අහිංසක මිනිසුන්ට වෙන්න ඇති. දැන්වත් සිවිල් වැසියන් මේගැන කතාකළ යුතුයි. (නි)
පිවිතුරු යහපාල මුලින් එකක් කියනවා. පස්සේ එකක් කියනවා. මුලින්ම තමුන් හරියට තීරණයකට එන්න. ඊටපස්සේ අනිත් අයට තමන්ගේ අදහස කියන්න. (නි)
ඒත් මතක තියාගන්න. මේ අයියයි, මල්ලියි දෙන්නම ගැන ඇති වාර්තා යහපත් ඒවා නෙමෙයි (නි)
අපි ප්‍රාර්ථනා කරනවා ඔහුට සාධාරණය ඉටුවෙන්න කියලා (නි)
පිවිතුරු යහපාල, ඔබ හැමදෙයක් දෙසම ඉතා පටු විදියට බලන්නෙක්.රන්ජන්ගෙ ක්‍රමයට ප්‍රශ්න විසඳන්න බැහැ. මැදපෙරදිග අපේ කාන්තාවන්ට වෙන දේවල් දශමයක්වත් මේවා නිසා අඩුවෙලා නැහැ. බොරු පාපොච්චාරණ මාධ්‍ය වලට දීලා නටන නාඩගම් නිසා සැබෑ අපරාධකරු බේරෙනවා.ඒ ක්‍රමය ඔබට ප්‍රිය බව පේනවා. දකින දකින කෙනා අල්ලාගෙන ගිහින් වදදෙන එක ඔබට ප්‍රිය වුණාට වෙන කාටවත් ප්‍රිය නැහැ. සිසුවාට සිදුවූ හිංසාව ඔබ සාධාරණීකරණය කළ හැටි මට මතකයි.දැන් කොණ්ඩයට පෙර වැරදි තිබුනා කියලා රටේ සිදුවෙන හැම අපරාධයක් වෙනුවෙන්ම සැකකාරයෙක්ද? ඔහුට නිවැරදි වෙන්න බැරිද? එහෙනම් මේ බන්ධනාගාර විශෝධන ක්‍රමයෙන් වැඩක් නැහැනෙ. වෙන චෝදනා වලට වෙනම ක්‍රියා කරන්න.මරණ දඩුවම නැති රටවල තමා අපරාධ අඩු. මරණ දඩුවම තිබෙන සෞදිය හා ඇමරිකාවෙ අපරාධ වැඩියි. නමුත් බලන්න ස්කැන්ඩිනේවියානු රටවල.ඒවායෙ අපරාධ අඩුයි. මට පේන්නෙ ඔබට එක ස්ථාවරයක වැඩි වෙලාවක් ඉන්න බැහැ වගෙයි. (නි)
වරදක් නොකර අතේ පිච්චිය නැතුව නඩු කියාගන්න බැරුව හිරගෙට ගිය අහිංසකයෝ කීදෙනෙක් හිරගෙවල් වල ඉන්නවද? ඒ අය හිරගෙට ගියෙත් මුදලට සත්‍ය වසන් කරන ඇත්ත බොරු කරන කොටසක් නිසා නේද? ඇයි ඒ අය වෙනුවෙනුත් පෙනීසිටින්න බැරි? (නි)
මට නම් තාමත් ගැටළුවක් මේ ප්‍රශ්නය. (නි)
පුබුදු සහ නිලන්තගේ අදහස් අනුමත කරමි.මේ විදියට ගියොත් පොලිසියෙන් සැකපිට අල්ලන හැමෝම මානව හිමිකම් කොමිසමට ගියාම හරිද?අනික මේ අයට පෙර වැරදි තියෙනවා.තමුන් නිදහස් නම් සාක්කි ඔප්පු කරලා නිදහස් වෙන්න ඕනෑ. පොලිසියට වැරැද්දක් කියන්න බැහැ.ඔය කළු කෝට්කාරයෝ තමයි හැම එකම අනික් පැත්ත හරවන්නේ. (නි)
පිවිතුරු යහපාල හැමදාම දෙයක් කිව්වේ හොදට හිතල මතල තීරණ අරගෙන තමයි කසුන් මහත්තයෝ..තීරුවල ඉන්න අය ගැන මට වග කියන්න බැහැ..කොහොම උනත් ඒකට රන්ජන් ගොයියා ගැන කියපු කතාවට ගොඩක් හිත රිදිලා වගේ දාගෙන සුදු හුණු ගාන්නේ.සමහර විට පිවිතුරු යහපාල කියල දාල තියෙන්නේ රන්ජන් ගොයියම වෙන්නත් ඇති...අපි නොදන්නා පාර්ලිමන්ට් ජෝකර්..(රේ)
කොන්ඩයා හතර පෝයටම සිල් ගත්ත කෙනෙක්ද ..(රේ)
කොණ්ඩයා හොඳ මිනිහෙක්ද නැද්ද කියන එක මෙතනට අදාළ නැහැ. අද කොණ්ඩයාට වුණ දෙය හෙට රටේ හොඳ පුරවැසියකුට සිදුවීම වැළකිය යුතුයි (නි)
පුබුදු, ඔයා පටළවාගෙන වගෙයි. මිනිස්සු යහපත් අයහපත් කියලා බෙදන්න බැහැ. ඔය දෙකම මිනිස්සු තුළ තිබෙනවා. කොණ්ඩො වගේ කෙනෙකුගෙන් යහපත වැඩිය බලාපොරොත්තු වන්න බැරි වෙන්න පුළුවන්. නොකළ වරදකට ඔලුව පලා බොරු සාක්කි ගෙන ජීවිතාන්තය තෙක් හිරේ දැමීම අර කළා කියන වැරැද්ද වගේම භයානකයි. මෙමඟින් මේ මහත්වරු දෙන්න හදන පාඩම කොණ්ඩයාට සහ අර දරු පැටියාට විතරක් නෙමෙයි, මුළු සමාජයටමයි. (නි)
ඔය ඩීඑන්ඒ පරීක්ෂණ නැති කාලේ අපේ පොලිසිය හිරේ යවපු කී දාහක් අහිංසකයෝද කියලා දන්නේ දෙයියෝ තමයි.ගොඩක් අපරාධකාරයෝ අපුරුවට එළියේ ඇති (නි)
මේ මහත්වරුන්ට කොණ්ඩයා ගැන ඇතිවුණ විශේෂ අනුකම්පාව මොකද්ද? ඔයාලට ඒ ගැන මොකුත් හිතෙන්නේ නැද්ද? අපේ රටේ මේ වගේ නීතිය කතාකරන මහත්වරු ගැන අපි දන්නවා. (නි)
පොලීසිය දන නොතිබුණා නම් කරන විනාශය හිත ගන්නවත් පුලුවන්ද ? කොණ්ඩය හිරේ ... අයිය එළියේ ගෙවල් වලට රිංගයි . පොලිචිසිය ට නියම අපරාධ කාරයෝ හොයන්න ඕන නැති බව මයින් මානව පැහැදිලි වෙනවා(ම)
මේ ප්‍රශ්නයනම් ඉවරයක් නැති එකක්. (ර)
දැන් උදුල්ලා අර රත්නපුර කාන්තාව වෙනුවෙන් පෙනීහිටියා නේද? ඒ මනුස්සයාට මොකද වුණේ? (නි)
මෙහෙම ගියොත් අපේ අර අහවල් දේශපාලකතුමාට වෙන්නේ විහිළුකාරයෙකුගේ තත්ත්වයට පත්වෙන්න (නි)
කොණ්ඩයා ගැන කාරණයේදී මම නම් පොලිසියේ එතරම් වැරැද්දක් දකින්නේ නැහැ. ඒ පොලිසියේ වෙනත් වැඩ බැලුවහම. මොකද මෙතන එහෙම දේවල් වුණේ පොලිසියේ මොන පරමාර්ථයෙන්ද කියලා බලන්න ඕනෑ. සැකකාරයට ගහලා ප්‍රශ්න කරන එක ඉතින් ලංකාවේ සම්ප්‍රදායනේ. හදිසියේවත්, ඒ දවස්වල පොලිසිය නැත්නම්, ගමේ අය කොණ්ඩයා මරනවා. ඒ අතින් පොලිසිය කොණ්ඩයා ආරක්ෂා කළ එක අගය කරන්න ඕනෑ. (නි)
පොලීසිය මීට වැඩිය බුද්ධිමත්ව ක්‍රියාකල යුතුයි. (ර)
කවුද නූගත් දැන්? මේ අපරාධය කළ හැටි රූපවාහිනියෙත් කිවුවා නේද? (නි)
මෙම දුර්වල ක්‍රියාකාරිත්වය පෙන්වාදී ප්‍රතිසංශෝධනයක් ඇතිකිරීමට අනුබල දෙන්න. අපි ප්‍රාර්ථනා කරනවා ඔහුට සාධාරණය ඉටුවෙන්න කියලා (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
බුදු හාමුදුරුවොත් , අංගුලි මාල ගැන යහපාල විදිහට හිතුවනම් කොහොමද? මිනිහෙක් වැරදි කරන්න පුළුවන්.. ඒ වගේම ඒ මිනිහටම හැදෙන්නත් පුළුවන් කියලා මතක තියාගන්න.. යහපාල වැරදි නොකරපු රහත් කෙනෙක් වගේනේ හැසිරෙන්නේ.. කොන්ඩයා වැරදි කරලා තියෙනවනම් ඒවාට අනිවාර්යෙන් දඩුවම් දෙන්න ඕන..(ම)
මෙහෙම ගියොත් යහපාලට ගඟකවත් නාන්න යන්න බැරිවේවි. (බ)
කාක්කෝ එලි බැහැල.හැමෝගෙම මානව හිමිකම් රැකපල්ලා ..අර අහිංසක දැරිවිගේ මානව හිමිකම් ගැන හැර...කුඩා දරුවන්ට කළ අතවර සම්බන්දව කොන්ඩයගේ පෙර වැරදි තියෙන බව පොලිස් වාර්තාවල තිබුන..ඒ වගේම ඔහු වරෙන්තු කරුවෙක්..මේ මානව හිමිකම් කාක්කෝ අපරාධකරුවන් ගණිකාවන් දුෂකයින් වැනි සමාජ පිළිල වලට වන අසාධාරණ කම් ගැන මිසක ඔවුන්ගෙන් වින්දිතයාට වුනු අසාධාරණයකට මානව හිමිකම් වලට පෙනී සිටිනවා දැකල තියෙනවද? එන් ජි ඕ සල්ලි වලට ආත්මය පාවල දෙන මේ වගේ කාලකන්නින්ට වැහි නැති හෙනම පතනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ..මේක යහපාලනෙනේ..පොලිසිය මිට පස්සේ සැක කරුවන් අත් අඩංගුවට ගන්නේ නැතුව ඇග බේරා ගෙන පැත්තකට වේවි.මේ තිරිසන්නු ඕන ඕන විධියට අපේ දරුවන් හප කරාවි..උන් වෙනුවෙන් පෙනී සිටින්න කට්ටිය පැල් බැදගෙන ඉන්න කොට මොකටද බය වෙන්නේ..(බ)
අත් අඩංගුවට ගන්න සැක කරුවෙක්ගෙන් සුරතල් කරලා ප්‍රකාශ ගන්න බැහැ..යම් සීමාවකට යටත් වෙලා බලපෑමක් කරන්න වෙනවා අනිවාර්යයෙන්.සීමාව ඉක්මවා ගිය වගක්නම් අපිට මෙයාව දැක්කම පෙන්නේ නැහැ..මන් හිතන්නේ ඉදිරියේදී අපේ රටේ අපරාධ දරුණු ලෙස වර්ධනය වේවි..මේ යන විදියට සියලු පොලිස් නිලධාරීන් තම ඇග බේරා ගැනීම මිසක් අපරාධ මර්දනයක් ගැන නොසිතාවී.ඔවුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි. යහපාලනය ඉදිරියේදී මේ රට අපරාධකරුවන්ගෙන් පිරුණු පාතාලය රජවුණු ගෙදරට පැනල ගැණු දරුවෝ ඇදන් ගිහින් දුෂණය කරලා මරණ තත්වයට පත් වුනු අපරාධකරුවන්ගේ සැක බිය නැතිවුණු විසාලාවක් කරන බවනම් අපිට සක් සුදක් සේ පැහැදිලියි. (බ)
උදුල් ඇවිත් කැම්පස් කාලේදී දුන්න තෙල මතක් වෙනවා.. මුන්ගේ බොරු වැඩ තියෙන්න..(බ)
ප්‍රියන්ත ජයකොඩි මහත්තය කිව්වා කියල ඒ දැරිවිට අතවර කරපු විදියත් අර රන්ජන් ගොයියා මාධ්‍යවල ප්‍රසිද්ධියේ කිව්වේ..අහන්නකො ප්‍රියන්ත ජයකොඩි මහත්තයගෙන් මේ ජෝකර් කියපු කතාව ඇත්තද නැත්නම් අර හමුදාපතිව විකුණුව වගේ එතුමාවත් ප්‍රසිද්ධියේ වෙන්දේසියේ දැම්මද කියල..(බ)
යහපාල කියන්නේ සම්පුර්ණ ඇත්ත.කොන්ඩයා ඔය කියන තරම් හොඳ මිනිහෙක් නොවෙයි.සේයාට වෙච්ච අසාධාරණේ කතා කරන්නේ කව්ද?පෙර වැරදි තිබ්බ මිනිහෙක් වෙනුවෙන් කතාකරන මොවුන්,අර පොල් ගෙඩියක් හොරකම් කරපු පොඩි දැරිවිය ගැන වචනයක් කතා කළාද?මොකද දන්නේ නැහැ කොන්ඩයා ගැන විතරක් මෙතරම් කැක්කුමක්. (බ)
නීතිඥ මහත්වරු ප්‍රසිද්ධියට කොන්ඩයව විකුණන් කනවද කියල මගේ මෝඩ මොලේට හිතෙනවා. මොනවා කරන්නද මන්ද. (බ)
සල්ලි බලයට අද මොනවාද නොකරන්නේ (ම)
පොල් ගසක් යට සිට එළකිරි බිව්වත් රා බොන බවට පුර්ව නිගමනවලට එළඹෙන මිනිසුන් සිටින රටක, කොණ්ඩයා අපරාධකරුවකු කිරීම පුදුම වියයුතු කරුණක් නොවෙයි. නමුත් කොණ්ඩ දෙසොහොයුරෝ යහපත් මිනිසුන් වශයෙන් හැඳිනගෙන නැති පරිසරයක සැකකරුවන් වීමද අරුමයක් නොවේ.අපරාධකරුවකු පසුපස හඹායාම,හැඳින ගැනීම සහ තොරතුරු ලබාගැනීමේ දියුණු උපාය මාර්ග අපේ පොලිසිය හඳුනාගෙන නැති බවක්ද පෙනේ. සෑම පොලිස් ස්ථානයකටම එවැනි විශේෂ විදේශ පුහුණුවක් ලැබූ නිලධාරියකු පත්කිරීමේ කාලය එළඹ ඇත. කොණ්ඩයා වැනි තරුණයන් නිර්මාණය කළ විසම සමාජ ක්‍රමය පෙරළා දැමීම සඳහා කිසිම මානව හිමිකම් සුරැකීමට කැමති මහත්මයෙක් ඉදිරිපත් නොවන්නේ ඇයි. කොණ්ඩයාගේ මානව හිමිකම් සෙවණැල්ලට මුවාවීම අර්ථ දක්වන්නේ වෘත්තීය ප්‍රසිද්ධිය හැර වෙන කුමක්ද? (නි)
යහපාල, ඔබ අදහස් තුල හීන දකින ලංකාව මේ ජරා ජීරණය වූ ලංකාවයි. හෙටත් තවත් දරුවෙක් කොන්ඩ යෙක් සහ පෝරිසාද පොලිස් කරුවෙක් ඉන්නවා. අපරාද එන්න එන්න වැඩි වෙනවා. විෂම චක්‍ර බිඳ දැමීම පිළිබඳව ඔබලා වැනි අය සමග කතා කර පලක් නැත. (අ)
යහපාල/ ශෂී හොද සිහියෙන්ද කොමන්ට් කරන්නේ? කොන්ඩයා වැරදිකරු වුණා නම් නියම අපරාදකාරයා බේරෙනවා... එතකොටයි අර දැරියට යුක්තිය ලැබීමේ අයිතිවාසිකම නැතිවෙන්නේ... නිදැල්ලේ ඉන්න අපරාදකාරයා තවත් දැරියන් දූශනය කරාවි... දැරියගේ අයිතිවාසිකම් ගැන කියමින් පොලීසියේ සුදුහුනු ගාන්න හදන අයගෙන් අහන්න තියෙන්නේ මොලේ උඩද ඉදගෙන ඉන්නෙ කියල තමා. (අ)
පුෂ්ප මම පටලවාගෙන නැහැ. නරක මනුස්සයා නරකමය්. 1% ක් හොඳ වෙන්න උත්සහ කරත් සමාජයෙන් එක වෙන්න දෙන්නේ නැහැ. එත් මේ අයිය මලෝ දෙන්නා ගැන සමාජයේ හොඳ නමක් තිබුණ නම් පොලිසියෙන් එක සැරේට මෙයාල ගන්නේ නැහැ. එහෙම නම් ඔය ගමේ හිටපු ඔක්කොමල පොලිසියට ගන්න ඕන. සමාජයේ නරක අයට පොලිසියෙන් නරක නොම්මරයක් දීලයි තියෙන්නේ. ඒ නිසා ඉස්සරවෙලා ම බලන්නේ එයාල ගැන. ඒ නිසා මම අයෙමත් කියනවා මම පටලවාගෙන නැහැ කියලා. (අ)
කොන්ඩය ඉන්නේ කලේ. අමුවෙන් මාළු මරන් කනවා කිව්වා. එහෙම තිරිසනෙකුට ලෝයර් ලට දෙන්න සල්ලි කොහෙන්ද. අර විනිසුරු මහතා මරපු කුඩුකරයටත් ලෝයර්ල පෙනී හිටියනේ. කළු කෝට් කාරයෝ දේසපලකයෝ ඔක්කොම එකයි .මෙයාල මැරෙන්නේ පනුවෝ දමල.(රේ)
පුබුදු ලිපිය කියවන්න... මේ අය පැමිනිළි කරන්නේ කොණ්ඩයාට අත් අඩගුවේදී පහරදීම ගැන... එහෙම පොලීසියට සැක කරුවන්ට ගහන්න බෑ... දියුණු රටවල පොලිස් ක්‍රමවේද ගැන හොයල බලන්න.(රේ)
පිවිතුරු යහපාල තවම ගල් යුගයේ වගෙයි. පොලිසියට සැකකරුවෙක් ගෙන්වම නඩුව පොලිසියේම අහල දඩුවමත් දෙනවනම් මේ රටේ උසාවි ඕනි නැ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වෙයි . අපේ පොලිසිවල මහත්වරු ඇල් වතුරත් නිමල බොන සත්ගුණවත් අයනේ නේද? පුබුදු ප්‍රසන්න අනේ වාසනාවන් ඔබතුමා වගේ 100% සත්ගුණවත් මහත්වරු ! (බ)
ඊලග දවසේ අපේ පොලිසිය මෙතෙන අදහස් දාපු කිහිප දෙනෙක්වත් ගෙනිහිල්ල තඩිබාල නඩුවකට හිරේ යවනනවානම් තමයි මේ අයට අපේ පොලිසියේ හැටි පෙන්නේ. අද අපරාද හොයාගන්නේ 1800 ගණන්වල ක්‍රමයට නොවන බව මේ අයවත් පොලිසියවත් දන්නේ නැටි නැහැ
මානව හිමිකම් කඩන වැඩ ලංකාවේ වෙන කොච්චර තියෙනවද? (නි)
හොඳින් මතක තියාගන්න.කොණ්ඩයා සහ සොහොයුරා කරලියට ගෙනෙන්න කලින් අපේ පොලීසිය පාසල් සිසුවෙකු හා පියෙකු කරළියට ගෙනාවා විතරක් නොවෙයි ඔවුන්ට පොලිසිය දුන්නෙත් ඔය සහතිකයමයි.මාධ්‍යයෙන් හෝ කටකතා වලින් ඇහිදගත් කරුණු කාරණා මත කිසිවෙකුට චරිත සතික දීමට අපට කිසිම අයිතියක් නැහැ. (නි)
කොටකෙතන මාරුව කියන ඒවත් මෙහෙම තම ඇත්තේ..අද තාක්ෂණය දියුණු නිසා මේ නඩුවෙන් විතරක් තුන්දෙනෙක් බේරුනා.(ම)
උදුල්ලා වගේ අයට ලොකු වගකීමක් තිබෙනවා. රටට වාසනාවක් උදුල් (නි)
කවුරු මොනවා කිවුවත් කොණ්ඩයා වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
ලංකාවේ මානව හිමිකම් කියන සිහින ලෝකය හදනතුරුවත් අපි අනිවාර්යයෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)