සෙවනගල නිවසක කොඩිවිනයක් කපා ත්‍රීරෝද රියකින් එමින් සිටි යකැදුරකු උඩවලව තණමල්විල පාරේ මහආර හංදියේ දී රිය අනතුරකින් මිය ගොස් ආවතේවකරුවන් බව කියන තිදෙනකු තුවාල ලැබූ බව සෙවනගල පොලිසිය කියයි.
විදුලි පහන් කණුවක ආධාරයට ඇති කම්බියක ත්‍රිරෝද රිය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොඩිවිනය කපල හරියට බිල්ල නොදී එද්දී , එ්කේ හිටපු මහසෝනා කට්ටඩියාගේ පස්සෙන් ත්‍රි රෝද රථය පසු පස ඇවිත් බිල්ල ගත්තා වාගේ (නදී)
තමුන්ගේ ආරක්ෂාව ගැනවත් දන්නේ නැති මිනිහෙක් අනුන්ගේ ආරක්ෂාවල් ගැන කියන්නේ. මේ වගේ අනුවන විශ්වාසවල් තියෙන අනුවන මිනිස්සු තවම ලංකාවේ ඉන්න හැටි.(නදී)
අපලයක් තියෙන්න ඇති. නේද? (නි)
මේවා තවත් අයට හොඳ පාඩම් (නි)
යකා ගහන්න ඇති එළවාගෙන ඇවිල්ලා. (නි)
උතුම් වූ බුදු දහම පෙනෙන මානයේ තබාගෙන කිමද මේ බැදි වල ඇවිදින්නේ? අමනුස්ස බලවේග සමඟ ගනුදෙනු නොකර මේ කෙටි කාලය තුල හැකිතාක් කුසල් දහම් රැස් කරන්න. (නි)
යකදුරාටත් කවුරුවත් කොඩිවිනයක් කළාවද්ද? (නි)
මම නම් පිළිගන්නේ නැහැ. මොන හොල්මන්ද? (නි)
යක්කු එළවලා එනකොට කොහොමද කම්බි පෙනෙන්නේ? (නි)
රීරි යකාට දොලපිදෙනිය දෙන විට හොඳ වර්ගයේ විස්කි ටිකක් දුන්න නම් යකා පස්සෙන් පන්නනේ නෑ. (ස)
මේක නම් කොඩි විනයක් කපලා එනකොට වෙන්න බැහැ. කාට හරි කොඩි විනයක් අඹරල එන ගමන් වෙන්න ඇති. (නදී)
යකා දීලා වැඩේ.......(අ)..
හරියට කොඩිවිනය කැපිල ඒකයි.(නදී)
ඉසුරන්දි ,කැලුම් සහ හේවගේ ගේ අදහස් නම් හරි අපුරුයි (නි)
බිල්ලක් දෙනවා කියලා යකා රවටලා එන්න ඇති. ඌ පසුපසින් පැමිණ යකැදුරාව බිල්ලට ගන්න ඇති (නි)
ඕනෑම යකැදුරෙකුට මම අභියෝග කරනවා පුළුවන් නම් මට හූනියමක් කරන්න කියලා. (නි)
ආතුරයන්ගේ අපල හොඳකරන කට්ටඩියාව එලොව වීසා ගැන යක්ෂ මණ්ඩලයෙන් දැනුවත් කර නැතිපාටයි (නි)
මොන යකෙක්වත් නිසා නෙමෙයි. අපිට හිතාගන්න පුලුවන් (නි)
කවුරුහරි දන්නවද අවුරුද්දකට ත්‍රීරෝද රථ වල ගිහින් මියයන ප්‍රමාණය? මම හිතන්නේ රටේ මරණ වලින් භාගයක්ම පුද්ගලික බස් හා ත්‍රීරෝද රථ නිසා කියලා. (නි)
අනිවාර්යයෙන් යකා ගහන්න ඇති. දැන් මිනිස්සු කියන්නේ ඕකනේ. මොකා ආවත් නැතත් මැරෙන්න තියෙන වෙලවට මැරෙනවා (නි)