(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳු’ යන අයගෙන් රුපියල් කෝටි 13ක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර ඇත.
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘‘හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳු’ යන දෙදෙනාව නිරීක්ෂණය කිරීම සදහා මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd