කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අවන්හල් දෙකක අපවිත්‍ර ජලය පාරට මුදා හළ කඩ හිමියෝ දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී රුපියල් දෙදහස බැගින් දඩ කෑහ. මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් මෙසේ දඩ නියම කරනු ලැබුවෝ කඳපොල ඩබ් විජයකාන්ත හා ගිනිගත්හේනේ රවිචන්ද්‍ර ප්‍රභාත් යන දෙදෙනාය.