තමන්ට විරුද්ධ වන මාධ්‍යකරුවන්ට දඩුවම් දෙන හැටි දන්නා බව විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් නිනුක් කිරීමට ජාතික පොලිස් කොමිසම අද තීරණය කළේය.
රංජිත් පෙරේරා පොලිස් සේවයෙන් විශ්‍රම ගොස් කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අයකු හෙයින් ආයතන සංග්‍රහය යටතේ ක්‍රියා කිරීමට හැකියාව නැති බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
ලබන අගෝස්තු නව වැනිදා නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරාගේ මාස හයක කොන්ත්‍රාත් සේවා කාලය අවසන් වෙයි.
COMMENTS
යම් කෙනෙක් රජයේ සේවයට කොන්ත්‍රාත් පදනම හෝ තාවකාලිකව සේවයට බඳවා ගත්තා නම් ඔහු රජයේ සහ එම ආයතනයේ සියලු නීතිරීති වලට යටත් වෙනවා. එහෙම ආයතන සංග්‍රහයට යටත් නොවන තනතුරක් කොන්ත්‍රාත් ක්‍රමයට හෝ තාවකාලිකව හෝ වෙනත් ක්‍රමයකට යමෙකුට දෙනවා නම් එ්ක රජයේ අනපනත් කඩකිරීමක්. (නි)
සහතික ඇත්ත ලලිත්....මේ ගොල්ලෝ රාජ්‍යසේවා කොන්දේසි ගැන අපිවගේ සාමාන්‍ය අයගෙන්වත් ඉගෙනගන්න ඕන. (බ)
කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අයගේ කොන්ත්‍රාත් ආයතන සංග්‍රහයට අනුව සකස් කරලා නැතිනම් ඒක රටේ මහජනයාගේ වැරද්දක් කියලයි මම හිතන්නේ.(හේ)