මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරම් කළැයි කියන මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරිය ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් නඩුවේ සැකකරුවෝ කරනු ලැබූහ.
යකඩ ඇණ හා බෝල්ට් අස්සේ සඟවා ඔවුන් විසින් ගෙනෙන ලදැයි කියන රුපියල් කෝටි 36ක් වන කිලෝ 36 ක හෙරොයින් ඔරුගොඩවත්තේ රේගු අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මාළිගාකන්ද මහේස්ත්‍රාත් හමුවේ පොලිසිය කියා සිටියේ සිද්ධික් හා ඔහුගේ බිරියට අමතරව තවත් සැකකරුවන් දස දෙනකු සිටින බවයි. සිද්ධික්ගේ බිරිය දැන් ඩුබායි ජීවත්වන බවද පොලිසිය සඳහන් කළේය.
දෙසැම්බර් 2 වැනිදාට නඩුව කල් තැබිණි.
සිද්ධික් පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවනු ලැබූ පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමේ හැටියටම වැඩ කරන්නත් ඕනනේ. (ර)
දෙවි හාමුදුරැවනේ අපේ ළමයි බේරලා දෙන්න(රේ)
කුඩු ලොකුම නඩුව වෙන්න ඕන අර දේශපාලුවෙක් කන්ටේනර් එකකින් කුඩු ගෙනා එක නේද. (බ)
ඒ කියන්නේ කන්ටේනරයක කිලෝ 35ක් දාන්න බැරිද? මේක ලොකුම කුඩු නඩුව නම්.. (ම)
දැන් කුඩු රජයක් බවට පත්වී ඇති අප රටේ එදා රුහුණු, මායා,පිහිටි ආදී රාජ්‍යයන් කිහිපයක රජුන් සිටියක් මෙන් දැන් ලක්දිවේ කුඩුරජවරුන් රැසක් පාලනය කරන බව පෙනේ මෙවැනි කුඩු රජුන් කිහිප දෙනෙක් බිසොවුන් සමග සිර ගත වී ඇති මෙම අවස්ථාවේ වෙන ප්‍රශ්න මෙන්ම පක්ස බෙදා පසෙක තබා දැය වනසන මෙම වි්‍යසනය මැඩලීමට වහාම නිසි පියවරගත් යුතුය.(රේ)