පකිස්තානයෙන් කන්ටේනරයකින් එවූ හෙරොයින් කිලෝ 250ක් කොළඹ වරයාට ළඟා වන්නටත් පෙර බදු කපා හරින්නැයි ඉල්ලමින් අගමැති දි මු ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු රේගුවට ලියුමක් එවා ඇතැයි රේගු ආරංචි කියයි.
කන්ටේනරය ප්‍රමාධ වී මුදා ගැනීමේ දී ගෙවිය යුතු ගාස්තු හා රේගු ගාස්තු අය නොකරන්නේ නම් අගමැති බෙහෙවින් ස්තුතිවන්න වන බව එම ලිපියෙන් දැක්වේ.
තම ව්‍යාපාරයේ මංගල පියවර මෙය නිසා ලොකු බද්දක් ගෙවිය නොහැකි බව එහි දැක්වේ.
දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් හා පකිස්තානුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාවෙන් පැන ගිය තැරැව්කරු කාශ්මීරයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අගමැතිගේ ලියුමකට බදු අඩු කරගන්න පුළුවන් කියන එකනේ. මේක හොර ලියුමක් වුන එක තමයි ප්‍රශ්නෙට හිටියේ. (නදී)
මට හිතන්නේ ඇත්ත එක වෙන්න ඇති .(නදී)
මමනම් හිතන්නේ මේක වැරදීමක් වෙන්න බැ කියලා. (නදී)
අර අරයා වාගේ ඒ ලේකම් මාගේ ලේකම් නොවේ කියයිද?(නදී)
අගමැතිගේ නෙමේ බලවත් ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් උනත් බදු අඩු කර ගන්නට බදු නොගෙවා උනත් ගන්නට පුළුවන් . ලංකාවේ වෙන්නේ එහෙමයි. ඕකේ හරි වැරැද්ද මේ පුවත් පතේ දැම්මොත් පුවත් පත කියවා ඉවරයි. එනිසා මෙය ගෙන කතා නොකර ඉම්මු.(නදී)
දැක්කොත් බුවා නොදක්කොත් එබුවා කියල ගැමි කියමනක් තියෙනවා. තණකොළ නෑ ගහ මුදුනේ එකයි බිමට බහින්නේ. (නදී)
හොර ලියුම ගැන හොඳට හොයල බලන්න. දැන් ලංකාවේ හරියට හොරු ඉන්නවා.(නදී)
ඔය අය තමයි රට කන්නේ.(නදී)