කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඇති කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන පෙබරවාරි 25 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ නීතිඥ නුවන් බෝපගේ මහතාය.පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස කොළඹ නගර සභාව,නාගරික සංවර්ධන අධිකාරිය සහ පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ඊවා වනිගසුන්දර,බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සමේ කරුණු විමසා බැලිණ.
පෙත්සම විභාගයට ගැනීමට සති තුනකට පෙර පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කරන ලෙසත් කුණු කන්දට අදාළ විසදුම් හා සැළසුම් ඇතොත් ඒවා පෙත්සම විභාගයට ගැනෙන අවස්ථාවේ ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අලංකාර කරන්න කුණු ටික කොළොන්නාවට කොළොන්නාවේ මිනිස්සු හොඳට ඉන්න කැමැති නැද්ද. ඡන්දය එනකොට ඔක්කොම පොරොන්දු වෙනවා. කන්ද කෙන්ද කරන්න. අනේ පව් එදා ටීබී හදපු දහම් පුරය (බ)
මැතිවරණ කාලෙදිත්, ඉන් පසුවත් සමහර දේශපාලකයෝ සහතික කරලා පොරොන්දු වුණා මාස 3 ක් ඇතුළතදී කුණු කන්ද ඉවත්කිරීම පටන් ගන්නවා කියලා. දැන් මාස දෙකකුත් ගෙවුණා. තවම නම් කිසිම දෙයක් වෙන පාටක් නැහැ (නි)