යුද හමුදාව හැර ගිය පුද්ගලයකු ද හමුදා භටයන් තිදෙනකු ද තවත් අයකු ද සමග පොලිස් වෙසින් ගොස්, හොරෝයින් මත්කුඩු විකුණන්නකුගෙන් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි. කුඩු විකුණන්නකුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පමක් ගන්නා බවත් මුදල් නොමැති නම් රන්මාල, අත්පළඳනා, මුදු ආදිය ද ගන්නා බවත් පොලිසිය කියයි. සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති පී.ජී.එස්.ආර් සංජීව මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීපාල් ඔබ හරි, සපුගස්කන්ද කැළණියට ලගයි. සමහරවිට දේශපාලන බලපෑමක් ආවද දන්නේ නැහැ.(නදී)
කුඩු කාරයෝනේ අල්ලන්න තිබ්බේ. (අ)
සපුගස්කන්ද කොලොන්නාවටත් හොදටම ළගයි.(නදී)
එතකොට කුඩු විකුනපු කෙනා අල්ලලා නැහැ වගේ...(අ)
හොරුන්ගෙත් හොරු කම්බා හොරුනේ ! (අ)
එතකොට කුඩු කරයා පොලිසියට පැමිණිලි කරල ද අපි කුඩු විකුණලා හොයන සල්ලි කප්පම් ගන්නවා කියල (අ)
එතොකට මේ පොලිසියට කෝල් කරලා තියෙන්න කුඩු කාරයෝද? (දී)
එතකොට කුඩු කරයා පොලිසියට පැමිණිලි කරල ද අපි කුඩු විකුණලා හොයන සල්ලි කප්පම් ගන්නවා කියල? (දී)
වැඩේ වැරදි උනත් සල්ලි අරගෙන තියෙන්නේ අපරාද කරයින්ගේන්නේ. එක අතකින් එයාලා කරලා තියෙන්නේ හොද වැඩක්. පොලිසියේ අයගේ සාක්කුවට යන්න තිබුන සල්ලිනේ මෙයාලා අරගෙන තියෙන්නේ. ඒ තරහ පිරිමහගන්නත් එක්ක කුඩු කාරයාගේ පැමිණිල්ලට වෙන්න ඇති මේ අයව අත්අඩංගුවට අරගන්න ඇත්තේ. එතකොට දැන් මෙයාලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද.? (නදී)
ලංකාදීපේ හින්දා අපි කුඩේ කුඩු. දුන්කුඩ්ඩා තියා දන්කුඩ්ඩාවත් බේරා ගන්න බැහැ නේද පැටියෝ.(නදී)
පොලිසියට නවත්වන්න බැරි කුඩු ව්‍යාපාරය හොර පොලිසිය නිසා නැවතිලා. ඉතින් ඒකනේ වෙන්න ඕනෙත්.(නදී)
මේ සිද්ධියෙන් එළිවෙන භයානක යථාර්තයක් තියෙනවා. හමුදාවෙන් පැනගිය පුද්ගලයන් මහා සමාජ ව්‍යසනයක් බව. හැම අපරාධයකම පිටුපස ඔවුන් ඉන්නවා. ඔවුන්ට හොඳ අවි පරිහරණ පුහුණුවකුත් තියෙනවා. බොහෝවිට ඒ කාලේ පන්නගත්තු ආයුධත් තියෙනවා. දුෂිත පොලිස් නිලධාරීනුත් උන්ට එකතු වුනාම ජනතාවට දෙවියන්ගේ පිහිටයි. (නදී)
හමුදා පුහුණුව රටේ සියලුම දෙනාට ලබා දිය යුතු බව තහවුරු වෙනවා. (නදී)
අලුත් රැකියා මන් පෙත් සොයා යාමක් ද ?(නදී)
ලංකාවේ පොලිසිය කොයි තරම් පහත මට්ටමක ඉන්නවා කියලද ඔයාලට හිතෙන්නේ. කුඩු විකුනුවට කමක් නැහැ දැන් කප්පම් ගත්ත එක තමයි වැරදි.(නදී)