සීතාවකපුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කළැයි කියන පහරදීමක් ගැන අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කළත් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගත්තැයි කියමින් නගර සභා සේවකයෝ කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
නගර සභාවේ ට්‍රැක්ටර සහ කුණු ලොරිද පාර මැද නතර කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම එකටම විරෝධතා පිස්සු නටන එක වැඩිකල් නොගොස් නැවැත්තුවේ නැතිනම් මුළු රටම විකාරයක් බවට පත්ත්වෙනවා. මෙවැනි දේ කරන්නේ නූගත් මිනිස්සු ඉන්න රටවල. ඇයි මේ පුංචි රටේ කතා කරලා හොඳින් ප්‍රශ්න විසඳන්න බැරි?මිනිස්සු නිකන් තැලෙනවා, රටේ නම කැත වෙනවා. (ස)
පී එච් අයි ලා ගැන අපි දන්නවා. සාධාරන දෙයක් නීතියක් නැති රටේ වෙන මොනවා කරන්නද? (නි)
ප්‍රශ්නය අදාළ අංශ සමග විසදා ගන්න. මහ පාර ,ජනතාවද වග කියන්නේ? (නි)
කට්ටියම දැන් මේවා පුරුද්දක් කරගෙන වගේ (නි)
පාර හරස් නොකර කුණු ලොරි ටික අරගෙන ගිහින් පොලිස් මිදුලේ බාන්න පුළුවන්ද බලන්න. (නි)
පාරවල් හරස් කරලා මගී ජනතාව ඇපේට තියාගෙන කරන උද්ගෝෂණ මුල ඉදලම හෙලා දැක්කේ මේක වසංගතයක් වෙන බව වැටහුනු නිසයි.මේ මිනිස්සු කුණු ලොරි දාලා පාර හරස් කරලා තියෙන හේතුව බලන්න.මේ හැම ප්‍රශ්නයකටම මුල පොලිසිය අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට නිසි පියවර නොගැනීම.එහෙම වුනානම් රතුපස්වල සිදුවීම වෙන්නෙත් නැහැ.. (නි)
කවුරුහරි වැරදි කෙනෙකුට ගහලා තියෙන්නේ (නි)
ඔන්න හමුදාවෙන් එනවෝ, දුවන්නෝ... (නි)
වතුර නම් ඉල්ලන්න එපා හමුදාව ගෙන්නලා වෙඩි තියලා දානවා හරිද ..? (ස)
හැම රජයේ සේවකයෙක්ම අනිවාර්යයෙන් තමුන්ගේ රාජකාරිය හරියට කල යුතුයි.මෙය පොලීස් මහත්වරුන්ටත්, නගර සභා සේවකයන්ටත් වලංගුයි. (ස)
උද්ඝෝෂණය කරර්න්නේ නැතුව මුකුත් ලබාගන්න බැහැ වගේ දැන් රටේ (නි)
ඔන්න කට්ටියට අස්වැන්නේ ප්‍රතිපල ලැබෙනවා. (නි)
දැන් දැන් රටේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්නේ පාරවල් වහලා මහජනයාට හිරිහැර කරලද? කුණු ලොරිවලින් පාර වහලා මහජනතාවට හිරිහැර කරන්න කුණු ලොරිකරුවන්ට ඉඩ දෙනවා නම් නීතියක් තිබිලා වැඩක් නැහැනේ. මේක නම් වහාම මුලිනුපුටා දැමිය යුතු වසංගතයක්. (නි)
කොහොමත් දැන් ලංකාවේ ප්‍රශ්න විසඳන්නේ ගොඩක් දුර දිග ගියාමනේ.ලොකු ප්‍රශ්නයක් වුනොන් පස්සේ කට්ටියම විසඳුමක් දේවී. (ස)
දැන් රටේ පුදුම නිදහසක්නෙ තියෙන්නෙ. පත්තරේ බැලුවත්, ටීවී ප්‍රවෘත්ති බැලුවත් උද්ඝෝෂණයක් දෙකක් නැති දවසක් නැහැ වගේ. හැබැයි පුතෝ පාරවල් එහෙම අවහිර කරලා පොලිසියෙන් හමුදාවෙන් ගුටිකන්න එපා. (නි)
මේක ඉන්දියාවෙන් අපට බෝවුණ රෝගයක්නේ. හැමදේටම උද්ගෝෂණ.... (නි)
හැම එකකටම පාරවල් වහගෙන උද්ගෝෂණ කරන්න පුරුදු වෙලා. (නි)