IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩු ගහන්න ගෙවල් 11ක් බිඳලා

හෝමාගම කොට්ටාව හා පිළියන්දල නිවාස 11ක් මාස 4කදී  මහදවල් කඩා රුපියල් ලක්ෂ 10ක ලප්ටොප්, අත් ඔරලෝසු, කැමරා ආදිය සොරාගත් පුද්ගලයෙක් හෝමාගම දී අද (20) අත්අඩංගුවට ගනු ලැබීය. 11 වසරක් සිර දඬුවම් විඳි බව කියන මොහු මත්කුඩු ගැනීමට මුදල් සොයා ගැනීමට සොරකමට අබ්බැහිවී සිටිතියි පොලිසිය කියයි. කොට්ටාව මාකදුර බෝගහ ළඟ දී අත්අඩංගවට ගැනීමෙන් පසු මේ තොරතුරු පොලිසිය පවසා ඇත.



අදහස් (0)

කුඩු ගහන්න ගෙවල් 11ක් බිඳලා

පිටබැද්දර ජයා Saturday, 20 July 2013 06:24 PM

අපේ වග කිවයුතු අංශ තාමත් නිදි කිරනවා.(නදී)

:       0       0

වීර Sunday, 21 July 2013 09:30 AM

කුඩු ගෙන එන අය මේවට වග කියන්න ඕනේ. තමන්ගේ ළමයින්ට කුඩු නොදී අනිත් පොඩි දරුවන්ට කුඩු දෙන්න තරම් ඇයි මේ කට්ටිය පහත් වුනේ. බන්දුල කියන ආකාරයටම මේකත් අපේ ජාතිය විනාශ කරන එක කුමන්ත්‍රනයක්.(නදී)

:       0       0

විමල් Saturday, 20 July 2013 09:18 PM

ලංකාවේ දුප්පත් කම වැඩි වෙලා (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 20 July 2013 09:51 PM

කුඩු ගහන්න කුඩුවත් කඩයිද (දී)

:       0       0

සම්පත් Saturday, 20 July 2013 01:59 PM

කුඩ්ඩෝ භංග වේවා.. (දී)

:       0       0

මාගලි ෆනෑන්දු Saturday, 20 July 2013 02:22 PM

කාටද ආඩම්බර නේද ? නිවාස 11ක් මාස 4කදී මහදවල් කඩා රුපියල් ලක්ෂ 10ක ලප්ටොප්, අත් ඔරලෝසු, කැමරා හොරකම් කරන අය ඉන්න රටක් දැන් (දී)

:       0       0

චමින්ද ජයනාත් Sunday, 21 July 2013 12:03 AM

බුදු අම්මේ මම හිතන්නෙ ලංකාවෙන් භාගයක්ම දැන් කුඩු කියල. ලංකාව දැන් කවුරුවත් ආක්‍රමණය කරන්ඩ ඕන නෑ. තව අවුරුදු දහයකින් පහලවකින් අපේ ඉදිරි පරපුර කුඩු වලින්ම ඔත්පල වෙයි. (අ)

:       0       0

බන්දුල කටාර් Sunday, 21 July 2013 01:37 AM

ලංකාවට කුඩු ගේන අයට මරණ දඩුවම දෙනවා නම් හොදයි. නමුත් ඉතින් සමහර දේශපාලුවොත් මේකට සම්බන්දයි කියලා අසන්නත් ලැබෙනවා. එහෙම නම් ඒක වෙන්නෙත් නැහැනේ. සමහර අය විරුද්ධ වෙන්නේ හරක් මරනවටයි, අන්‍ය ආගම් කරණයටයි විතරයි, කුඩු වලට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි. හරක් මස් කෑවා කියලා හරි ආගම වෙනස් කළා කියලා හරි ජාතියක් විනාශ වුනා කියලා අපි නම් අහලා නැහැ. නමුත් තව ටික කාලෙකින් සිංහල බෞද්ධ කියන ජාතිය නැත්තටම නැති වෙලා යයි කුඩු නිසා.(නදී)

:       0       0

උපාලි Sunday, 21 July 2013 05:12 AM

කියමනක් තියෙනවා 'ප්‍රශ්නයක් විසඳන්න අවංක උවමනාවක් ඇති වුනා නම් ප්‍රශ්නයෙන් බාගයක් විසඳුනාට සමානයි' කියලා. මේ භයානක ප්‍රශ්නය විසඳන්න ඇත්තටම කියනවා නම් කාටවත් අවංක උවමනාවක් නැහැ. මේකට සම්බන්ධ පාර්ශ්වයන් ශක්තිමත් ජාලයකින් බැඳිලා ඉන්නේ. ඉහල තලයේ දේශපාලුවන් හා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ඒ ජාලය එකට බැදී පවතින තාක් මේ උවදුර විසඳීම බොරු.(නදී)

:       0       0

චන්දි Saturday, 20 July 2013 05:21 PM

මේ කුඩු ව්‍යයසනයක් නිසා අපේ රටට,මගේ රටට ගිය කලක්! අහෝ දෙවියනි, ඔබ කොහිද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site