ලකෂ සංඛාත පිරිස් කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාස කරන යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකේ කුඹුක්කන් ඔය ආසන්නයේ පිහිටි මහ කැබිලිත්තේ කුඩා සියඹලාව මියයාමේ තර්ජනයකට ලක්ව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
වට අඩි භාගයකින් පමණ යුත් මෙම කුඩා සියඹලාව මහ කැබිලිත්තේ පූජා කටයුතු සිදුකරන බිමේ පිහිටා තිබේ. මහ කැඹිලිත්තේ මහ සියඹලාවට මීටර් පනහක් පමණ දුරින් එය පිහිටා තිබේ. මේ වනවිට මෙම කුඩා සියඹලාවේ කොළ පාට අතු මැරී යමින් පවතින බව එහි ගිය බැතිමත්හුද පවසති. කුඩා සියඹලාවේ කඳ, අතු ඉති, කලූ පැහැ ගැන්වී ඇති බව ද බැතිමත්හු පවසති.
මේ සම්බනධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර සහකාර අධ්‍යකෂ ප්‍රශාන්ත විමලදාස මහතාගෙන් විමසූ විට ඔහු පැවසවේ එය සත්‍යයක් බවයි. සමාන්‍ය ජනයා පදිංචි ප්‍රදේශයෙන් කිලෝ මීටර් අසුවක් පමණ මහ කැලෑවේ පිහිටා ඇති මෙම මහ කැබිලිත්තේ කුඩා සියඹලාව කිසියම් දිලීරයක් හෝ පණු රෝගයක් වැළදී මෙලෙස මිය යන්නට පටන්ගෙන ඇතැයි සැක කළ හැකි බව ද සහකාර අධ්‍යකෂවරයා පැවසුවේ ය.
සමහර බැතිමතුන් සමග එන කපුවන් මෙම ස්ථානයේ ඇති කතරගම දේව රූපය විවිධ තෙල් වර්ග වලින්, විවිධ කිරි වර්ග සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජලයෙන් දෝවනය කරන ජලය කුඩා සියඹලාව පාමුලට වැටී මුල් දිරා යාමට ලක්ව මෙලෙස විනාශ වෙනවා විය හැකි බවට සැකකළ හැකියැයි ද සහකාර අධ්‍යකෂවරයා පැවසුවේ ය.
මෙ සම්බනධයෙන් ජාතික උද්භිද උද්‍යානය දැනුවත් කර විශේෂඥයින් පිරිසක් ඉදිරි දින කිහිපය තුල එහි ගොස් කුඩා සියමලාව පරීෂා කර අවශ්‍ය පිලියම් යෙදිමට ක්‍රියා කරනු ඇති බව ද වනජීවී සහකාර අධ්‍යකෂවරයා කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කුඩා සියඹලාවේ සියඹලාව අනතුරේ
අර්ජුන Monday, 03 October 2016 07:24 AM
ධම්මි , මෙය "මිත්‍යා දෘෂ්ඨිය " ලෙස හදුන්වන්නේ , ඔබ සම්මා දෘෂ්ටියක ද ? . ලෝකය ගැන ඔබ අප නොදන්නා දේවල් ඇත. (බ)
අර්ජුන Sunday, 02 October 2016 04:22 PM
මෙහි සඳහන් තොරතුරු නිවැරදියි. මෙම සියඹලා ගස ඉක්මනින් ආරක්ෂා කළයුතුය. (නි)
අරවින්ද Wednesday, 05 October 2016 12:58 AM
ඇයි මේවා නැතිවෙලා යන්න කලින් මොනවාහරි නොකරන්නේ? (නි)
දයානන්ද Sunday, 02 October 2016 06:11 PM
එතකොට මේ පුජා වසර ගණනාවක් ඔස්සේ සිදුවෙනකොට මේවා සොයා බලන්නට නොහැකි වුණාද? (නි)
අනුල Sunday, 02 October 2016 11:00 PM
කතරගම දෙවියන්ගේ රූපය කුටියක් තනා විදුරු වලින් ආවරණය කළොත් හොඳයි නේද? (නි)
ජයාත් Monday, 03 October 2016 01:24 AM
අනුල, ඔයාගේ යෝජනාව නම් හොඳයි. මොකද දැන් ඉන්න මිනිසුන්ගෙන් ඔයදේවල් බේරගන්න ඕනෑ නම් ඔහොම දෙයක්වත් කරන්න වෙනවා (නි)
ධම්මි Monday, 03 October 2016 03:09 AM
මිත්‍යා දෘෂ්ඨිය (බ)
ධම්මි Monday, 03 October 2016 03:09 AM
මිත්‍යාදෘශ්ඨිය (හේ)
දිමුත් Monday, 03 October 2016 10:23 AM
බුදු හාමුදුරුවෝ වැඩ හිටියානම් මොනා කියාවිද?(හේ)
සජී Sunday, 02 October 2016 02:40 PM
අනේ මේ සම්පත් වැනසෙන්න දෙන්න එපා (නි)