පිටරටින් ගෙන්වු අර්තාපල් කුණු වීමෙන් පසුව කන්ටේනර් පිටින් දඹුල්ලට ගෙන යන ඇතැම් ව්‍යාපාරිකයින් එවායෙන් හොද අල තෝරා කුණු වී පණුවන් ගැසු අල රාත්‍රී කාලයට දඹූල්ලේ තැන තැන දැමීමෙන් මහජන සෞඛ්‍යට බරපතල ප්‍රශ්නයක් එල්ල වී ඇතැයි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි.
මෙවැනි අල ගබඩා කළ ස්ථාන කහිපයක්ම සොයා ගිය පුරපතිවරයා සෞඛ්‍ය නිලධරයන් හා පොලීසිය කැඳවීය.
අද (12) උදේ කණ්ඩලම ප්‍රදේශයේ කුණු අල දමා ගොස් තිබිණි.
ගබඩා තුනකින් කිලෝ ලක්ෂයක් පමණ අර්තාපල් සොයා ගැණින.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට හා මිනිස්සු ආපහු ගල් යුගයට යමිනුයි පවතින්නේ (නි)
පාරේ යන එන කොට කෙල ගැහැව්වත් දඩ ගසන නීතියක් ගෙනවානම් මේවා හදන්න පුළුවන් විනයක් නැතිකම තමා (අ)
මේ වගේ නිහීන, දීන වැඩකට බල්ලෙකුගේ පින්තූරයක් යොදාගැනීම සුදුසු නැහැ කියලයි මට හිතෙන්නේ. ඒක බල්ලට කරන අගෞරවයක් (අ) .
එක කුණු අල අය්තිකරුවා නොවෙයි මුහුණ දියා බලලා කියන්න බැරිද (අ)
ඔයා හරි ප්‍රදීපා....ඇත්තටම එළවලු රොටි,මාළු පාන් වගේ ඒවායේ 80%කම තියෙන්නේ කුණු එළවලු.කැම්පස් වගේ තැන්වල ලාබෙට දෙන බත් එකේ තියෙන්නෙත් ඒවම තමා.අපිට ඒක අතටම හසුවුණු අවස්ථා තිබුණ.අපේ නිලධාරීන් මොන වැටලීම කලත් තාමත් තත්ත්වය එකසේමයි (අ)
ඇයි අපට අල ටිකක්, ලූණු ටිකක් වවා ගන්න තවමත් බැරි. අනේ මන්දා කවදද ආශ්චර්යමත් ලංකාවක් දකින්නෙ? (නි)
මේවා නිතරම සොයා බලා වැරදිකරුවන්ට දැඩි දඩ ගසන්න. (නි)
ටික දවසක ඉදලා සමහරුන්ගේ අදහසුත් කුණු අල වලින්ම හදපු එළවලු රොටි මාළු පාන් වගේ, ඒකටත් හරියන්න ගම්මිරිස් දාලා බඩ පපුව පිච්චෙනවා. (නි)
ඔය පින්තුරයේ ඉන්නේ කුණු අලවල හිමිකරුවාද.ඒවගේ අය තමයි ඔයවගේ වැඩ කරන්නේ. (අ)
ලංකාවේ මිනිස්සුත් පුදුම ජාතියක්.ඕනෑ ජරාවක් කනවා.ලංකාවේ කඩ වලින් වැඩිහරියක් විකුණන්නේ කුණු ජරාව.ඒත් ගිලිනවා.මිනිස්සු ජරාව කන එක ප්‍රතික්ෂේප කළොත් මෙය වෙනස් කළහැකිය. (නි)
අන්න ලොකු ලුනු, සහ අලවලට වලට බදු වැඩිකරලා ....පව් දෙකක් නෑ මේක ගොවියන් ගැන හිතලම ගත්ත තීරණයක් . (ස)
දඹුල්ලේ කුණු නැති එක නෙමියි ගොනෝ මේ කියන්නේ...කොලම්බින්ම කුණු ගොඩට දාන්න ඕනි ඒවා ආයේ .......... (ස)
මේවා කුණුවෙන්න කලින් අඩු ගානට විකුනුවා නම් ව්‍යපාරිකයටත් පාරිභෝගිකයාටත් දෙන්නටම සාදාරනයක් වෙනවා. දැන් ඉතින් කුණු වෙච්ච ඒවායේ පාඩුව කුණු නොවිච්ච ඒවා විකුණනකොට එයාලා පියවාගනී. අපිට ඉතින් කාලයක් යනකම් අර්තාපල් කන්න බැරිවෙයි. ආර්ථික විද්‍යාවේ ඉගැන්නුවේ එහෙමයි. (නි)
අපේ සමහර අය හැම දෙයක්ම විහිලුවට ගන්නේ අයි කියල හිතාගන්න බැහැ නේද නාලක ? (අ)
අනේ මේ කුමාර අහංසක සත්තුන්ට අපහාස කරන්න එපා හරිද? (ස)
ඇත්තටම මේ පින්තුරයට බල්ලෙකුගේ රුපයක් දම්ම එක වැරදි කියා මම හිතනවා හොර දේශපාලකයෝ සහ ඔවුන්ගේ හෙන්චයියලයි මේවට වගකියන්න ඕනේ කෝ වෙළඳ ඇමති සහ සුව ඇමති ? (ස)
දඹුල්ල පැත්තේ කුණු ගොඩවල් නැද්ද (දී)
මේවාට අපේ දේශපාලකයෝ තමයි වග කියන්න ඕනේ (දී)
ලංකාවේ වැවෙනා දේවල් පිටින් ගෙන්වීම සීමා කළ යුතුය.අපරාදේ මුදල්. කෝ මේ බලධාරීන්? (නි)