හෙරොයින් මත්කුඩු ජාවාරමේ ප්‍රබලයෙකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරය ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.
එම සැකකරු කොළඹට මාරු නොකර කුරුවිට රඳවාගෙන සිටිතියි ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයට පැමිණිලි කළහ.
ඒ අනුව මහේස්ත්‍රාත් බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවීය.
සිද්ධික් පකිස්තානයේදී අත්අඩංගුවට ගැනිණ.
වැඩිදුර විභාගය 27 වැනිදාට කල් තැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කාරයන්ගේ සල්ලි වලට කහින හිවල්ලුන්ට නඩු දාන්න වෙනම නීතියක් ගෙන්න ඕන. (බ)
ඇසල කියන දෙය තේරුම් ගන්න බැරි කාටද? අපි විදෙස් ගතව සිටියත් අපිටනම් ලංකාවේ වෙන දේවල් වල හැටියට හොඳට තේරෙනවා !! (බ)
අහිංසක දේශපාලන සිරකරුවෙක් වහා කොන්දේසි විරහිතව නිදහස් කරනු. (අ)
අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නොදෙන්නේ මහජනතාවමයි. යමෙක් වරදක් කර අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීමට යාමේදී කාගෙන් හෝ මුදලට නැත්නම් දේශපාලන ගැතිකමට පාරට බැහැලා උද්ඝෝෂණ කරලා එම පුද්ගලයාට හෝ කණ්ඩායමට දඬුවම් කිරීමට වැට බදින්නේ මහජනතාවම නොවේද? (නි)
වසන්ජය, රුවන්, මම ලියපු දෙය දෙදෙනාටම නොතේරුනාට තේරුම්ගත් අයත් ඇති කියලා මම හිතනවා (නි)
කුඩු රජා වෙනුවෙන් එයාගේ පැත්තට කතාකරන අයත් අපේ රටේ ඉන්නවා කියලා අපි දන්නවා (නි)
විජයදාස රාජපක්ෂ ට ගානක් දීල ටී වී එකේ ප්‍රකාශයක් කරලා එලියට ගන්න උදව් කළොත් පුදුම වෙන්න දෙයක් නැහැ මොකද අතිශය භයානක ආයුධ පුද්ගලික ව වෙළදාම් කරන එක හරි කියල කියන එකාට කුඩු කාරයෙක් සුද්ද කරන එක සුළු දෙයක් (බ)
ඇසළ මොනවා කියනවද මන්දා? (නි)