කතරගම ඇසළ මංගල්‍යය පැවැති දින 15දී ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනින් එකතුවී ඇත. එවැනි දෑ පුදබිමේ නොදමන්නැයි මාධ්‍ය හා පෝස්ටර් මගින් කළ ඉල්ලීමෙන් ඵලක් වී නැත.
බැතිමතුන්ට පානීය ජලය ලබාගැනීමට තිබූ ජල ටැංකිද කඩා දමා ඇතැයි කියති.
කතරගම සොභා පරිසර තුරුණ සමාජයේ තරුණ තරුණියෝ මේ කුණු ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූහ.





COMMENTS
නීතියෙහි අක්‍රිය බවට හොදම උදාහරණයකි විනයක් අහිමි හිස් අනුගාමිකයන් බහුල රටකි (බ)
වෙනසක් පේන්න තමිල්නාඩුව වගේ හරි ගස්සලා (බ)
බොහොම පින් ඔය නන්ගීලාට ,මල්ලීලාට .අඩු ගානේ මේ අයට සනීපාරක්ෂක ඇදුම්වත් දෙන්න බලදාරීන්ට පේන්නේ නැද්ද. පව් ඒ අයට සපත්තු ,අත් ග්ලුස්වත් නෑ.(අ)
පින්තුර ටික දැකපුවහම තේරෙනවා ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය තමන්ගේ වගකීම වෙළෙන්දෙකුට විකුණලා කියලා. ප්‍රමිතියක් ඇතිව සැලසුම් කල කසල බඳුන් වෙනුවට ප්ලාස්ටික් බැරල් කපල තැන තැන තියලා. දහදොළොස් දෙනෙකුගේ අාහාර දවටන දමපුගමන් භාජනේ පිරිලා. මිනිස්සුන්ටම දොස් කියලා හරියන්නේ නැහැ. වගකිවයුතු ආයතනවලට නිවැරදි සැලසුමක් තියෙන්න ඕනේ (හේ)
කුණු දාන්න එපා කියල ප්‍රචාරය කරලා වැඩක් නැහැ. සෙනග එකතු වන තැනක් නිසා කුණු දාන්න තැන් සකස් කර දිය යුතුයි. එම කුණු ඉවත් කරන්න විධිමත් වැඩ පිළිවෙලක් ප්‍රාදේශීය සභා නගර සභා වලින් ක්‍රියාත්මක කලයුතුයි.(ම)
දරුවනේ, ඔය කසල අත පත ගානකොට ග්ලව්ස් පැළඳ වැඩ කරන්න.නැති ලෙඩ ඇති වුනාම ඔය කව්රුවත් එන්නේ නැහැ පිහිටට,තමන්ගේ දෙමව්පියන් මිසක්.(බ)
ලංකාවට අවශ්‍ය සිංගප්පුරුව වගේ විනය සහිත පාලනයක්. (ම)
ඒ පැත්තම ගන්න දෙයක් නෑ.(හේ)
ලංකාවේ බොහෝ දෙනෙකුට පරිසරය අපවිත්‍ර වීම ගැන කිසිම අවබෝධයක් නැහැ නැත්නම් ඒ ගැන සැලකීමක් නැහැ. තමන්ගේ වැඩේ කර ගත්ත නම් එච්චරයි. (හේ)
අනේ දෙයියනේ! (හේ)
මේ දුවලා පුතාලට පින් සිදු වේවා. රට විනාශ කරන කොයි කටටත් දේව කෝපය ලැබේවා.(හේ)
දෙවියෝ බලන්නේ මෙන්න මේ ළමයි දිහයි. (හේ)