පානදුර නගරයේ ඇති භෝජන ශාලා සහ සුපිරි වෙළෙඳහල් වටලා පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක් සෞඛය වෛද්‍ය නිලධාරීන් විසින් විනාශ කරනු ලැබීය. මෙහිදී කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ සුපිරි වෙළෙඳහල් තුනක් ඇතුළු වෙළෙඳහල් හතරකට විරුද්ධව නඩු පවරන බව සෞඛ්‍ය නිලධාරීහු පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙළදසැල් වල බිත්තර විකිණීමට තබා ඇත්තේ සාමාන්‍ය රාක්ක වලයි.බිත්තර අනිවාර්යයෙන්ම ශීතකරන වල තැබිය යුතුයි.ශීතකරන වල දමා නොමැති බිත්තර ඉක්මනට නරක් වෙනවා.ලංකාවේ උණුසුම් දේශගුණයට ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ. (නි)
අනේ ඔය අන්තිම පින්තුරේ තියන තැඹිලි වල්ල දින පැනපු එකක් උනාට විසි කරන්න එපා. (දිල්)
සුර පුරක්ව තිබු ශ්‍රී ලංකාව අද මිහිපිට අපායක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ නිසයි හොද කෑම වෙනුවට ජනතාවට කුණු වෙච්ච කෑම කන්න සලස්වල තියෙන්නේ. යකා ගේ හැටියටලු විමානේ.(නදී)
අනේ දෙවියනේ වටලන්නකෝ මාතලේ කඩවල්.අන්තිම අපිරිසිදුයි.නගරසභාව අහක් ඇරලා බලන්නේ නෑ.සති පොළ අපායක්.කැහි හොටු පිරුන පාරේ කුණු වලින් පෙගුන ගෝනි පඩංගු උඩ එළවලු පලතුරු අතුරලා.පත්තර මුද්‍රණ කරන තීන්ත පිළිකා කාරක බව කොතරම් කියුවත් මස් මාළු ඔතල දෙන්නේ පරණ අපිරිසිදු පත්තරවල.ගෙදර ගිහින් බලනකොට පත්තරේ ජරාවයි අකුරු තින්තයි ඔක්කොම මස් මාළු වලට උරාගෙන. නගරසභාවේ අයට කීවත් වැඩක් නෑ.අපි අසරණයි.ලන්කදීපයෙන්වත් මේවා පෙන්වල නිවැරදි කරලා දෙන්න. (දී)
අපි කන්නේම කුනු කෑමද කියල සැකයක්තියෙනවා (දී)
ඒ වගේම ප්‍රමිතියට කිරන හොද බඩු විකුණන වෙළෙන්දොත් නෑතුවාම නොවේ. (නි)