තිස්ස මඩවල/ සමන්ත විජේසිරි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරගය පැවති ජුනි 20 වැනිදා එංගලන්තයේ කාඩිෆ් ක්‍රිඩාංගනයට කඩා වැදුණු මනිමාරන් සදාසර මුර්තීට (42) කාඩ්ෆ් මහෙස්ත්‍රාත් උසාවියෙන් පවුම් 250 (රුපියල් 50000) ක දඩයක්ද පවුම් 85 (රුපියල් 17000)ක උසාවි ගාස්තුද පවුම් 25(රුපියල් 5000) ක තවත් දඩයක්ද නියම කළේය.මාටින් බ්‍රවුන් විනිසුරු ඔහුට දඩ ගෙවීමට සතියක් කල් දුන්නේය.
නීතීඥ සහාය නැතිව ඔහු උසාවියේ පෙනී සිටියේය.එංගලන්තයේ සරේ ප්‍රදේශයේ පදිංචි ඔහු සමඟ ඉදිරිපත් කළ තවත් හය දෙනෙක් නිවැරදිකරුවන් බව කීහ.
රේගම් කුමාර් බාලචන්ද්‍රම් (23),එස් කාර්තිකේසු (25),තිලක්ෂන් කුලසිංහම් (19), කේ මහේෂ්වරන්(20),එස් නඩරාජා (24), ටී.රත්නම් (31) නිවැරදිකරුවන් බව කී පස් දෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ලොකු මුදලක් නෙමෙයි. අඩුගානේ පවුම් 5000 ක් විතර දඩ ගැහුවා නම් කමක් නැහැ (නි)
මෙයාලව එංගලන්තෙන් පිටුවහල් කළා නම් ඉවරයි. මේ දඩය සුළු මුදලක් එංගලන්තේ වැටුප් සමග සංසන්දනය කළහම (නි)
පිස්සුද බන්දුල මහත්තයෝ ඒවා නිකම් අපේ අය කියන්න දෙයක් නැතිව කියන ඒවා නේ. (අ)
අහල කියන්නං. (අ)
අපෝ මදි මදි හොදටම මදී. මුන්ගේ ඩයස්පෝරාවට ඔය ගාන ලොකු නැහැ. (අ)
පවුම් 250 ක් කියන්නෙත් බර දඩයක්ද? ඔන්න පවුම් 10000ක් විතර නම් බරයි, සාධාරණයි. සුද්දා තාමත් ලංකාවට කරන්නේ වින විතරමයි. (නි)
මේ වගේ ලක්ෂ ගානක් මුන්ට හම්බවෙලා ඇති. (නි)
රුපියල් වලින් බර ගානක් කිව්වට පවුම් වලින් සුළු ගානක් මේක ලන්ඩන් වල මාසයක ගෙවල් කුලිය කියක් විතර වෙනවද එහෙම රුපියල් වලින් බැලුවොත් ?(නදී)
මිනිහව මෙහාට එවන්න. බස් ගාස්තුවත් අපි ගෙවන්නම් (නි)
ඔය දඩය එයාලට ලොකු ගානක් නොවේ (නි)
පින් සිදුවේවි, ලංකාවට එවන්නකෝ (නි)
මේ වගේ නඩු එංගලන්තයේ මෙපමණ ඉක්මනින් ඉවර වුනාට අපේ ආශ්චර්යමත් ලංකාවේ අඩුම අවුරුදු 3 ක්වත් ගත කරනවා. තංගල්ලේ ජීවිතය අහිමිවූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ නඩුව ඉවර වෙනතුරු අපිත් ඔවුනුත් බලා සිටිමු (නි)
මේකත් ගානක්ද? අපි සමහර එකවුන්ට් විභාග වලට ඔයිට වැඩිය කොච්චර ගෙවනවද විභාග ගාස්තු සහ සාමාජික ගාස්තු ලෙස. මේකෙන්ම ඔප්පුවෙනවා එන්ගලන්තයේ තියෙන කොටි හිතවාදි බව (නි)
වරද කරපු ගමන් දඬුවන් කළහම ඒක ලෝකයම දන්නවා. අපේ රටේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා කුරෝලු කරලා තමයි දඩුවම් කරන්නේ.පරීක්ෂන නිමකරන්නත් අවුරුදු ගණන් යනවා (නි)
එතකොට ක්‍රෙඩිඩ් කාඩ් හොර කව්ද? මෙය නොවෙයි ද.?මේ යකාම නම් ඉන්ටෙර්පොල් එක මෙයාව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ මොකද මෙහෙම එළිපිටම ඉදිද්දී.(අ).