ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් යොදා ගනිමින් හැටන් නැෂනල් බැංකුවේ ටෙලර් යන්ත්‍රවලින් රුපියල් කෝටි 300ක් හොරෙන් ගත් සිද්ධියට සම්බන්ධ යෝගේෂ්වරන් මනිමාරන් නම් ප්‍රධාන සැකකරු ලන්ඩනයේ මැන්චෙස්ටර් පොලිසියෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නීෂාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ඉන්දියා අයි.සී.සී ක්‍රිකට් තරඟයේ දෙවැනි අර්ද අවසන් තරඟය පවතිද්දී කොටි කොඩියක් රැගෙන කාඩිෆ් පිටිය ආක්‍රමණය කළ මොහු මැන්චෙස්ටර් පොලිසියෙන් වසන් වී සිටින බව මැන්චෙස්ටර් පොලිසිය දැනුම් දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
දැනට අත්අඩංගුවේ සිටින ආනන්ද රූපම් කුලදීපන් හා බාල සුබ්‍රමනියම් උදයනන් රහස් පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු නැවතී සිටින තැන ගැන හොයාගන්න බැරිද? (නි)
එතකොට ඉන්දියාවෙන්ද අපිට හොද කරලා තියෙන්නේ ...... ඉන්දික (ස)
මෙයාලට දෙන්න තියෙන්නේ අරයට උණ ගැනෙන්න. (ත)
එංගලන්තේ පොලිසියට මෙයාව අල්ලන එක සුළු දෙයක්. ඒත් අල්ලන්නේ නැහැ . අපේ දේශප්‍රේමී ටික මෙයාව අල්ලනකන් උඩ බලන් ඉන්නවා. දැන් දේශප්‍රේමින් මට බැනපල්ලා.(නදී)
මේ එංගලන්තේ මැංචෙස්ටර් පොලිසිය නේද ? (ස)
මේ මනුස්සයව අත් අඩංගුවට ගන්න කලින් අල්ලන්න තවත් කෙනෙක් ඉන්නවා (නි)
එංගලන්තේ කෙනෙකුට මොනවාහරි ලංකාවේදී වුණහම ඇමතිවරු පවා ඇවිත් අපේ ඉහළම අය හමුවෙන්න බලනවා.හැබැයි අපේ රටට අපරාධයක් කළොත්....? (නි)
චමල්, අපි ඕක දන්නේ සියවසකටත් කලින් ඉදන්.බනින්නේ මොකටද අනේ. අනුකම්පා කරමු. (නි)
සුදුසු තැනකට යවන්න වැඩපිළිවෙලක් සකස්කරන්න.එය තමා හොඳම දේ. (නි)
එංගලන්තේ පොලිසිය මොකද කරන්නේ? පව්! ස්කොට්ලන්ඩ්යාර්ඩ්,මෙට්‍රොපොලිටන්,සිටි පොලිස් වගේ කීයක් නම් තිබෙනවද? එංගලන්තේ අය කවදත් අපිට හොඳක් නම් කළේ නැහැ (නි)