හෝමාගම කොට්ටාව හා පිළියන්දල නිවාස 11ක් මාස 4කදී මහදවල් කඩා රුපියල් ලක්ෂ 10ක ලප්ටොප්, අත් ඔරලෝසු, කැමරා ආදිය සොරාගත් පුද්ගලයෙක් හෝමාගම දී අද (20) අත්අඩංගුවට ගනු ලැබීය. 11 වසරක් සිර දඬුවම් විඳි බව කියන මොහු මත්කුඩු ගැනීමට මුදල් සොයා ගැනීමට සොරකමට අබ්බැහිවී සිටිතියි පොලිසිය කියයි. කොට්ටාව මාකදුර බෝගහ ළඟ දී අත්අඩංගවට ගැනීමෙන් පසු මේ තොරතුරු පොලිසිය පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වග කිවයුතු අංශ තාමත් නිදි කිරනවා.(නදී)
කුඩු ගෙන එන අය මේවට වග කියන්න ඕනේ. තමන්ගේ ළමයින්ට කුඩු නොදී අනිත් පොඩි දරුවන්ට කුඩු දෙන්න තරම් ඇයි මේ කට්ටිය පහත් වුනේ. බන්දුල කියන ආකාරයටම මේකත් අපේ ජාතිය විනාශ කරන එක කුමන්ත්‍රනයක්.(නදී)
ලංකාවේ දුප්පත් කම වැඩි වෙලා (දී)
කුඩු ගහන්න කුඩුවත් කඩයිද (දී)
කුඩ්ඩෝ භංග වේවා.. (දී)
කාටද ආඩම්බර නේද ? නිවාස 11ක් මාස 4කදී මහදවල් කඩා රුපියල් ලක්ෂ 10ක ලප්ටොප්, අත් ඔරලෝසු, කැමරා හොරකම් කරන අය ඉන්න රටක් දැන් (දී)
බුදු අම්මේ මම හිතන්නෙ ලංකාවෙන් භාගයක්ම දැන් කුඩු කියල. ලංකාව දැන් කවුරුවත් ආක්‍රමණය කරන්ඩ ඕන නෑ. තව අවුරුදු දහයකින් පහලවකින් අපේ ඉදිරි පරපුර කුඩු වලින්ම ඔත්පල වෙයි. (අ)
ලංකාවට කුඩු ගේන අයට මරණ දඩුවම දෙනවා නම් හොදයි. නමුත් ඉතින් සමහර දේශපාලුවොත් මේකට සම්බන්දයි කියලා අසන්නත් ලැබෙනවා. එහෙම නම් ඒක වෙන්නෙත් නැහැනේ. සමහර අය විරුද්ධ වෙන්නේ හරක් මරනවටයි, අන්‍ය ආගම් කරණයටයි විතරයි, කුඩු වලට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි. හරක් මස් කෑවා කියලා හරි ආගම වෙනස් කළා කියලා හරි ජාතියක් විනාශ වුනා කියලා අපි නම් අහලා නැහැ. නමුත් තව ටික කාලෙකින් සිංහල බෞද්ධ කියන ජාතිය නැත්තටම නැති වෙලා යයි කුඩු නිසා.(නදී)
කියමනක් තියෙනවා 'ප්‍රශ්නයක් විසඳන්න අවංක උවමනාවක් ඇති වුනා නම් ප්‍රශ්නයෙන් බාගයක් විසඳුනාට සමානයි' කියලා. මේ භයානක ප්‍රශ්නය විසඳන්න ඇත්තටම කියනවා නම් කාටවත් අවංක උවමනාවක් නැහැ. මේකට සම්බන්ධ පාර්ශ්වයන් ශක්තිමත් ජාලයකින් බැඳිලා ඉන්නේ. ඉහල තලයේ දේශපාලුවන් හා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ඒ ජාලය එකට බැදී පවතින තාක් මේ උවදුර විසඳීම බොරු.(නදී)
මේ කුඩු ව්‍යයසනයක් නිසා අපේ රටට,මගේ රටට ගිය කලක්! අහෝ දෙවියනි, ඔබ කොහිද ? (නි)