හෙරොයින් කුඩු නියෝජිතයකු බව කියන වසන්ත කුමාර මෙන්ඩිස් සතු දස මහල් ගොඩනැඟිල්ලක් විකිණීම, අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
කුඩු වෙළෙඳාමෙන් ප්‍රකෝටිපතියකු වූ එම පුද්ගලයා රුපියල් කෝටි ගණන් වටිනා චංචල හා නිශ්පල දේපල මිලට ගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
වසන්ත කුමාර මෙන්ඩිස් අත්අඩංගුවට ගැණුනේ හෙරොයින් කිලෝ 30ක් සමගය.
එහෙත් ඔහු නොදන්නා රටකට සංක්‍රමණය වී ඇතැයි රහස් පොලිසිය කියා සිටියේය.
ගාල්ලේ ඔහු සතු දස මහල් ගොඩනැගිල්ල විකිණීම හෝ එම දේපොළට මැදිහත් වීම වළක්වමින් මහේස්ත්‍රාත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇල්ලුවා නම් වෙන රටකට සංක්‍රමණය වුනේ කොහොමද? පේන්න අල්ලලා රටින් පිටවෙන්න දෙන එක විහිළුවක් නේද? (නදී)
කුඩු කන්ටෙනේර් ගණන් ගෙන්නපු අය කොහොම දීයුනු වෙලා ඇත්ද ? (අ)
ලංකාවේ තියෙන්නේ නියම "හොරා පොලිස්" සෙල්ලම්. හොර බඩු අහුවෙනවා. (අ)
මෙම දේපල විකුණා හෝ අදාළ ගොඩනැගිල්ලේ ,කුඩු භාවිතයෙන් ජීවිතය නොමග ගිය තරුණ, තරුණියන් උදෙසා ප්‍රතිකර්ම කරන පුනරුත්තාපන මධ්‍යස්ථානයක් බිහිකිරීම ඉතාමත් කාලෝචිතයි....කුඩු නිසා අසරණ දෙමව්පියන්ගේ ,උගත් දරුවන් බොහොමයක්ම අසරණ වෙලා...(අ)
නිෂ්පල දේපල මොකට මිලට ගත්තද මන්දා? (දී)
ඉහලින් නියෝගයක් ආවාවත්ද? (දී)
කෝ දැන් බොදුබලසේනාව?(දී)
නවසිලන්තේ වගේ රටක නම් නිතියානුකුල නොවන ලෙස උපයපු සියල්ල රාජසන්තක කරනවා.(නදී)
මෙයා ඔය ගොඩනැගිල්ල හදන්නේ කුඩු සල්ලි වලින් කියල මීට අවුරුදු ගණනකට කලින් සියලු දෙනාම දැනගෙන හිටිය කියන එක ප්‍රසිද්ද දෙයක්. (නදී)
කිලෝ 40ට තට්ටු 10 නම් කිලෝ 261ට බබාට තට්ටු කීයක ගෙයක් ඇත්ද ? (නදී)
ඇතුලේ මොනවා හරි ලොකු දෙයක් තියෙනවා (දී)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියක්ලා. කෝ දැන් අර කෑ ගහපු අය (දී)
අල්ලපු කිලෝ 251 ට මොකද උනේ? (නදි)
අර අල්ලපු කුඩු කන්ටේනරයට මොකද උනේ.(නදී)
මෙම කුඩු මහා මොළකරු දැන් සිටින්නේ තායිලන්තයේ බැංකොක් නුවර ය.. ඔහුගේ වාහන සමාගමක් බැංකොක් නගරයේ තිබී වසා දමා ඇත...(නදී)
දීපල්ලකෝ පුලුවන්නම් උත්තර...(නදී)