
(කේ. බුද්ධික කුමාරසිරි, ගයාන් සූරියආරච්චි සහ මනෝප්‍රිය ගුණසේකර)
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිටට පැමිණි පුද්ගලයකු අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
අදාල වෙළද සැල වෙත තවත් පුද්ගලයකු සමග යතුරු පැදියකින් පැමිණි සැකකාර වෙඩික්කරු යතුරු පැදිය මාර්ගය අසල නවත්වා ඉන් බැසවිත් කෑ ගසමින් අහස දෙසට වෙඩිල්ලක් තබා පලා ගොස් ඇත.
එම වෙඩි තැබීම මිලි මීටර් 38 වර්ගයේ රිවෝල්වරයක් භාවිතා කරමින් සිදු කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය යම්කිසි කප්පම් ගැනීමේ සිද්ධියක් මත සිදුකල වෙඩි තැබීමක් බවටද සැක කරන බවද පොලිසිය පවසයි
(ඡායාරූප: කේ. බුද්ධික කුමාරසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය දැන් තිරගත වේ…..
ගිණි අවි සහ ගිණි කෙළි... හරියට TV එකේ යන මෙගා ටෙලියක් වගෙ දිනපතාම ....