
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
කඩුගන්නාව ප්රදේශයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව ප්රදේශයේ මහනුවර කොළඹ ඒ 01 මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය හෙට (11) පෙරවරු 6.30 දක්වා වාහන ගමනාගමනයට වසා තැබෙන බව මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියයි.
මෙම ගල් පෙරළීම අද පස්වරු 5.30ට පමණ සිදුවී තිබෙන අතර එම ගල්කරලීමත් සමග මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියකට බරපතළ හානි සිදුව තිබෙන බවද පොලිසිය කියයි.
එම මාර්ගයේ ස්ථාන ගණනාවකින් ජලය සමඟ ගල් පෙරළීමේ අවදානමක් මතුව තිබෙන බවද පොලිසිය කියයි.
පවතින මෙම අවදානම් තත්ත්වය හමුවේ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද මහනුවර දිස්ත්රික් ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd