අමු තේ දලු මිල පහත වැටීම සහ තේ ආර්ථිකයේ කඩා වැටීම සම්බ්න්ධව රජය කඩිනම් විසඳුම් ලබාදීය යුතු බව ප‍්‍රකාශකරමින් කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ රත්නපුර දිස්ත‍්‍රික් සංවිධානය මෙහයෙවූ උද්ඝෝෂණයක් අද (23) රත්නපුර ඔරලෝසු කණුව අබියසදී පැවැත්විණ.
මෙහිදී උද්ඝෝෂණයේ යෙදුණ කුඩා තේවතු හිමියන් පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ පහතරට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 50 -53 අතර පවතින හෙයින් ඔවුන් දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බවයි. එසේම අමු තේ දලු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 60 ක් පමණ වන හෙයින් කුඩා තේවතු හිමියන් හා තේවතු ගොවීන් විශාල වශයෙන් පාඩු ලබන බවද ඔවුහු කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කර්මාන්ත නැතිවෙලා යන්න නම් ඉඩතියන්න එපා (නි)
මේවා නැති වෙලාම යන්න ඔනේ. ඡන්දෙ දුන්නේ. (අ)
ඇයි දන්නෙ නැහැ කිසිම දේශපාලඥයෙක් මෙම කුඩා කර්මාන්ත වල සංවර්ධනය වෙනුවෙන් එතරම් උනන්දුවකින් කටයුතු නොකරන්නේ?
දැන් රජය තේ දළු මිල නැග්ගුවා කියමු.එතකොට තේ කොළ වල මිල ඉහල ගියාම ඒ තේවලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. මොකද ලෝකයට තේ සපයන්නේ ලංකාව විතරක් නෙවෙයිනේ. දැන් දියර කිරි වලට වෙලා තියෙන්නෙ ඒ විදිහට රජය අත පොවලා පුද්ගලික අංශයෙන් දියර කිරි ඒ මිලට ගන්න බැරි නිසා පිටි කිරි කර්මාන්ත වලට භාවිතා කිරීම.තේ විතරක් නෙවෙයි ඕනෑම කර්මාන්තයක් ස්වාධීනව නැඟී හිටින්න දන්නේ නැත්නම් ඉදිරියක් න(රේ)
තේ මිල සම්බන්ධයෙන් රජය වහා මැදිහත් වියයුතුයි.(රේ)
චන්දෙට නම් පොරොන්දු උනේ 90 දෙනවා කියල.අපි චන්දෙත් දුන්නේ.(රේ)
මහින්ද පරද්දුවනේ. ඒ ඇතින(රේ)
අයි 80.00 දෙනවා කියල නේද කිව්ව(රේ)
අපේ රටේ මිනිස්සුන් බඩ ගැන හිතලානේ ඡන්දෙ දුන්නේ .දැන් සතුටු හිතෙයි (ත)
දළු වල මිල පහත වැටුනට අපි බොන තේ කිලෝවක් රුපියල් 1000ක් විතර වෙනවා. එහෙම නම් ඒවායේ මිලත් අඩුවෙන්න ඕනෑ නේද? (නි)
හැබැයි දළු මිල වැඩි වනවිට කවුරුවත් සද්ද නැහැ. (නි)
මේ විනාශයට දොර ඇරියේ වතු ජනසතු කිරීමෙන්. ලන්ඩන් තේ වෙළදපොළ ලංකාවට අහිමිවුණා. ලංකාවෙන් ගිය යුරෝපීයයන් අප්‍රිකානු රටවල තේ වගාකළා. දැන් අප්‍රිකානු රටවල් ඉදිරියෙන් ඉන්නවා. (නි)
අශාන්, මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි, තමන්ගේ නිෂ්පාදන විකුණ ගන්න නිෂ්පාදකයා නොදන්න එක.භාණ්ඩයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව,ඒකට කෘත්‍රිමව අත දැම්මම වෙන්නේ මුළු ආර්ථිකයම අර්බුධයට යාම.මේ තේ දළු ලොකු ගානට ගත්තා කියමු,කවුද ඒ ගානට තේ කොළ ගන්නේ?(අ)
තේ මිල අඩුවෙලා තියෙන්නෙ අපේ තේ ගන්න පිටරටවල අයගේ ඉල්ලුම් අඩුවෙලා තියෙන නිසා.මට නම් තේරෙන්නෙ නෑ හැමදාම ආණ්ඩුවට සහනාධාර දෙන්න පුළුවන්ද කියල.(රේ)
බඩ ගැන හිතලා, බඩ වඩාගන්න හිතාගෙන ඡන්දෙ දුන් ගොයියලගේ බඩට වදිනකොට ඉහමොළ රත්වෙනවා ඇති (නි)
ලංකාවේ තේ වල ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ ගුණාත්මකබාවයෙන් අඩු තේ අපනයනය කිරීම නිසා. (නි)
හිමල් නොදන්න දේවල් කියවන්න එපා මහින්දගෙ කාලේ තේ දළු වලට 80 දුන්න අඩු වුනත් 65-70 වෙලේ අායේ ඉක්මනට වැඩි වෙනව එ්ත් මේ ආන්ඩුව අගොස්තු ඡන්දෙ කිට්ටුව 80 දිලා ඡන්දෙ ඉවරවුණු ගමන් 50 ට විතර අඩු කලා අනික ඡන්දය ගන්නකොට කිවේ අසුව දෙනව කියල එක අතකින් මේක හොදයි බඩ ගැන හිතල ඡන්දෙ දිපු මිනිස්සුට දැනෙන්නත් එක්ක යහපාලනේට (බ)
මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්න වල නම් අඩුවක් නැහැ (නි)