ඕස්ට්‍රේලියා යන්නට ගොස් මුහුද මැදදී යාත්‍රාව කැඩී වෙළඳ නැවකින් බේරාගෙන නාවික හමුදාවට භාරදුන් උතුරු නැගෙනහිර වැසියන් 73 දෙනකු අද උදේ 7.30 ට පමණ ගාල්ල වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි. පරීක්ෂණ පැවැත්වීම සඳහා එම පිරිස රහස් පොලීසියට භාර දීමට නියමිතය.
ඕස්ට්‍රේලියා යන්නට ගොස් මුහුද මැදදී යාත්‍රාව කැඩී වෙළඳ නැවකින් බේරාගෙන නාවික හමුදාවට භාරදුන් උතුරු නැගෙනහිර වැසියන් 73 දෙනකු අද උදේ 7.30 ට පමණ ගාල්ල වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි. පරීක්ෂණ පැවැත්වීම සඳහා එම පිරිස රහස් පොලීසියට භාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත්, අනේ එහෙම කියන්න එපා.ගොඩක් අය පිටරටවල් වලට ගියේ ඒ විදියටලු (නි)
ඕස්ට්‍රේලියාවේ රැකියාවල් නැහැ. දොස්තරලා, නීතිඥයින්, ගනකාදිකාරිවරු එහේ කම්කරුවන් විදියට වැඩ කරනවලු. ලංකාවේ අගේ මේ අයට තේරෙන්නේ නැහැ. මොනවා කරන්නද. අනේ පවු.(නදී)
මගේ යාලුවනේ, මේ අය යන්න හේතුව හොයන්න. ලංකාවේ රස්සාවක් කරලා හොද පඩියක් අරගෙන ජිවත් වෙන්න හොද පසුබිමක් තියනවා නම් මෙයාල යයිද? බලන්න හැමෝම අහිංසක අය නේද.නැති බැරිකම නිසයි මේ දේවල් වලට පෙලබෙන්නේ.මේ ආණ්ඩුව මේවට හොද වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි.කව්රුත් ආසයි ලස්සනට කාලා ඇදලා දරුවෝ සමග සතුටින් ඉන්න (නි)
සුසන්ත, නිකම් දොඩවන්න එපා. නැති බැරිකම නෙවෙයි කොටි උගුලට අහුවෙලා අසරණයෝ.(නදී)
යන අයට යන්න දෙන්නේ නැතිව ඇයි නලවන්නද? එක්කෝ ඒ අයට රස්සාවක් දෙන්න ඕනේ, ඉන්දියාව එහෙම කරන්නේ නැහැ. මොකද කොහේ හරි ගිහින් කියක් හරි හම්බ කර ගනින් කියලා හොර පස්ස්පෝර්ට් එකක් හදලා දෙනවා.(නදී)
රැවටෙන එකෙත් සීමාවක් නැහැ වගේ. ඔයින් ගියා ඇති. සමහර අයට යාපනෙන් ගමන් අරඹා මුහුද වටේ ගිහින් ගාල්ලෙන් ගොඩබිමට දාලා 'ඔන්න ආවා කියන' රැවටිලිත් තියෙනවා මේ අතරේ. (නි)
මේ අය මොලේ නැතුවම ඉපදුනු අය.මෙච්චර කියද්දී මැරෙන්නම යන්නේ.ලෝකෙට වදනොදී තියන දෙයක් කරගෙන ඉන්නකෝ.මැරෙන්න ඕනෑ නම් ළමා ලපටි තියලා මුහුදට පැන්නා නම් හරිනේ. සල්ලි නැතුව නෙමේ මේ.වැඩි තණ්හාව. (නි)
යවන්න ඉන්දයාවට. (ස)
ඇයි මේ යන්න හදන අය තියාගන්නේ? මේ අයට යන්න දෙන්න. මානුස් අයිලන්ඩ් එකට දැම්මට පස්සේ තේරෙයි ලංකාවේ අගේ.(නදී)
ඇයි ලංකාවට ගේන්නේ? (නි)
ඇත්තෙන්ම කියනවානම් අද කාලේ නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරනවා කියන්නේ හරියට නිධන් හාරනවා වාගෙ වැඩක්, ලැබුණ දේකුත් නැහැ අන්තිමට නතර වෙන්නේ ආණ්ඩුවේ මහ බෝඩිමේ. (නදී)
බෝට්ටු වල ඕස්ට්‍රේලියාවට යන සියලු දෙනා පැපුවා නිව්ගිනියාවට යවනවා අලුත් ඕස්ට්‍රේලියානු සරණාගත නීතිවලට අනුව. ඒ නිසා මොලේ කලඳක් තියෙනවා නම් බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට යන්න හිතන්න එපා. (නි)
හොදින් හොයලා බලන්න. (ස)
මේ තරම් තුන් වේල කාලා ඇදලා ඉන්න පුලුවන් රටක් දාල මොකට ඕස්ට්‍රේලියා යන්න හදනවද කියල මට නම් තේරුම් ගන්න බැහැ. වරායවල්, ගුවන් තොටුපොළවල්, හැම දාම කැඩිචිච විදුලි බලාගාර, අදිවේගී මාර්ග මෙකී නොකී සියල්ලම තුලින් මේ වගේ සංවර්දනය වුන රටක් දාලා ඇයි යන්නේ? දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන බන්දුල පෙරේරා වගේ පොඩි අදහස් ටිකකුත් දාල කීයක් හරි ගත මනාව හොයාගන්න ලංකාවට එන්නේ නැතිව.(නදී)
දෙයියන්ගේ නාමෙන් මෙහෙන් යන්න (නි)
මෙහෙන් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවෙන් කෑල්ලක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තම් එන්න දීපු එකේ රගේ තේරෙයි (නි)
මෙච්චර එපා කියද්දිත් ඇයි මෙහෙම යන්නේ?(නි)
මේ අය කොටි වෙන්න පුලුවන්. උතුරු නැගෙනහිර අයට තමයි මේ ඕස්ට්‍රේලියාවට යන අමාරුව තියෙන්නේ.මෙලෝ උගත් කමක් නැතුව හිතාගෙන ඇති ගිය ගමන් පාවඩ දාලා පිළිගනීවි කියලා. එක්කෝ මගදී ගිලෙනවා, නැත්නම් ගෝත්‍රික රාජ්‍යයකට යවනවා. හොඳ වැඩේ.(නදී)
ලංකාවේ උතුර නැගෙනහිරත් හොඳ නැත්නම් මේ අයට ඊට වඩා සුදුසු රටක් සොයාදිය යුතුයි. මේ විදිහට අනවසර සංක්‍රමණිකයන් ලෙස වෙනත් රටකට හොරෙන් ඇතුල්වෙන්න උත්සාහ කර වැඩේ වැරදුනු අයව සෝමාලියාවට යවන්න. එරට රජයත් සමග ගිවිසුමකට එළඹීම අවශ්‍යයි. එවිට අපේ සංස්කෘතිය අප්‍රිකාවේ පැතිරවීමටත් සෝමාලියාව කේන්ද්‍රස්ථානය කරගනිමින් අරාබිය හා අප්‍රිකාව සමග වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීමත් හැකිවීමෙන් අප්‍රිකාවේ දිළිඳු රාජ්‍යක් වන සොමාලියාවටත් යහපතක් සිදුවේවි. (නි)
මේ තරම් විවිධ ක්‍රම වලින් දැනුවත් කරද්දිම යන නිසානේ මේ ඔක්කොම කරදර. (ස)
අනේ මහතුනේ ඕස්ට්‍රලියාවට නම් එන්න එපා. ඇවිත් අපිව කන්න එපා. අපේ නම කැත කරන්න එපා. ඕන දිහාවක යන්න මෙහෙ එන්න එපෝ (නි)