IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කඩුවෙල කුණු ගොඩට නඩු

කඩුවෙල වෙලේ හන්දියේ කසල ගොඩ ඉවත් කරන ලෙස  කඩුවෙල මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා කඩුවෙල මහ නගර සභාවට නියෝග කළේය.

කොම්පෝස්ට් පොහොර සැදීම සදහා එහි ගොඩ ගසා ඇති කුණු ගොඩ සෞඛ්‍යයට හා පරිසරයට  බලවත් ප්‍රශ්නයක් බව කියමින් කඩුවෙල උප නගරාධිපති බුද්ධික ජයවිලාල් ,ජ වි පෙ නාගරික මන්ත්‍රී අසිත නිරෝෂණ, එ ජා ප මන්ත්‍රී අජිත් රුද්රිගු ඇතුළු දස දෙනෙකුගේ පෙත්සම් මහෙස්ත්‍රාත‍් විසින් සලකා බැලිණි.

නගරාධිපති ජී එච් බුද්ධදාස , නාගරික කොමසාරිස් ගාමිණි ගුණසේකර වග උත්තරකරුවෝය.

 දිනකට කසල ටොන් තිස්පහක් පමණ ගොඩ ගැසෙන බව පෙත්සම්කරුවෝ කීය.

ලබන 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයිද මහේස්ත්‍රාත් වග උත්තරකරුවන්ට දැන්වීය.



අදහස් (0)

කඩුවෙල කුණු ගොඩට නඩු

චානක Tuesday, 06 August 2013 10:38 AM

කඩුවෙල විතරක් නෙමෙයි මහත්තයෝ, අර මීතොටමුල්ලෙත් ලොකු කුණු කන්දක් තියනවා. ලෝකේ ලොකුම කුණු කන්ද ලෙස ගිනස් පොතට යවන්න පුළුවන්! (නි)

:       0       0

දර්ශන නාරායන Tuesday, 06 August 2013 10:57 AM

කසල ගොඩ එකම තැන ,හැමදාම බාලගිරි දෝෂය. කළමනාකරනය හොඳ නම් දක්ෂ නම් තත්වය මෙයට හුගාක් වෙනස් වෙන්න තිබුනා. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 05 August 2013 07:35 PM

මේ නඩුව කුණු ගොඩට යන එකක් නැහැ

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 06 August 2013 11:11 AM

අනේ බලන්නකෝ, බියගම වල්ගම රාත්‍රී පොළ. තනිකරම දැන් බල්ලෝ ලැගුම් ගන්නා තැනක් වෙලා (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Monday, 05 August 2013 09:30 PM

කොහෙද ඉතින් නගරාධිපතිට නගරේ කුණු ගැන හොයන්න වෙලාවක් නැතුවා ඇති (නි)

:       0       0

පියල් - කඩුවෙල Monday, 05 August 2013 09:42 PM

මහේස්ත්‍රාත්තුමාට ගොඩක් ස්තුතියි. ඔය කුණු කන්ද හරිම කරදරයක් අපිට. කඩුවෙල නගරයට පැමිණිලා බලන්නකෝ අපිළිවෙල. ලස්සනට තියාගන්න පුළුවන් නගරයක්. කඩුවෙල පොළට බල්ලෙක්වත් යන්නේ නැහැ. තව එක බැසිල් කෙනෙක් හරි ගෝඨාබය කෙනෙක් හරි කඩුවෙලට එනකම් අපි ආසාවෙන් බලා ඉන්නවා. (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 06:29 AM

කට්ටියම එකතුවෙලා මේ තොගයම අර මැතිවරණ පැවැත්වෙන පළාත්වලට යැව්වා නම් ඒවායෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අය එහෙ ඉන්නවා. ඒ වගේම හෝදන්නත් ඕනෑ තරම් කට්ටිය ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

අර්ෂා Tuesday, 06 August 2013 08:00 AM

ලංකාවේ නගර සභාවල කසල කළමනාකරණය නම් අන්තිමයි. (නි)

:       0       0

ඉෂාර Tuesday, 06 August 2013 08:27 AM

අහවලා නම් දන්නේ, කතිර යුද්දෙ කිට්ටු වෙද්දි ඩෙංගු මර්දනය කියලා දුම් ගහන්න විතරයි. (නි)

:       0       0

මුණසිංහ Tuesday, 06 August 2013 08:27 AM

ඔන්න විමල් මහත්තයා ඇන්නා ටොක්කක්! (නි)

:       0       0

චන්ද්‍ර Tuesday, 06 August 2013 08:48 AM

කුණු ප්‍රශ්නය තවම කුණු (නි)

:       0       0

අරුන් Tuesday, 06 August 2013 09:13 AM

අපේ අහවල් මහත්තයා ඡන්දෙ කිට්ටු වෙද්දී වැඩේට බහීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site