බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්ම්න්ත්‍රණ ශාලාවේ ජනපති කොමිසමේ රාජකාරියේ යෙදී සිටි කිරුළපන පොලිස් ස්ථානාධිපති උපුල් සමරසිංහට සිය කනගාටුව පළ කළ බස්නාහිර පළාත් හිටපු ඇමැති උපාලි කොඩිකාර රුපියල් 10,000 ක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වූ ඇපකර දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග බලෙන් එහි ඇතුළුවන්නට ගොස් පොලිසියට බැන වැදී රාජකාරියට බාධා කළැයි උපාලි කොඩිකාර රිමාන්ඩ් භාරයට පත් කැරිණි.
සිංහල සිරිතට උසාවියේදී දෑත් එකතුකර ආචාර කළ කොඩිකාර පොලිස් ස්ථානාධිපතිට සිය කනගාටුව පළ කළේය. මාධ්‍යයට ප්‍රකාශ නිකුත් නොකරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඔහුට ඉන්දුනීසියා සංචාරයක යෙදීමට අවසර දුන්නේය. සංචාරය හමාරවී හැම ඉරිදාවකම කුරුඳුවත්ත පොලිසියට වාර්තා කරන ලෙස ඔහුට නියෝග කෙරිණි. නඩුව නොවැම්බර් 2වැනිදාට කල් ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක ඔහුගේ නිරහංකාරකම පෙන්වූ අවස්ථාවක් (නි)
සමාව ගන්න හෝ පසුව ඔලුව කසන්න වෙන වැඩ නොකර ඉන්න. මම නම් දඬුවම් වින්දත් පොලිසියෙන් සමාව ගන්න හෝ පසුව ඔලුව කසන්න සූදානම් නැත. (නි)
සමාව දීම දේව ගතියක් කියනවනේ (නි)
හිටපු ජනාධිපතිතුමාගේ උණුසුම මත පොලිසියට බලපුළුවන්කාරකම් පෑ මෙතුමා අධිකරණයෙන් දුන් දඩුවමට අවනත වී පොලිසියෙන් සමාව ගත්තේ ඇයි කියලා අපිට හිතාගන්න පුළුවන්.මොන තරාතිරමක දේශපාලඥයෙකු හෝ නීතියට පිටුපෑම නොකළයුතු බව මෙම දඩුවමින් හොඳින් පෙනේ (නි)
ඔය දැන ගහුවේ මහරගම එයට ජන්දෙ දුන්න ජනතාව. . (ම)
සිංහල විදියට උසාවියක් තුළ චෝදනා ලද අයෙක් හැටියට ආචාර කරන්න කලින් මිනිසෙක් හැටියට හැසිරෙන්න තිබුනනේ, අල්ලස්, බරපතල දුෂණ හා වංචා පිළිබඳ කොමිසම ඉදිරියේ. (නි)
අපි වගේ කුඩා රටකට මන්ත්‍රීලා 225 ක් මොකට පත්කරනවද මන්දා? ඉන්දියාවේ මිනිස්සු ලක්ෂ 48 කට එක මන්ත්‍රී කෙනයි. ලංකාවේ හැම 90,000 කටම එක මන්ත්‍රී කෙනා ගානේ ඉන්නවා. ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන ගැන යළි සළකා බලන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවට යන වියදම ජනතාවට ලොකු බරක්.ලංකාව පොඩි රටක් නිසා මන්ත්‍රීවරු 100 ක් හිටියහම හොඳටම ඇති. මේ හැම වියදමක්ම එකතුවෙලා අන්තිමට ජි එස් ටි කියයි ,අරක මේක කියයි. අයකරගන්නේ අපෙන්ම තමයි.පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් ආයතන දෙකක් බිම් මට්ටමේ පාලනයට අනවශ්‍යයි. මේ දෙකෙන් එකක් ඉවත් කළයුතුයි. මේ සඳහා පැවැත්වෙන මැතිවරණ වලටත් ජනතාව විශාල වියදමක් දරනවා. ඒ වගේම මේ බොහෝ කටයුතු රාජ්‍ය නිලධාරීන් හරහා පහසුවෙන් ක්‍රියාත්මක කළහැකියි. බිම් මට්ටමේ පරිපාලනයට රටටම පොදු න්‍යාය ධර්ම ටිකක් නිර්මාණය කිරීමෙන් මේ බොහෝ කටයුතු පරිගණක භාවිතයෙන් වඩාත් ඵලදායීව හා ක්‍රමවත්ව සිදුකළ හැකියි.පසුගිය මැතිවරණයේ වියදම කෝටි 400 ක් කියලා මම දැක්කා. ගෙවල් නැති අයට ගෙවල් 8000 ක් මේ සල්ලි වලින් හදලා දෙන්න තිබුනා. මම කියන්නේ ලක්ෂ 5 අඩු වියදම් නිවාස ගැන (නි)
ඕකට තමා ගමේ භාෂාවෙන් කියන්නේ ඉල්ලාගෙන කනවා කියලා. අපිට නම් සැකයක් තියෙනවා මෙය පාඩමක් ඉගෙනගනීවිද කියලා මේකෙන්වත්. (නි)
බුද්ධිමත් මහජනයා මොවුන් ගැන තීරණයක් ගතයුතුයි (නි)
අකිලගේ, අදහසට අප කාගේත් දැඩි අවධානය යොමු වෙනවනම් හොඳයි මං හිතන්නේ. (ම)
දේශපාලකයන් යනු ඇදහිය නොහැකි දේ පවා කරන ,උඩ බලාගෙන කුණු පොල් බිඳින, බලය ඇතිවිට ඉත්තෑවකු සේ කූරු විදින, විටෙක ඉබ්බකු සේ කටුව තුළට රිංගන අයෙකි. මහත්වරුන් දේශපාලනය බාර ගතයුතු කාලය එළඹ ඇත. (නි)
අකිල.. මමත් ගොඩනැගිලි හදන කෙනෙක්. ලක්ෂ 5 න් හදන ඒවට කියන්නෙ ගෙවල් කියල නෙමේ. මුඩුක්කු කියලා. (ත)
අකිලගේ අදහසට මමත් එකඟ වෙමි , ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නේ එම ක්‍රමයි , දියුණු යුරෝපයේ මන්ත්‍රීලට නිල නිවාස , තීරු බදු රහිත වාහන , ලැබෙන්නේ නැත. පාර්ලිමේන්තු යාමට සහ ඒමට බොහෝ දෙනෙකු භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවය වන අතර ,සමහර පාපැදි වලින් පාර්ලිමේන්තු එති. සමහර රටවල දුර බැහැර සිට පාර්ලිමේන්තු එන මන්ත්‍රීලාට අඩු මිල හෝටල් කාමරයකට නැවතීමට රජයෙන් මුදල් ගෙවන අතර සමහර රටවල ඔවුන්ට නැවතීම් පහසුකම් සැපයීම කාමර සහිත ගොඩනැගිලි ඉදිකර ඇත. ඔවුන්ට ලැබෙන්නේ අවම පහසුකමකි ,අපේ රටේ ණයබර අඩු කර ජනතවට සහන සැලසීමට දේශපාලකයන්ද යම් කැපකිරීමක් කිරීමට කාලය එළඹ ඇත . (ත)
පුෂ්පෙ, ඔයා අකිලගේ අදහසින් තේරුම් ගත්තේ එච්චරද? හොඳයි එහෙනම් ලක්ෂ 20 ගෙවල් 2000 ක් කියමුකෝ. මම පොළොන්නරුවේ කාලයක් සේවය කළා. ඒ පළාත්වල අදටත් බහුතරයක් නිවාස හදාගන්නේ ලක්ෂ 5 ක් වගේ වියදමකට තමා. ප්‍රශ්නේ මෙහෙම නිවාසයක්වත් නැති විශාල පිරිසක් තාමත් පැල්පත්වල ජීවත්වෙන එක. (නි)
මම මගේ නොදන්නාකම ගැන සතුටු වෙමි. එහෙත් වරප්‍රසාද, වරදාන නොමැති තත්වයක් යටතේ හුදු ජනතා සේවය සඳහා පමණක් කැපවෙන අපේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් සංඛ්‍යාව දහයකට වඩා අඩු බව නම් දනිමි. නිදහස ලබා දශක හතක කාලයක් පුරා අපේ මව්බිම ඔසවා තැබීමට මේ 225 දෙනා ඉටු කර ඇති කාර්යභාරය ප්‍රමාණවත්ද? සභා ගැබට නොගොස් පවුලේ දරු මල්ලන් කැටුව භෝජනාගාරයට රිංගන නියෝජිතයින් ගැන ජනතාව දනිති. මන්ත්‍රීන් නඩත්තු කරන මුදලින් නිවාස කීයක් වසරකට තනාදිය හැකිද? පාර්ලිමේන්තුවට තේරී පත් වනතෙක් ජනතාවගේ කරට අත දමන මහත්වරු ජයග්‍රහණයෙන් පසු ජනතා ප්‍රශ්න විමසනුයේ පෞද්ගලික ලේඛම් මඟිනි. ජනතා දුක සොයා වෙස්වලාගෙන ගම්නියම් වල ඇවිද ගිය හෙළ රජ දරුවන් ගැන මේ මහත්වරු කිසිවක් දන්නේ නැත. පුස්තකාලය ප්‍රයෝජනයට ගන්නයි අගමැතිතුමා මන්ත්‍රීවරුන්ට අවධාරණය කරන්නේ එබැවිනි. (නි)
අකිල, ඔය සුන්දර සිහිනයක් පමණයි. ප්‍රායෝගිකව හිතන්න. මේ අය කවදාවත් ඔහොම කරයිද? කරන්න හදන කෙනෙකුට ඉඩදේවිද? මතකනේ 19 පාස් කරන්න තිබුණ අමාරුව. (නි)
ලක්විදු ඔයා තාම ජනතා බලය කියන දේ දන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා ගෙනයන පාලනයක්. ඕනෑම පාලකයෙක් ජනතාවගේ අවශ්‍යතා අනුව කටයුතු කළ යුතුයි. ජනතාව පෙළ ගැසුනොත් ඕව සුන්දර සිහින නොවන බවට ඉතිහාසයේ සාක්ෂි එමටයි. (බ)
මෙතුමාද අද ගුවන් තොටුපොලේදී කල් ඉකුත්වූ ගමන් බලපත්‍රයක් සමග නවත්වාගෙන තියෙන්නෙේ? (බ)
ලක්විදු 2015-10-23 04:39:59,, "ඔය සුන්දර සිහිනයක් පමණයි." -මහින්ද මහත්තය පරද්දන එකත් මේ රටේ ඇතැම් අයට සිහිනයක්ව තිබුණා බැහැයි කියල කිසිම දෙයක් නැහැ. (බ)