කුඩු බෙදීමට එරෙහි වු ගැමියකුගේ බෙල්ල කැඩීමට තැත් කළැයි කියන කුඩ්ඩා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගල්නෑව මුදුන්ගොඩ ගම්වාසීහු විරෝධතාවක් ඇරැඹුහ.
සිද්ධියේ සැකකරු ගම අතහැර පළාගොස් ඇති බව ගල්නෑව පොලීසිය පවසයි
කුඩු බෙදීමට එරෙහි වු ගැමියකුගේ බෙල්ල කැඩීමට තැත් කළැයි කියන කුඩ්ඩා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගල්නෑව මුදුන්ගොඩ ගම්වාසීහු විරෝධතාවක් ඇරැඹුහ.
සිද්ධියේ සැකකරු ගම අතහැර පළාගොස් ඇති බව ගල්නෑව පොලීසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම දැන් ඉහතින් නැගිටින්න වෙනවා මේවට උත්තර සොයන්න.(නදී)
අර කුඩු ගෙනාව ලොකු අයට විරුද්ධව පෙළපාලි යන්නේ නැද්ද? (නදී)
අචිනි, පෙළපාලි යන්නේ මිනිසුන්ගේ අදහස් පෙන්නන්නයි ළමයෝ.(නදී)
කුඩ්ඩගේ ඡායාරූපයක් විද්‍යුත් මාධ්‍යවල පල කරන්න.(නදී)
අනේ මන්දා මේවට මොනවා හරි ලියලත් බැහැ නොලියත් බැහැ. කෙසෙල් කැනක් කපපු පුද්ගලයට දාල තිබුණු අදහස් දිහා බැලුවම මට තේරුනේ පොඩි හොර කමක්. ඒ තරම් ලොකුවට හිතන්න හොද නැහැ මොකද ඒවා පොඩි පොඩි මිනිස්සු කරන හොරකම්. හැබැයි කව්රුත් දන්නේ නැහැ මෙයා ඒ පැත්තෙම ඉන්න කෙහෙල් හොරෙක්ද කියලා සමහරු හොරාගේ ෆොටෝ එක දිහා බලලා එයා හොරෙක් නෙමෙයි කියන්න තරම් දක්ෂයෝ ඒ අතර හිටියා. තවත් සමහරු ෆොටෝ එකේ මුණ බලලා අහිංසකයෙක් කිව්වා. නමුත් ෆොටෝ එකේ මුහුණ හරියට දැක්කේ නැහැ කවූරු වත් සමහරවිට කෙසෙල් කැන අයිතිකාරයා පොලිසි යවන්නේ නැතිව මේවගේ දඩුවමක් දුන්නද දන්නේ නැහැ ? ඉදිකට්ටක් හරි හොර කම් කලාද ඒක හොර කමක් තමයි. අත පය හොදට තියන වානම් මුට්ටයක් හරි කර ගහලා කියක් හරි හොයාගන්න පුළුවන් ඒ තරුණයාට. හොදයි දාන්නකෝ බලන්න කුඩු විකුණන පුද්ගලයා ගැන ඔයාලගේ අදහස් අපිටත් දැනගන්න.(නදී)
රට ඉවරයි. කුඩු දැන් උඩු දුවලා. (නදී);
ඔය වගේ මුළු රටම එකමුතු වී ඉන්නවා නම් කුඩු සහ මත් වතුර ලංකාවෙන් අතුගා දමන්න පුළුවන්. (ස)
නියම ආදර්ශය. මේ එකමුතුකම තමා ගමකට අවශ්‍ය. ගමේ ඉන්න හොරු, ගංජාකාරයන්, කුඩුකාරයන්, කසිප්පු කාරයන් මඩින්න ගමේ ඉන්න අයටම තමා පුළුවන්. (ස)
කෙසෙල් කන් කපපු කෙනාව අල්ලා ගස් බදින්න පුළුවන්. මේ වගේ සමාජය විනාශ කරන කුඩු කාරයන් අල්ලා ගස් බැදලා හොද දඩුවමක් දෙන්න තිබුනේ නැද්ද? (නදී)
ලොකු ලොකු කුඩු බිස්නස් කාරයන්ව රකිනවා. බොරුවට පෙළපාලි ගිහින් වැඩක් නෑ.(නදී)
දේශපාළුවකුගේ ගෝලයෙක් වෙන්න ඇති. ඒකයි පොලිසිය නිහඩ.(නදී)
හැබැයි එකක් කියන්න තියෙනවා. මතට තිත තියාගන්න බැරි උනාට බලන්නකෝ ගල්නෑවේ පාරවල්.(නදී)
නීතීය දැඩි අයුරින් මෙවන් දේට ක්‍රියාත්මක විය යුතුයි (දිල්)
තරුණයාට මගේ උපහාරය, මිනිහ කරපු හොද වැඩේ ගැන පසුතැවෙන්න කලින් වැරදි කාරයා අල්ලා දඩුවමක් දෙන්න, ගල්නෑව තියෙන කාපට් පාරේ විසිතුරු බලන්න කලින් ගල්නෑව වැනි ග්‍රාමීය පැතිත් මත් කුඩු වලට බිලි වෙන්න තරම් සිදුවී ඇති අපේ සමාජ පරිහානිය ඔලුවට ගන්න,මේවා නිවැරදි කල යුතුයි අදම හෙටක් ගැන හිතන්න නම්.(නදී)
මේවා දැක දැකත් තවත් රට විනාශ කරන්න එපා මහත්වරුනේ.(නදී)
ඔක්කොටම ඉස්සෙල්ලා මේ රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා මේ රටේ ඉන්න පොලිස් ලොක්කන්ගේ කොදු ඇට පේලිය කෙලින් කරලා කෙලින් තීරණ ගන්න කියල දෙන්න ඕනේ. මෙයාලගේ කොදුටික ඇද ගැහලා තියෙන්නේ රට කන දේශපාලුවන්ට දෙකට නැමිලා.(නදී)
පොලිසිය මුනිවත රකිනවා නම් අපරාද කාරයන්ට උදව් උපකාර කරනවා නම් ඔවුන්ව ආරක්ෂා කරනවා නම් මහජනයා නීතිය අතට ගෙන ක්‍රියා කරන තත්වයට පත් උනොත් අපේ රටත් තවත් සෝමාලියාවක් වෙයි.(නදී)
දැන් ලංකාවේ බ්‍රිස්ටල් බෝඩ් වලට ලොකු ඉල්ලුමක් ඇති නේද? ගම්වල අයත් බ්‍රිස්ටල් බෝඩ් පාව්ච්චි කරන්න පටන් අරන්නේ. (නදී)
ලංකාවට බුදු සරණයි.(නදී)