බොරලැස්ගමුව වැවපාරේ දෙමහල් කුළි ගෙයක සිටින සමීප නැදෑයන් සිවු දෙනකු රුපියල් ලක්ෂ හතරක හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්ගිස්ස කොට්ඨාස අපරාධ අංශය කියයි. මව, දියණිය, දියණියගේ අනියම් සැමියා, බාල දියණියගේ සැමියා මේ පිරිස අතර සිටින බවත් එක් අයකු රජයේ කාර්යාල කාර්යය සේවකයකු බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පවුල් කියක්නම් ඇත්ද ? (නදී)
එතකොට කුඩු කන්ටනේර් ගෙනාපු අයව අල්ලන්නේ නැද්ද?(නදී)
පිලියන්දල අවට අනවසර ගරාජ ගොඩක හෙරොයින් මත් කුඩු ජාවාරම හොදට කරනවා.(නදී)
මේ කුඩු කතාවයි ගල්ගිස්ස කොට්ඨාස අපරාධ අංශයේ පොලිස් නිලධාරී සමරකෝන් මහතාගේ අභිරහස් මරණය අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද? මාධ්‍යය මහතුනේ යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මේ ගැන සොයා බලන්න. (අ)
පවල් පිටින් කරන රස්සාවක් නේ මේක (දී)
ඇයි වගකිවයුත්තන් මහා පරිමාණයෙන් කුඩු රට ඇතුලට ගෙන්නන අය ගැන අඩුම ගානේ වචනයක්වත්, මහජන රැස්වීමකදී [මතට තිත මාතෘකාව යටතේ කතා නොකරන්නේ? (නදී)
ඔය කුඩු අල්ලනවා කියන්නේ ජනතාව රැවටීමක්? ඡන්දෙත් කිට්ටුනේ. ඉස්සෙල්ලා කුඩු ගෙන එන අය පුලුවන් නම් අල්ලන්න කියමු. ඒක කවුරුත් දන්නවා. (නදී)
අනේ මන්දා ලංකාවට කුඩු ගෙන්වන අය නිදැල්ලේ.(නදී)
මේ වගේ සුලු දේවල් ඇල්ලුවාට මහා පරිමාණයේ කුඩු බිස්නස් අල්ලන්න පොලිසිය උනත් බයයි. මොකද ඒවාට මැදිහත් වෙලා ඉන්නේ කව්ද කියා දන්න නිසා. ඉතින් හැමදාම ගොලු වත රකිනවා රක්ෂාව ආරක්ෂා කරගන්න ඕනේ නිසා.(නදී)
අපේ නොවන අපිවගේම තව අයත් ඉන්නබවත්, අපෙන් නොගත්තොත් වැඩ වරදින බව රටටටම කියලාදෙන පණිවිඩයට බොහොම පින්. (දී)
දැන් ඉතින් කුඩ්ඩෝ දැනගත යුතු දෙය තමයි පහුගිය කාලේ කොරපු සෙල්ලං දැන් කරන්ට බැරි බව. දැන් ඉතින් දිගට හරහට අල්ලනවා. කුඩ්ඩෝ කුඩේ කුඩු කරලයි නවතින්නේ ඕන්.(නදී)