දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය සමීපයේ ගබඩා හතරකින් නරක් වූ ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු, කඩල, කරවල, තේකොළ හා සීනි කිලෝ ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ දඹුල්ල පොලිසියේ පරිසර ඒකකයේ නිලධරයෝ සමත්වූහ.
විනාශ කිරීම සඳහා වරායෙන් මුදා හැරෙන කුණු ලූනු කන්ටේනර් ගණන් දඹුල්ලට ගෙනවුත් කුණු වූ කොටස් ඉවත් කර සිමෙන්ති කුඩු තවරා යළි පාරිභෝගිකයනටම විකිණීමේ සූත්තරයක් ඇති බව මෙහිදී සොයා ගැනීමට හැකිවීයැයි දඹුල්ල නගරාධිපති කියයි.
ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ ගබඩාවල මේ ආහාර ද්‍රව්‍යතිබූ බවත්, සඳුදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා ද වැටලීමට එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ජාතික අපරාධවලට ද ඉතා දැඩි නීතී පනවා දේපලද රාජසන්තක කල යුතුයි.(ස)
හැමදේටම දේශපාලනේ ගාවගන්න එපා. දඹුල්ලේ නගරාධිපතිතුමා කොහොමත් මේවට මැදිහත් වෙනවා. පසුගිය කාලේ නරක් වූ අපිරිසිදු අහාර අලෙවිකරන ආපනශාලා වලට ගිහින් සොයා බලා ඒවාට විරුද්ධවත් එතුමා නීතිමය ක්‍රියාමාර්ග අරන් තිබුණා. (ස)
ජාලිය ඕපාත මහතා මිනිස්සු කිදෙනෙකුගේ ජිවිත බේරුවද? ඔබට ජාතියේ ප්‍රණාමය! (නදී)
මේ වගේ නිලධාරීන් රටටම වාසනාවක්! (නදී)
මෙව්වා දකිද්දී දඹුලු ගලත් කම්පා වෙනවා ඇති. ඔබ සැමට අපගේ ප්‍රණාමය ! (නදී)
ලංකාවේ වයාපාර නැත. ඇත්තේ කළුකඩය. (නදී)
මෙවන් වැටලීම් කරන නිළධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි කියල මමත් කියනවා (නදී)
මෙි වරද කරුවන්ට නියමිත දඩුවම් ලබා දෙනවාද? අනාගතයේ මෙවැනි දෑ සිදු නොවන්න වගකිවයුතු ආයතන ක්‍රියා කරගෙන යනවාද? කියන එකයි මහජනයාට වැදගත්. (නදී)
හනේ අම්මපා මේ වගේ නරුමයොත් ඉන්නවනේ මොන විදියකින් හරි සල්ලි හම්බ කරන්න බලාගෙන. අනිවාර්ය සිරදඬුවම් සහ ජිවිතේටම වෙළඳාම් කරන්ට බැරිවෙන විදියට මොවුන්ගේ නම් සහ හැඳුනුම්පත් විස්තර අසාදු ලේකනයේ සඳහන් කර අදාල ආයතනවලට දන්වන්ට ඕනේ. ලංකාවේ කොහේ හිටියත් වෙළඳාම් කරන්ට බැරි වෙන විදියට.(නදී)
අජන්ත මහත්තයෝ මේ කුණු ආහාර තියාගෙන ඉන්නේ විකුණන්න නෙමෙයි නම් කොම්පෝස්ට් හදන්න කියල හිතුවද ? (නදී)
කිසි අනුකම්පාවක් දුකක් නැතිව ඇයි මෙහෙම මිනිස්සු මරන්න හදන්නේ? (නදී)
"සිමෙන්ති කුඩු තවරා " කියන්නේ මොනතරම් අපරාධ කරුවෝද. දැනටත් මේවා කාල තමා ලංකාවේ වකුගඩු රෝග හැදෙන්ට මුල් වෙලා ඇත්තේ. නගරාධිපති ටත් මේවා කන්ට වෙනවා මෙහෙම හොයා බැලුවේ නැත්නම් (නදී)
සල්ලි ලැබෙනවා නම් මොනවද අද කාලේ මිනිස්සු නොකරන්නේ ? නගරාදී පති තුමාට මගෙත් ප්‍රනාමය (නදී)
මෙන්න පරිපාලනයට සහ දේශපාලනයට සුදුස්සෝ. අතන මෙතන උත්සව සහ පුටු රත් කරන එක ඇරෙන්න වෙන වැඩක් රාජාකාරී න්‍යාය පත්‍රයේ නැති උදවියට හොඳ ආදර්ශයක්. (නදී)
මේ වගේ ව්‍යාපාරකරන අයගේ නම් ගම් පින්තුර ලංකාදීපයෙන් හරි පෙන්නනවානම් අගය කොට සලකමි . මේ වගේ ජරා ව්‍යාපාරිකයන්ට නැවත කිසිම ව්‍යාපාරයක් කරන්න බැරි ආකාරයට දඩුවන් දෙන්න ඔනී,,ඔය කුණු ආහාරම කවන්න තියෙන්නේ මැරෙනකන්..... (දී)
කොළඹ ඉදන් දඹුල්ලට කොච්චර දුරද මේවා එතෙනට එන්නේ කොහොම පාරේ පොලිසිය නැද්ද (අ)
ඇත්තටම මේ වගේ ජාලිය ඕපාත වගේ නිලදාරියෙක් දඹුල්ලට සිටීම දඹුල්ල ජනතාවගේ වාසනාවක් .ජය සුබ ....(දී)
දස ගුණයක දඩ මුදලක් හා මස 6 නොඅඩු සිර දඬුවම් දිය යුතුයි වැටලු සියලන්ටමත් දඹුල්ල නගරදිපතිතුමටත් ප්‍රණාමය. (දී)
මේකනේ වෙන්නේ මේ අයට රුපියල් 1000 විතර දඩයක් ගහලා එලියට දායි. (නදී)
මොවුන්ට ඕනේ මුදල් පමණයි. මනුස්ස කම් නැහැ.(නදී)
කෝ අපේ සංවිධාන. මෙන්න තියෙනව ඇත්ත ප්‍රශ්න. පොඩ්ඩක් හොයල බලන්න පුලුවන් කැමතිනම්.(නදී)
මෙවන් වැටලීම් කරන නිළධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. (දී)
මේ වැරැදී කරන අය පොඩි දඩ මුදලක් ගෙවල එලියට එනවා, එ්ක තමා හේතුව මේ වගේ දේවල් හැමදම අහන්න ලැබෙන්න (ස)
මමනම් මේ පුවත දකින්නේ වෙනත් විදියකට. ගොවියන් මාස ගානක් අව්වේ පිච්චිලා දුක් විදලා ගෙනා අස්වැන්න නියම විදියට විකුණගන්න ක්‍රමයක් නැහැ. එතනින් බාගයක්ම විකුණා ගන්න බැරිව අහක දානවා. ඊලගට ගත්ත ව්‍යාපාරිකයෝ ඒවායේ මිල වැඩි වෙනකම් තිය ගන්නවා වෙළදපොලට දාන්න. නමුත් මේ හැමදේටම රජයේ නිලධාරීන් මිනිසුන්ගේ බදු මුදල් වලින් වැටුප් ලබනවා. ඔවුන් මොනවාද කරන්නේ! මේවා කල් තියා ගන්න ක්‍රම ඒ මිනි සුන්ට හදුන්වා දෙනවද? තවත් පිරිසක් මේවා විනාශ වෙනතුරු ඉන්නවා පිටරටින් මේවා ගෙන්නවල තමන්ගේ කොමිස් මුදල ගන්න. අන්තිමට ඉතින් සැමදා පුරුදු පරිදි මිටි තැනින් වතුර බසිනවා.(නදී)
ගබඩා කර ඇති නරක්වූ ආහාර පාරිභෝගිකයන්ට අලෙවි කරානම් තමයි නීතියෙන් වරදක් වන්නේ .මෙම වැටලීමට පරිභෝගික අධිකාරිය සහභාගී වෙලා නැහැ.මේක තනිකරම දේශපාලන වැඩක් .නැතිනම් නගරාධිපති මොකටද එන්නේ (ස)