හෙරොයින් ග‍්‍රෑම් 27ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි කියන නඩුවක නිදොස් කොට නිදහස් කැරුණු තරුණ කාන්තාවක් අධිකරණයේදී දෙදණ බිම තබා කොළඔ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතාට වැඳ වැටුණාය.
මෙම විත්තිකාරිය හෙරොයින් ජාවාරමට කිසි`දු සම්බන්ධතාවයක් නැති බව පොලිස් නිළධාරීන්ගේ සටහන් වලින්ම පෙනෙන්නට ඇති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතාද කීවේය.
විත්තිකාරියගේ තන පටය අස්සෙන් හෙරොයින් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසද්දී වැටලීම මෙහෙය වු ප‍්‍රධාන පොලිස් පරිකෂක පොලිස් පොතේ සටහන් තබා ඇත්තේ ඇගේ කඬේ, හාල් ගෝනිය අස්සේ තිබී කුඩු පාර්සලය සොයා ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයක් ඉදිරියට ගෙනයන්නට මහේස්ත්‍රාත්වරු අවශ්‍ය තමයි. ඒත් ඉතින් පොලිසියේ වැරදි නිසා නීතිඥ තැනගේ දක්ෂතා නිසා වැරදි මිනිහෙක් ගැහැණියෙක් හිරේට පෝරකේට යවන්න මහේස්ත්‍රාත්වරයෙකුට සිදුවෙන්න පුළුවන් නේද? තීන්දුව දෙන්නේ බොහෝවිට සහසුද්දෙන්ම ඇත්ත දැනගෙන නොවෙයිනේ හැමවිටම. තිබෙන සාක්කි කිරලා මැනලානේ. අනේ ඉතින් මට හිතෙන හැටි තමයි ඔය.... (නි)
කවුරු නිවැරදිද කියන්න මම දන්නේ නැහැ. මීට පස්සේ පරෙස්සමෙන්. (නි)
අපේ ලංකාවේ පොලිසිය ගැන විශ්වාසයක් තියන්න පුලුවන්ද? රටක රජයේ සේවකයන් යනු පොදු ජනතාව විශ්වාසය තබන විශ්වාසදායී වගකීමක් සහිත පුද්ගලයින් වියයුතුයි. වගකීමක් සහිත රජයක් මුලින්ම පොලිසිය පිරිසිදු කළයුතුයි. එය ජාතික අවශ්‍යතාවයක්. (නි)
එතකොට පොලොසියට විරුද්ධව කිරියමර්ගයක් නෑ.? (ර)