‘අද දේශපාලනඥයන්ට කුඩු හා එතනෝල් චෝදනා එල්ල වෙනවා. මට එවැනි චෝදනාවක් එල්ල වුණොත් මම දිව ඇදගෙන මැරෙනවා. ඒත් අද දේශපාලනඥයන් එවැනි දේට බයක් නෑ. ඒ නිසාම දේශපාලනඥයන්ට මිනිසුන්ගේ ගෞරවයත් නැති වෙලා. ‘යැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ රැස්වීමක දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බලන්න මුණ පොඩ්ඩක් ඔබ තුමාගේ (දී)
ජනක මහත්තයෝ ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔබත් නොදැන නෙමෙයි කතාකරන්නේ. දෙන්නකෝ හෙරොයින්, එතනෝල් ගෙන්වන අයගේ නම් ටික. මෙහි සුලමුල ඔබත් දන්නවා.(නදී)
එහෙම නොකිය වෙන කරන්න දේකුත් නැහැනේ (දී)
කුඩු හා එතනෝල් නම් නොගෙනාව බව ඇත්ත, මේ දෙක හැර අනිත් ඔක්කොම දේවල් කරලා තිබෙනවා නේද? (දී)
දිවම ඇදගෙන මැරෙන්නේ ඇයි (දී)
හා හා බලාගෙනයි, රැලේ එවුන් හා හා! (දී)
ඔය කිව්වට එහෙම කරයිද ? දේසපාලනය කරන අය, කියන දේවල් කරනවානං ලංකාව අද සුර පුරයක්. (දී)
කතාව දෝලාවෙන් ගමන පයින්.(නදී)
කිසි ප්‍රශ්නයක් නැහැ. දේශපාලුවන්ට දිව දෙක්ක තියෙනවා.(නදී)
ඒ කියන්නේ එතුමා පිලිගන්නවා දැන් ඉන්න මැති ඇමතිවරුන් කුඩු සහ එතනෝල් වලට සම්බන්දයි කියලා.(නදී)
සමහර අයගේ දිවේ විතරක් නෙමේ කටත් ඇද වෙලා. (දී)
ඇත්තටම කුඩු චෝදනා ආවොත් දිව කපන්න ඕනේ (දී)
අලුත් දේසපාලන පොරොන්දුවක්ද?(දී)
කාවද ඉලක්ක කලේ ඇමතිතුමෝ...? මතු බලාපොරෝත්තුවකින්ද??? (දී)
අනේ අපේ ඇමති තුමා පව් (දිල්)
මැරෙන්න අවශ්‍ය නැත . මේවා කරන අපරාධකාරයන්ට දඩුවම් දෙන්න (දිල්)
ලංකාවට කුඩු සහ එන්තොල් තොගපිටින් ගෙන්වන්නේ කව්ද කියන එක පාර්ලිමේන්තුවම දන්නවා. ඉතින් ඇයි ඕක ප්‍රසිද්ධියේම නොකියා ඉන්නේ. (නදී)
ඕවා විකාර කතා (දී)
දිවවල් දෙකක් තියෙන හින්ද මැරෙන්නේ නැහැ.(නදී)
අනේ ඇත්ත මහත්තයෝ පුලුවන්නම් ඔය ලංකාවට කුඩු ගෙන්නන මිනිස්සු ටික අල්ලලා දෙන්නකෝ, ලොකු පිනක් (දී)
ඒ තරම්ම වගකීමෙන් කියන්නේ ඒ වගේ දේ වලට සම්භන්ද නැතුව ඇති (දී)
ඒක හොඳයි කුඩුවලට විතරක් දිව ඇදගෙන මැරෙනවා කිව්ව එක. මොකද අනිත්වා ගැන ඒ කියන්නේ පගා ගැහිලි , කොමිස් ගැහිලි ගැනත් කියලා දිව ඇදගෙන මැරෙනවා කියල කිවුවා නම්. එහෙනම් ඉතින් අපි දන්නවා කාටද පළමුවෙන් දිව ඇදගෙන මැරෙන්න වෙන්නේ කියලා.(නදී)
තේරුමක් නැති කතා (දී)
නිකන් විකාර කියනවන්න එපා මහත්තයෝ (දී)
දැන් ඔය අදින්න යන්නේ දිව දෙකෙන් කොයි එකද? (නදී)
ඔබගේ පියතුමා ඉතාමත් අවංක දේශපාලකයෙක් . ඔහුගේ අඩිපාරේ යන ඔබට දෙවිපිහිටයි ! (දී)
මෙවන් අනීතික වැඩ වෙන්නේ නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා, කෙහෙල් හොරාට තමයි ලංකාවේ නිතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ (දී)
වගකීමෙන් කල කතාවක්ද කොහෙද (දී)
අර කුඩු කන්ටේනරය ගැන අලුත්ම තත්වය මොකද (දී)
මහත්තයෝ රටට කුඩු එන එක නවත්තන්න මොකද ඒක තමයි අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් එකම සත් ක්‍රියාව (දී)
ලේකම් ලිපි දෙනකොට බලාගෙන (දී)
ජනක බණ්ඩාර කියන්නේ බණ්ඩාරනායක මහතාට හොඳ ශක්තියක් වුණ දිවංගත ටී.බී. තෙන්නකෝන් මහතාගේ එක් පුතෙක්. හිටපු අවංක පොලිස් නිලධාරියෙක්. වචනයේ පරි සමාප්තියෙන්ම බය නැති පුද්ගලයෙක්. ශක්ති කියන්න වගේ තමන් මැරෙන්නේ නැතුව අපරාධ කාරයින්ව පන්න දමන්න පෙරට එන්න ඕනේ.(දිල්)
ඇමති තුමණි, දේශපාලනයට අලුත ආපු පුතාට එහෙම ඒගොල්ලලත් එක්ක පයුරුපාසනයට යන්න දෙන්න නම් එපා. එහෙම උනොත් නම් ඉතින් දිව විතරක් නොවෙයි තව මොන මොන දේවල් ඇදගන්න වෙයිද කව්ද දන්නේ.(නදී)
දේශපාලකයෝ ගැන නම් අපි කතා නොකර සිටිමු මොකද මට කේන්ති යනවා (දී)
මොනවා කියුවත් වැඩක් නැහැ මහත්තයෝ ලංකාවට කොහොම කොහොම හරි කුඩු එනවානේ, මම කියන්නේ නැහැ ඔබතුමා ගෙනාවා කියලා (දී)
ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්තයාගේ විහිළුවලට මට තනියම හිනා.(නදී)
මම පිරිසිදුයි, අවංකයි කියා කියා ඉඳල හරියන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට / රජයේ සේවකයින්ට බලපාන සාමාන්‍ය නීතියට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුත් යටත් වෙන විදියේ නීතියක් ඔබගේ ප්‍රමුකත්වයෙන් යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගන්න.(නදී) ඔයගොල්ලොත් රජයේ සේවකයෝ හෙටියට පෙන්සිඔන් ගන්න උදවිය නේද ? ආඉඑ ඔබතුමන්ලාට විතරක් වෙනම නීතියක් සහ විශේෂ වරප්‍රසාද භුක්ති වින්දීමෙය් අටිතියක් ?
ඇමති තුමා මැරෙන්න ඕන නැහැ. රටේ සදාචාරය ආරක්ෂා කරලා දෙන්න. (නදී)
අයියෝ ඕක මොකද්ද .....ඔය ගොල්ලන්ට දිවවල් දෙකක් තියනවනේ....එකක් අඩු උනාට ප්‍රස්නයක් නැහැ.(නදී)
එතකොට දඹුලු විහාරයට විරුද්ධව උදව් කළ වෙලාවේ? (නදී)
මේක නිකන් හොරාට පෙර කෙහෙල්කෙන වැට පැන්නා වගේ කතාවක් නේ .(නදී)
ළඟදීම මුළු ලංකාවම කුඩේ කුඩුවේයිද ? (අ)
කුඩු හා එතනෝල් නැතුව ඒවාට සමගාමිව යන වෙන චෝදනා අවොත්?(දිල්)
දිවවල් දෙකක් තියන නිසා බයවෙන්න දෙයක් නැහැ. එකක් ඇද්දට මැරෙන්නේ නැහැනේ.(නදී)
දිව දෙකක් තියෙන නිසා එකක් ඇද ගත්තට මැරෙන්නේ නැහැ.(නදී)
එහෙනම් දවසකට දේශපාලනඥයි කීදෙනෙක්ට මෙහෙම මැරෙන්න වෙයිද?(දිල්)
රජකාලේ රජතුමාට හකුරු හැදු අයත් ඔය වගේ කතාවක් කීව බව මම අහල තියෙනවා. එම ප්‍රකාශය ස්ථීරවම ක්‍රියාවට නැගේද කියා පරීක්ෂනයක් පවත්වන්න කියා රජු අණකළේය එවිට හකුරු සාදන්නා කියන විදියටම කරන්නේ කවුද කියා ඇසුවාලු. ජනක මහතාත් ඒ වගේ ව්හිළුවක් කරලා වගේ.(නදී)
කුඩු ගෙන්නන දේශපාලකයන්ගේ නම කියන්නවත් ආත්ම ශක්තියක් නැති කොට දිව ඇදගෙන මැරෙන්න පුළුවන් කියල අපි විස්වාස කරන්නේ කොහොමද? (නදී)
ඇත්ත ඇති සැටියෙන් අදහස් නිර්බයව ප්‍රකාශ කිරීම ගැන ඔබට තුති . (දී)