දක්ෂින අධිවේගී මාර්ගයේ මුල්ලනිය හා කරගස්තොට අතර වැටක යකඩ රාමු 33 ක් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
යකඩවලින් කොටසක් කඩයකට විකුනා තිබූ අතර තවත් කොටසක් කැළයෙන් සොයාගෙන ඇත.
සැකකරු හෙරොයින් මත් කුඩු වලට ඇබ්බැහි වි සිටි බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු වැඩේ හරියි කියනවා නෙමෙයි. ඇයි දෙය්යනේ පොඩි මිනිහවම අල්ලන්නේ????????????????????? (දී)
ඒ වැඩේ නම් වැරදි තමයි (දී)
පන පිටින් ඉන්න මිනිස්සුන්ගේ කන කපන්නේ කරාබු ගන්න ඕවා මොනවාද (දී)
මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
මේකට පොලිසියෙත් කව්රුහරි හවුල් ඇති. යකඩ රාමු 33 ක් කපන කම් බලන් හිටියද? ඒකට සෑහෙන වෙලාවක් ගතවෙනනෙ. (නදී)
අදිවේගේ හදනකොට රුපියල් කෝටි 2620 කොමිස් ගැහැව්වා . මේ පුද්ගලයා රුපියල් 200 ක විතර දෙයක් අරන් තියෙන්නේ. මෙයා පොලිස් අත්අඩංගුවේ අරයා ජොලියේ ඉන්නවා. ලොක්කන්ට හොදනම් පොඩි අයත් ටිකක් කෑවම මොකද? (නදී)
ලඟදි අහුවුණු කුඩු කන්ටේනරයෙන් භාගයක් අතුරුදහන්ලු. ඒ වගේ දෙයක් ප්‍රබල පුද්ගලයෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට කරන්න බැහැ. බලවත් පුද්ගලයෝ කුඩු ගෙනවිත් මිනිසුන්ට විකුනනවා තම ගෝල බාලයෝ හරහා, මේ වගේ දේවල් තව තව වෙන්න ඕනෑ බලධාරීන්ගේ ඇස් ඇරෙන්න. එතකොටවත් බලමු වගකිව යුත්තෝ මත්කුඩු තුරන් කරන්න පියවර ගනීවිද කියලා.(නදී)
තව මල් මල් මාලා ටිකක් දැම්ම නම් හරි.(නදී)
කුඩු රටට ආනයනය කළ අයට දැන් සනීපෙට නින්ද යනවා ඇති නේද (අ)
කුඩු ගහන්න නම් ඕක කලේ ,එක අතකට එකේ ඇති වරදක් නෑ.සල්ලි කැරකෙන චක්‍රේ අපිට දැන් ටිකටික තේරෙනවනේ .(අ)
ලොකු මිනිස්සු කෝටි ගනන් කොමිස් ගහනවා. මේ පුද්ගලයා රුපියල් 2000 ක විතර දෙයක් අරන් තියෙන්නේ. මෙයා පොලිස් අත් අඩංගුවේ අරයා ජොලියේ ඉන්නවා. ලොක්කන්ට හොඳ නම් පොඩි අයත් ටිකක් කෑවම මොකද? (නදී)
පොලිසියල සතු රාජකාරිය කරගන්න බැරිවීම ගැන ලැජ්ජාවක් නැතුව මාධ්‍යටත් එන්න කියල පින්තුරත් ගහන්න ඉඩ දීල.ඒ මදිවට පොලිසිය ඇතුලත එක්කන් ගිහිලත් පෙන්නනහැටි බල්ලන්න දුකයි අනේ.(අ)
මහජන දේපල හොරකන් කරන අයව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ ......මගේ අදහස (අ)
කාලකන්නි (අ)
ලංකාව සියලු දුස්චරිත වල කේන්ද්‍රස්ථානය වීමට වැඩි කලක් ගතවෙන එකක් නැහැ.(නදී)
මහජන දේපල සොරා ගන්නා අයට රජයෙන් දෙන සහනාදාර නවත්වන්න.(නදී)
සුමංගල-ඇල්පිටිය.සල්ලි කැරකෙන චක්‍රය අපිට දැන් ටිකටික තේරෙනවනේ. තව ඉදිරියට හොදටම තේරේවි.(නදී)
මේ යන ක්‍රමයට ඇදුමක් ඇදගෙන පාරක බැහැල යන්න බැරි කාලයක් උදා වෙනවා. ඇඳුම ගලවාගෙන ගිහින් විකුණලා කුඩු ගහන තරමට රටට කුඩු ආනයනය කරලා තියෙන්නේ. කුඩු කොට්ට 5ක් (කිලෝ 262) කියන්නේ පොඩි සෙල්ලමක්ද? (නදී)
කුඩු ගෙනාපු එකා සුදුරෙදි පොරවාගෙන අනේ මම අහිංසක කීයා වැලපෙ පව්..................... කුඩු ගන්න ගියා එකා හිරේ නිතිය වල් වැදිලද ? (දී)
සුමංගල , මා නැවතත් මේ බිමේ උපදී නම් ,අංගොඩ මානසික රෝහලේ ලෙඩකු වී මිස අන් තැනක නුපදීවා ,(මගේ අලුත් අරුදු පැතුම ) (අ)
ලංකාවේ නිතිය ගැන නම් මට කිසිම විස්වාසයක් නැහැ (දී)
මේ කුඩු කොහොමද රටට ආවේ කියලා හොයා බලන්න (දී)
ආරක්ෂකයෝ නැද්ද මේ තැන වල (දී)
මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන හිතන තරම තමයි ඔය (දී)
ලෝකෙටම කරුමයක් උන මේ කුඩු නවත්තන්න විදිහක් නැද්ද (දී)
මොකද්ද මේකට කියන්නේ කරුමෙද (දී)
කුඩු බොන එකාට දඩුවම් කරලා කුඩු ආනයනය කරන අයව මල් මාල දාල පිළිගන්න යුගය පවතිනකල් මේවා නතර වෙන්නේ නැහැ. දැන් රටම දන්නවා කුඩු ගෙන්වන්නේ කවුද?බෙදාහරින්නේ කොහොමද? එම මුදල් බෙදීයන්නේ කොහාටද? මේ මුදල් වලින් කරන්නේ මොනවද කියන එක. මුදල් වෙනුවෙන් හැමෝම සම්මාදම් වෙලා ඉන්නේ.(නදී)
පාර්ලිමේන්තුවෙන් පටන්ගන්න ඕනෑ වැඩක්.(නදී)
මහජන දේපල මිලදී ගැනීමත් තහනම් කරන්න ඕනේ.(නදී)
කුඩු ගහන්න. බලන්න මොන තරම් කැත වචනයක්ද කියලා. බැරිද කට්ටියම එකතුවෙලා හොද නමක් දාන්න? (නදී)
ධර්ම රාජ්‍යක් උදෙසා පාර්ලිමේන්තු ගිය කට්ටියත් තාම ඉන්නවා නේද? (නදී)
ටිකිරි බන්ඩා, ධර්ම රාජය කොහොම උනත් මේ ගෙන්වන අති විශාල කුඩු නිසා මෘග රාජ්ජයක් නම් බිහිවෙමින් පවතිනවා.(නදී)