මීතොටමුල්ල කුණුකන්දට එරෙහි විරෝධතාවයට  පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි කොළොන්නාව නගර සභාවේ සභාපති පද්ම උදය ශාන්තට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිරාන් මහතා දැඩි අැප කොන්දේසි ද පැනවීය.

නීතිය අතට නොගන්නා ලෙසත්, සැකකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් නගර සභාපතිට අවවාද කළේය.

මීතොටමුල්ල ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක්ද උසාවිය තුළ ඇතිවූ අතර එකිනෙකා තර්ක විතර්ක  කිරීමට යාම හේතුවෙන් විනිසුරු සිය ආසනයෙන් බැස ගියේය. ඒ හේතුවෙන් නඩු විභාගය විනාඩි 10ක පමණ කාලයක් ප්‍රමාද විය.

Kolonnawa_20161436