බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර නඩුවක ඇප කොන්දේසි කඩ කරමින් පොලිසියේ පෙනී නොසිටි බවට කළ පැමිණිල්ල අනුව ඔහුගේ නීතීඥ ආර් ඒ කේ රණවක මහතා අද මෝසමක් මගින් නඩුව කැඳවීය.
ඔහු කියා සිටියේ අසනීප නිසා කොඩිකාරට පොලිසියට යන්නට නොහැකි වූ බවයි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
එසේ නම් ඒ බව පොලිසිය දැන්විය යුතුව තිබිණැයි ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා කීවේය.
ජනාධිපති කොමිසමේ නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින කොඩිකාරට උසාවියෙන් නියම කළේ හැම ඉරිදාකම උසාවියේ පෙනී සිටිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොපමණ කලකට මේවා සිදුවෙයිද? (නි)