බස්නාහිර පළාත් සභාවේ දේශපාලකයකුට අවනත නොවීයැයි ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා ඉවත් කොට ඒ වෙනුවෙට මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගම්පහ කලාපයට පත් කර ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට අද (11) පැවසීය.
එම දේශපාලකයා කලාප කාර්යාලයයට පැමිණි විට කලාප අධ්‍යක්ෂගේ පුටුවේ වාඩිවීමට ඉඩ නොදීම, පාසල් උත්සවයක දී කාලප අධ්‍යක්ෂ එම දේශපාලකයා ළඟින් වාඩි නොවීම ඇතුළු කාරණා කිහිපයක් නිසා මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවට තොරතුරු ඇතැයි ද, ඒ ගැන පළාත් සභාවේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදීද කතාබහට ලක්වී ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
දේශපාලකයන්ගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාතේ කලාප කාර්යාලවල ව්‍යූහ කමිටු පවත් වන බවත්, ඒවා නීත්‍යනුකූල නොවන බවත්, අධ්‍යාපනය දේශපාලනීකරණය කිරීමට පසුගිය කාලයේ පිහිටැවූ මේ කමිටු වත්මන් පාලනය යටතේ ද අහෝසි කර නැති බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය.
දේශපාලන හේතූන් මත සිදු කළ ස්ථාන මාරුව අවලංගු නොකළහොත් බස්නාහිර පළාතේ සියලු ගුරුවරුන් සමග එක්ව විරෝධතාවක් සහ වැඩ වර්ජනයක් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මේ ගැන කළ විමසීමක දී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා කීවේ නිලධාරීන් ස්ථාන මාරු කරන්නේ තමා නොවන ලේකම්වරයා බවයි. අධ්‍යාපන උපදේශක කාරක සභාවේ දී කතා කළ දෑ සාමූහික වගකීම යටතේ හෙළි කළ නොහැකි බවත්, කලාප අධ්‍යක්ෂගේ ස්ථානමාරුව ගැන පළාත් අධ්‍යාපන ලේකම්ගෙන් විමසන ලෙසත් ඔහු කීවේය.
පළාත් අධ්‍යාපන ලේකම් විජේබන්දු මහතා කීවේ එවැනි ස්ථාන මාරු කරන්නේ පළාත් ප්‍රධාන ලේකම්වරිය බැවින් ගම්පහ කලාප අධ්‍යක්ෂ ඉවත් කළාදැයි තමා නොදන්නා බවයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා කීවේ ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග කටයුතු කළ නොහැකි බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු චෝදනා කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා තමාට දැන්වූ බවයි. ගම්පහ කලාපයේ ව්‍යූහ කමිටු සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවත්, එනිසා පළාත් ප්‍රධාන ලේකම්වරිය ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මිනුවන්ගොඩ කලාපයටත්, මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ වරිය ගම්පහටත් මාරු කළ බවත් ලෝගේෂ්වරන් මහතා කීවේය. තමා මිනුවන්ගොඩට ස්ථාන මාරු කරන ලෙස ගම්පහ කලාප අධ්‍යක්ෂ ඉල්ලා තිබුණු බව ද ආණ්ඩුකාරවාරයා සඳහන් කළේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ මිනුවන්ගොඩ කලාපයට ස්ථාන මාරු කරන ලෙස ගම්පහ කලාප අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කර නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලක් අප විද්‍යාලයේ විදුහල්පති ලෙසත් සේවය කළ මල්ලවාරච්චි මහතා දේශපාලකයින්ට කොන්ද නොනමන පුද්ගලයෙක් , එනිසාම එතුමා අද අමාරුවේ වැටිලා (ම)
දැන්වත් ලංකාවේ මිනිසුන්ට තේරෙයි දේශපාලනයට ඇතුල්වීමට අධ්‍යාපනය සුදුසුකමක් පැනවිය යුතුයි කියල (ම)
මගේ බිරිඳත් අධ්‍යාපනයට සම්බන්ධ හින්දා දන්නවා දේශපාලුවෝ මේ රටේ කිසිම හොඳ වැඩක් කරන්න දෙන්නේ නැති බව. මේ රට ගැන හරිම දුකක් ඇතිවෙන්නේ. අටවත් පාස් නැති දේශපාලුවන් සිටින රටක අනාගතය ගැන කවර කතාද? (නි)
මේක මොන විදිහේ යහපාලනයක්ද? දේශපාලුවෝ කිව්වහමද නීතියට වැඩකරන නිලධාරින්ට ස්ථාන මාරු දෙන්නේ? (නි)
රජයේ සේවයට අත නොතැබිය යුතුයි. (ර)
මම යක්කල. මම දන්නවා ඇතිවුණ ප්‍රශ්නය. මේ මහත්තයා ගැන මමත් දන්නවා. හරි හොඳ කෙළින් නීතියට වැඩ කරපු මහත්මයෙක්. (නි)
තමන්ට නැති අධ්‍යාපනයක් තවත් අයට ලබා දෙනවට කවුරුත් කැමති නැහැ. (බ)