හෙරොයින් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන දෙදෙනකුගේ ගිණුම්වල සහ ආරක්ෂක සේප්පුවල තිබූ රුපියල් කෝටි අට හමාරක් රාජසන්තක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

සැකකරුවන් විදේශ ගත වී ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි.