හෙරොයින් ජාවාරම්කරුවකු බවට ප‍්‍රසිද්ධියට පත්ව සිටින ‘කුඩු ලාල්‘ නමැත්තාගේ සහෝදරයාට එරෙහිව හෙරොයින් ග‍්‍රෑම් 51ක් ළඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා තිබු නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ඔහු සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ඇත්ත වශයෙන්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවරම්කරුද නැත්නම් ඵ් පිළිබඳ ඔත්තුව දුන් පුද්ගලයාද යන්න පිළිබඳ සැකයක් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ හරස් ප‍්‍රශ්න වලදී මතුවන්නේ යැයි සඳහන් කරමින් විත්තිකරු නිදහස් කළ විනිසුරුවරයා විදේශ ගතව සිටින සිටින විත්තිකරු ලංකාවට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කොට තිබු වරෙන්තුවද ඉවත් කළේය.
මාලිගාවත්තේ පදිංචි නීල් සමන්ත පීරිස් නමැත්තා එසේ නිදහස් කෙරිණි.
1991 දෙසැම්බර් මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී හෙරොයින් ග‍්‍රෑම් 51.35ක් ළඟ තබා ගත් බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd