හෙරොයින් ජාවාරම්කරුවකු බවට ප‍්‍රසිද්ධියට පත්ව සිටින ‘කුඩු ලාල්‘ නමැත්තාගේ සහෝදරයාට එරෙහිව හෙරොයින් ග‍්‍රෑම් 51ක් ළඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබු නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ඔහු සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ඇත්ත වශයෙන්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවරම්කරුද නැත්නම් ඵ් පිළිබඳ ඔත්තුව දුන් පුද්ගලයාද යන්න පිළිබඳ සැකයක් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ හරස් ප‍්‍රශ්න වලදී මතුවන්නේ යැයි සඳහන් කරමින් විත්තිකරු නිදහස් කළ විනිසුරුවරයා විදේශ ගතව සිටින සිටින විත්තිකරු ලංකාවට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කොට තිබු වරෙන්තුවද ඉවත් කළේය.
මාලිගාවත්තේ පදිංචි නීල් සමන්ත පීරිස් නමැත්තා එසේ නිදහස් කෙරිණි.
1991 දෙසැම්බර් මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී හෙරොයින් ග‍්‍රෑම් 51.35ක් ළඟ තබා ගත් බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු ලාල්ගේ සොයුරා කුඩු නඩුවෙන් නිදහස්