සන්ධාන මන්ත‍්‍රී හා හිටපු ඇමැති උපාලි කොඩිකාර මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ යැයි විරෝධය පා බස්නාහිර පළාත් සභා විපක්‍ෂ ප‍්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා මේසය මතට නැගීමට ගත් උත්සාහය මුලසුනෙහි සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා වැළැක්විය.
පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි කඩිනමින් පැවැත්විය යුතු බවට සන්ධාන මන්ත‍්‍රී මෙරිල් පෙරේරා මහතා සභා රීති අත්හිටුවමින් ගෙන ආ යෝජනාවක් අද (09) දී විවාදයට ගැනිණි.
උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් කරමින් අදහස් දැක් වූ අතර එහි දී අගමැතිවරයාට අපහාස වූ බව කියමින් ජෝර්ජ් පෙරේරා මහතා කොඩිකාර මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයට බාධා කළේය.
කොඩිකාර මන්ත‍්‍රීවරයා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් තමන් එයට විරෝධය පා මේසය මතට නඟින බව කී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මේසය මතට නැගීමට උත්සාහ කළේය. සභාවේ මුලසුනෙහි සිටි යසපාල කෝරළගේ මහතා උපාලි කොඩිකාර මන්ත‍්‍රී ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කීවේය. ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස මන්ත‍්‍රී දැනුම් දීමක් ද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු දාගන්න කරපු වැඩක් (කෞ)
පරාක්‍රම, කළ දේ හරි කියනවා නොවෙයි. ඕක තමයි අපේ රටේ දේශපාලකයන්ගේ තරම. (නි)
බැන්න එකනම් වැරදියි නේද?(හේ)
මොනවා කියලද දන්නේ නැහැනේ බැන්නේ. (ර)
හැන්සාඩ් තියෙන්නේ පාර්ලිමෙන්තුවෙ නේද? පළාත් සබාවේ තියෙනවාදැයි නොදනිමි. (ර)
" කානු කටවල් වලට " හිමිකම් කියන තුන්වැනි පංතියේ හැසිරීම් ඇති දේශපාලකයින් ගැන ජනතාව දැනුවත්වීම හොඳ බව පෙනේ. මෙවැනි අය නැවතත් මේ තනතුරුවලට පත් කරනවාද යන්න ගැන හොඳින් සිතා බැලිය යුතුවේ. පත්කලොත් මේ මට්ටමේම උදවියගේ කර මතින් තමයි. (කෞ)
බනින්න ඕනෑ තමයි. හරියට හරි. (නි)
සමහරුන්ට දැන් බලය නැතුව ඉන්න අමාරුයි (නි)