
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන ශ්‍රී ලාංකිකයකු ඩුබායි රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම රටෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
මොහු පදිංචිව සිටින සුඛෝපභෝගී නිවස ඩුබායි රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සෝදිසි කර මත්ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසු ඔහු සැක පිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඩුබායි වලින් ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු දැනට ප්‍රංශ රටේ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන සිංහාරගේ අමල් සිල්වා හෙවත් කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා ලෙස සැලකෙන බව ද මේ රට පාතාල මර්ධන කටයුතු වල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd